Main Logo

Showing posts with label Darwin. Show all posts
Showing posts with label Darwin. Show all posts

Friday, 1 November 2019

සිරිජාතිකවාදී මා

    සිංහල ලිත් ඉලක්කම්


සිරිජාතිකවාදී මා 




ඊයේ (ඔක්තෝම්බර් 31) මෙරට වැදගත් දිනයක්. පක්‍ෂ හා සංවිධාන දහහතක් එකතු වී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය ගොඩ නැගුවා. එහි ඇතැම් පක්‍ෂ හා සංවිධාන මැතිවරණ කොමිසමේ ලියා පදිංචි නැහැ. එය එතරම් වැදගත් නැහැ. ඇතැමුනට මේ නව සංධානය මීළඟ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා වූ වාහකයක් පමණයි. එයත් ඇතැමුන් තම පාක්‍ෂිකයන් ඉදිරිපත් කිරීම සඳහා උපක්‍රමයක් ලෙස යොදා ගන්නවා. පොදුජන පෙරමුණට හා ශ්‍රී ල නි පක්‍ෂයට හැරුණු විට අනෙක් පක්‍ෂ හා සංවිධාන සියල්ලට ම ලැබෙන්නේ අපේක්‍ෂකයන්ගෙන් 18%ක් පමණයි. එය පක්‍ෂ හා සංවිධාන පහළොවක් අතර බෙදී යන්න ඕන. ඒ පක්‍ෂකයට සාමාන්‍යයෙන් අපේක්‍ෂකයන් තුන්දෙනකු පමණ ලැබෙන්න පුළුවන්. ඇතැම් පක්‍ෂයකට එයට වැඩි වෙන්නත් අඩු වෙන්නත් පුළුවන්. ඊයේ සිට මහා මැතිවරණයට අපේක්‍ෂකයන් තේරීම නිල වශයෙන් ආරම්භ වුණා.

Saturday, 25 August 2018

බටහිර දැනුම හා සිංහල ජාතිය


බටහිර දැනුම හා සිංහල ජාතිය





මෙරට අවුරුදු ලක්‍ෂයකට වැඩි කාලයක් මිනිසුන් ජීවත් වන්න ඇති. මා බටහිර විද්‍යාඥයන්ගේ අප්‍රිකාවෙන් පිටතට කියන කතාව පිළිගන්නේ නැහැ. පසුගිය දා චීනයේ  අප්‍රිකාවට වැඩි කාලයක් මානවයන සිටි බවට ඊනියා සාක්‍ෂි ලැබුණා. මේ ඊනියා සාක්‍ෂි තමයි. ඒවාට අප සාක්‍ෂි කියන්නේ බටහිර විද්‍යාඥයන් එසේ කියන නිසා. ඒ සාක්‍ෂි ලෙස පිළිගැනීමට අපට බලකරන්නේත් බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන්. බටහිර විද්‍යාඥයන්ගේ ඊනියා සාක්‍ෂි අනුව අප අදහස් වෙනස් කර ගන්නවත් අදහස් ඇති කර ගන්නවත් අවශ්‍ය නැහැ. බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ අවජාතක දරුවන් නම් අදහස් ලබා ගන්නේ බටහිරින්.