අද පැවැත්වෙන පොදු ජන පෙරමුණේ ජාතික සම්මේලනයට සුබ පතනවා. ඒ එය පොදු ජනයාගේ, සිංහල පොදු ජනයාගේ පක්‍ෂයක් නිසා මිස පුද්ගලයකුගේ පක්‍ෂයක් නිසා නොවෙයි. පුද්ගලයකු පක්‍ෂය නිර්මාණය කළා නම් ඒ දිනේෂ් ගුණවර්ධන බව මා කියනවා. ඇතැමුන් පක්‍ෂයත් ගෝඨාභයත් තමන්ගේ බවට පත් කර ගන්න හදනවා. එයට ඉඩ නොදිය යුතුයි. මේ පක්‍ෂය නිර්මාණය කෙරුණේ ජනතාව අතින්. මේ ජනතාව කවුද යන්න පළමුවෙන් හඳුනා ගන්න ඕන.