මේ ලිපිය අරුණ පුවත්පතේ පළ නොකිරීමට එහි සංස්කාරක තීරණය කළේ මෙහි මගේ
පුද්ගලික කරුණක් දෙකක් ඇති නිසා විය හැකි ය. ඔහුට ශූන්‍යය ශූන්‍යයක් ම වී ඇත.
ඔහු කිසිවකුගේ පුද්ගලික තොරතුරු පළ
නොකරන්නේ දැයි නො දනිමි.
සිංහල ලිත් ඉලක්කම්
පාණදුරේ වෑකඩ බෞද්ධාලෝක විද්‍යාලය හා ශූන්‍යය
මේ ලිපිය මගේ පළමු පාසලට පසුගිය
සැප්තැම්බර් 30 වැනි දා අවුරුදු 130ක් පිරීම නිමිත්තෙනි. මෙය පාසලේ ඉතිහාසය පිළිබඳ
ව නො වේ. පාසල හා මා අතර සම්බන්ධයත් පාසලෙන් මට ලැබුණු දායාද සිංහලයන්ගේ විශිෂ්ට නිර්මාණයක් තේරුම්
ගැනීමට උපකාරී වූ ආකාරයත් මෙයින් කියැවෙයි. පළමුවෙන් ම පාසල බෞද්ධ පරමවිඥානාර්ථ සමාගම
විසින් පාලනය කෙරෙන අවධියෙහි එක් යුගයක එහි කළමනාකරු වූ රිචඩ් සල්ගාදු මහතා ද එහි
සේවය කළ ගුරු මහත්ම මහත්මීන් ද සිහිපත් කළ යුතු ය.