Main Logo

Showing posts with label Colombo. Show all posts
Showing posts with label Colombo. Show all posts

Saturday, 31 August 2019

ගෝලයන් යැයි කියන්නෝ

          සිංහල ලිත් ඉලක්කම්


ගෝලයන් යැයි කියන්නෝ




මා ජීවිතයේ කිසි දිනෙක එතරම් වැඩක් කළ අයකු නො වෙයි. මා බොහෝ විට කරන්නේ මා කැමති දේ පමණයි. කැමති දේ කිරීම වැඩ කිරීමක් නො වෙයි. පාසලේ දී මා අකමැති විෂය ඉගෙන ගත්තේ නැහැ. එවිට ඉගෙන ගැනීම වැඩක් වන්නේ නැහැ.අර වෙළෙඳ දැන්වීමක දෙමව්පියන් පුතාගෙ පාඩම් වැඩ ගැන කියනවා. මෙරට එක් ප්‍රශ්නයක් නම් පාඩම් වැඩ තිබීමයි. මා මේ ලිපි ලියන්නේ වැඩක් ලෙස සලකා නො වෙයි. මේ ලිපි කියවන්නේ ඉතා ටික දෙනකු පමණයි. මා ලියන්නේ මා කැමති නිසා මිස රටට ඊනියා වැඩක් කරන්න නො වෙයි. මා අකමැති දේ ද ඉඳහිට කරන්න සිදු වෙනවා. ඒ නම් වැඩක් කිරීමක්.