Main Logo

Showing posts with label Peradeniya. Show all posts
Showing posts with label Peradeniya. Show all posts

Thursday, 16 July 2020

හඳ සාක්කි කියන්නෙ නැහැ

෦  ෧   ෨   ෩   ෪   ෫   ෬  ෭   ෮  ෯

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9




හඳ සාක්කි කියන්නෙ නැහැ 

මගෙන් යමකු මහවැලි ගඟේ දිග කීය ද කියා ඇහුවොත් මා දන්නේ නැහැ. සමනළ කන්දේ උස දන්නෙත් නැහැ. ඒවා සමාජ සම්මතය ලෙස ගත් කල නිවැරදි ව කියන්න දන්න බොහෝ දෙනකු ලංකාවේ ඇති. ඒ සමහරු විශ්වවිද්‍යාලයකට එන්නේ නැහැ. ඒ ඔවුන්ගේ කැමැත්තට නොවෙයි. උසස් පෙළ පරීක්‍ෂණය නමැති කඩුල්ලේ උස ඔවුන්ට හරියට ගණනය කර ගන්න බැරි නිසා.  ඔවුන්ට  කඩුල්ල පැන ගන්න බැහැ. තවත් සමහරුන්ට අර සාමාන්‍ය දැනුම කියන දැනුමත් නැහැ කඩුල්ල පැන ගන්නත් බැහැ. ඔවුන්ගෙන් සමහරු දේශපාලන සම්බන්ධකම් මත පිටරට යනවා. ගිහින් ආවට පස්සෙ කන්දොස්කිරියාවෙ ඉන්න බැහැ. 

Friday, 12 June 2020

යළි සිංහල බෞද්ධයකු වීම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9




යළි සිංහල බෞද්ධයකු වීම


මා සිංහල බෞද්ධයෙක්. මගේ වත්මන් සිංහල බෞද්ධකම මට ගෙදරින් ලැබුණ එකක් නො වෙයි. ගෙදරින් ලැබුණු සිංහල බෞද්ධකම පසුව ලැබුණු බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය නිසා නැති වුණා. විද්‍යාඥයකු වීම, විප්ලවය සාක්‍ෂාත් කර ගැනීම ආදිය තමයි වයස අවුරුදු 14 (විද්‍යාඥයකු වීම), 18 (විප්ලවය) කාලයේ සිට තිබුණෙ. එහෙත් 1980 පමණ වන විට ඒ සියල්ල වෙනස් වෙන්න පටන් ගත්තා. 1970 වන විට මා දැන ගෙන හිටියා මට විද්‍යාඥයකු වීමට නොහැකි බව. අවුරුදු එකහමාරෙන්  ආචාර්ය උපාධියක් ලබා ගැනීම නේචර් වැනි සඟරාවල පත්‍රිකා පළ කිරීම ඒ තරම් වැඩ නො වෙයි. අමාරු වැඩේ මේවයින් කැඩෙන එක.  එතකොට (1970) මට වයස විසිපහක් පමණ ඇති. දැන් වයස ඒ වගේ තුන් ගුණයක්. 

Saturday, 31 August 2019

ගෝලයන් යැයි කියන්නෝ

          සිංහල ලිත් ඉලක්කම්


ගෝලයන් යැයි කියන්නෝ




මා ජීවිතයේ කිසි දිනෙක එතරම් වැඩක් කළ අයකු නො වෙයි. මා බොහෝ විට කරන්නේ මා කැමති දේ පමණයි. කැමති දේ කිරීම වැඩ කිරීමක් නො වෙයි. පාසලේ දී මා අකමැති විෂය ඉගෙන ගත්තේ නැහැ. එවිට ඉගෙන ගැනීම වැඩක් වන්නේ නැහැ.අර වෙළෙඳ දැන්වීමක දෙමව්පියන් පුතාගෙ පාඩම් වැඩ ගැන කියනවා. මෙරට එක් ප්‍රශ්නයක් නම් පාඩම් වැඩ තිබීමයි. මා මේ ලිපි ලියන්නේ වැඩක් ලෙස සලකා නො වෙයි. මේ ලිපි කියවන්නේ ඉතා ටික දෙනකු පමණයි. මා ලියන්නේ මා කැමති නිසා මිස රටට ඊනියා වැඩක් කරන්න නො වෙයි. මා අකමැති දේ ද ඉඳහිට කරන්න සිදු වෙනවා. ඒ නම් වැඩක් කිරීමක්.  

Friday, 4 May 2018

පේරාදෙණි සංවාද




පේරාදෙණි සංවාද



චන්න ජයසුමන මේ දිනවල ඔහුගේ මුහුණු පොතෙහි පිටුවේ පේරාදෙණි සංවාද මැයෙන් ලිපි පෙළක් ලියනවා. ඒ කියවන විට මට සතුටක් මෙන් ම කණගාටුවක් ද දැනෙනවා. මා හිතන්නේ සතුටට වඩා කණගාටුවක් කියා. සතුටට හේතුව අද ජාතික ව්‍යාපාරයෙන් කොන් කෙරී තිබුණත් යටගිය දවස එක්තරා වකවානුවක මා එහි සුළුවෙන් නමුත් ක්‍රියාකාරී ව සිටි නිසා. චන්න තම කතාව අවසන් කරන්නේ කිනම් වකවානුවක ද කියලා මා දන්නේ නැහැ. එහෙත් දැනට ඔහු කියන්නේ විසිඑක්වැනි සියවසේ මුල කතාවක්. එකල ජාතික ව්‍යාපාරය අද තරම් දේශපාලනීකරණයට ලක් වී තිබුණේ නැහැ. චම්පක ජාතික ව්‍යාපාරය දේශපාලනය වෙනුවෙන් ගසා කෑමට පටන් ගත්තා පමණයි. විමල්, මහින්ද ආදීන් ඒ ගැන හිතා තිබුණේ නැහැ. ඒ වාක්‍යය කියවූ විගස මා සමග වෛර බැඳගන්නා ජාතිකවාදීන් ඉන්නවා. ඒ සමහරු අද මට සිරිජාතිකවාදියා කියනවා.