පේරාදෙණි සංවාද
චන්න ජයසුමන මේ දිනවල ඔහුගේ මුහුණු පොතෙහි පිටුවේ පේරාදෙණි සංවාද
මැයෙන් ලිපි පෙළක් ලියනවා. ඒ කියවන විට මට සතුටක් මෙන් ම කණගාටුවක් ද දැනෙනවා. මා
හිතන්නේ සතුටට වඩා කණගාටුවක් කියා. සතුටට හේතුව අද ජාතික ව්‍යාපාරයෙන් කොන් කෙරී
තිබුණත් යටගිය දවස එක්තරා වකවානුවක මා එහි සුළුවෙන් නමුත් ක්‍රියාකාරී ව සිටි
නිසා. චන්න තම කතාව අවසන් කරන්නේ කිනම් වකවානුවක ද කියලා මා දන්නේ නැහැ. එහෙත්
දැනට ඔහු කියන්නේ විසිඑක්වැනි සියවසේ මුල කතාවක්. එකල ජාතික ව්‍යාපාරය අද තරම්
දේශපාලනීකරණයට ලක් වී තිබුණේ නැහැ. චම්පක ජාතික ව්‍යාපාරය දේශපාලනය වෙනුවෙන් ගසා
කෑමට පටන් ගත්තා පමණයි. විමල්, මහින්ද ආදීන් ඒ ගැන හිතා තිබුණේ නැහැ.
ඒ වාක්‍යය කියවූ විගස මා සමග වෛර බැඳගන්නා ජාතිකවාදීන් ඉන්නවා. ඒ සමහරු අද මට
සිරිජාතිකවාදියා කියනවා.