෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල
ලිත් ඉලක්කම්
0 1
2 3 4 5 6 7 8 9
යළි සිංහල බෞද්ධයකු වීම
මා සිංහල බෞද්ධයෙක්. මගේ වත්මන් සිංහල බෞද්ධකම මට ගෙදරින් ලැබුණ එකක් නො වෙයි. ගෙදරින් ලැබුණු සිංහල බෞද්ධකම පසුව ලැබුණු බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය නිසා නැති වුණා. විද්‍යාඥයකු වීම, විප්ලවය සාක්‍ෂාත් කර ගැනීම ආදිය තමයි වයස අවුරුදු 14 (විද්‍යාඥයකු වීම), 18 (විප්ලවය) කාලයේ සිට තිබුණෙ. එහෙත් 1980 පමණ වන විට ඒ සියල්ල වෙනස් වෙන්න පටන් ගත්තා. 1970 වන විට මා දැන ගෙන හිටියා මට විද්‍යාඥයකු වීමට නොහැකි බව. අවුරුදු එකහමාරෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීම නේචර් වැනි සඟරාවල පත්‍රිකා පළ කිරීම ඒ තරම් වැඩ නො වෙයි. අමාරු වැඩේ මේවයින් කැඩෙන එක. එතකොට (1970) මට වයස විසිපහක් පමණ ඇති. දැන් වයස ඒ වගේ තුන් ගුණයක්.