Main Logo

Showing posts with label Environment. Show all posts
Showing posts with label Environment. Show all posts

Thursday, 20 February 2020

පරිසරය අනුකාරකයන්ගේ පාරාදිසයක් නොවිය යුතුයි

 සිංහල ලිත් ඉලක්කම් 


පරිසරය අනුකාරකයන්ගේ පාරාදිසයක් නොවිය යුතුයි



පරිසරය රැකීම කියන්නේ බටහිර සංකල්පයක්. පරිසරය රකින්න අවශ්‍ය වන්නේ පරිසරය විනාශ කරන අයටයි. පරිසරය විනාශ කරනු ලැබුයේ බටහිරයන් විසින්. ඒ ඔවුන්ගේ ඊනියා දියුණුව වෙනුවෙන්. බටහිර සංවර්ධන ආකෘතිය පෙරදිග ආකෘතියෙන් වෙනස්. බටහිරයන් සියල්ල බැලුවේ මිනිසාට සාපේක්‍ෂ ව. එයින් කියන්නේ ඔවුන් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය අනුමත කළා ය යන්න නො වේ. මුළු ලොව ම මිනිසා වෙනුවෙන් මැවී ඇත යන්න ඔවුන්ගේ ආකල්පය වුණා.

Sunday, 16 February 2020

වෙන් කිරීම හා පොලු දැමීම

 සිංහල ලිත් ඉලක්කම්


වෙන් කිරීම හා පොලු දැමීම



ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ  2020 නීතිය පිළිබඳ සමුළුවක දී වැදගත් කතාවක් කර තිබුණා. සංවර්ධන කටයුතුවල දී නීතිය විධායකයට බාධා නොපැමිණ විය යුතු බවයි කියා තිබුණේ. දැන් පඬියන් ගත් කටට ම අහන්නේ මේ සංවර්ධනය බටහිර ද පෙරදිග ද කියා. එය කුමක් වුවත් මේ කතාවට අදාළ නැහැ. පඬියන් හිතන්නේ අප බරකරත්තයෙන් අනුරාධපුරේ යන පිරිසක් කියා. මා කිහිප වතාවක් ම මෙයට පිළිතුරු දී ඇති නමුත් පඬියන්ට එය තේරුම් ගැනීමට අවශ්‍යතාවක් නැහැ. 

Sunday, 16 April 2017

කුණු ප්‍රශ්නයට වග කිව යුත්තෝ  


කුණු ප්‍රශ්නයට වග කිව යුත්තෝ



මීතොටමුල්ල කුණු කන්දට යට වී ජනතාව මිය යෑම ගැන කණගාටුයි. ඒත් ඒ කණගාටුවෙන් ඒ ජනතාවට වැඩක් නැහැ. ඒ ජීවිත ලබා දෙන්න කිසිවකුට බැහැ. ඒ ජීවිත හානියට වග කිව යුත්තේ කවු ද?  දේශපාලනඥයන්, නිලධාරීන් ආදීන් මෙන් ම ජනතාවත් එයට වග කිව යුතුයි. අප සියලු දෙනාම වග කිව යුතුයි. මේ තමයි ඊනියා දියුණුව. ශිල්ප දන්නා අයට වැදගත්කමක් නොදී ශාස්ත්‍ර නොදැන ශාස්ත්‍ර ගැන පුරසාරම් දොඩන අය මෙයට වග කිව යුතුයි.


මේ ලෝකයේ මෙවැන්නක් සිදු වූ පළමු අවස්ථාව නො වෙයි. මෑතක දී ඊනියා තුන්වැනි ලෝකයේ තවත් රටක කුණු කන්දකට යට වී ජනතාව මිය ගියා. දැන් ඔවුන්ට එය අමතක වී ඇති. අපටත් මීතොටමුල්ල ටික දිනකින් අමතක වේවි. ඉස්සර අපේ රටවල කුණු කඳු තිබුණේ නැහැ. අදට වඩා ජනගහණය වැඩි කාල මෙරට තිබී තියෙනවා. ඒ කාලෙ කුණු තිබුණෙ නැද්ද? සුද්දන්ගෙ කාලෙත් අනුරාධපුරේට එකතු වුණු මහා සෙනග තමන් ආපසු ගම් රටවල් බලා යන්න ඉස්සර හිටපු තැන් සුද්ද පවිත්තර කරල ගියයි කියලා සුදු නිලධාරීන්ගෙ වාර්තාවල ම සඳහන් වෙනවා. අපට ඉතා මැතක් වන තුරුම සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ලැබුණු පිළිවෙළක් තිබුණා. දැන් ඒ පිළිවෙළ නැහැ. ඒ විතරක් නම් කමක් නැහැ. අපට බටහිරයන්ගේ පිළිවෙළත් නැහැ.


අපේ වත්මන් දියුණුවේ ආකෘතිය බටහිරයන්ගෙන් ලැබුණු එකක්. ඒ අප මත පටවනු ලැබූ එකක්. අපට පිළිවෙළකට රථවාහන පදවන්න බැහැ. අප බටහිරයන්ගේ පිළිවෙළ අරගෙන නැහැ. අප වේගයෙන් දියුණු වෙන්න හදනවා. ඒ කියන්නෙ වේගයෙන් බටහිර දියුණුවේ ආකෘතිය පසු පස යනවා. බටහිරයන් අද ඉන්නා තත්වයට පත් වුණෙ අවුරුදු තුන් හාරසීයක් ගිහිල්ලා. බටහිර රටවල කුණු ප්‍රශ්නය නැහැ. අප ඔවුන්ගේ විසඳුම ගන්නෙ නැත්තෙ ඇයි? ගන්න බැරි නිසා ද? ඒ සඳහා මුදල් නැද්ද? අප අනුකාරකයන් නොවේ යැයි ඊනියා ශාස්ත්‍රවන්තයන් සිතන නිසා ද?


බටහිරයන්ගෙ විසඳුම් ගණනාවක් තිබෙනවා. කුණු වර්ග කරලා ඔවුන් විශේෂ ක්‍රියාමාර්ග ගන්නවා. පසුගිය දා ලංකාවෙත් කුණු වර්ග කරන්න පියවර ගත්තා. කවුරු හරි බටහිර රටවලින් ඉගෙන ගත්ත දෙයක් මෙහෙ කරන්න ලැහැස්ති වෙන්න ඇති. ඒත් ඔය බටහිර දිහා බලාගෙන පාරෙ කහ ඉරි සුදු ඉරි කරනවා වගේ අනෙක් දේවල් කිරීම ලෙහෙසි නැහැ. අපට ගැලපෙන ක්‍රමයක් සකස් කරන්න ශිල්පත් බැරි ශාස්ත්‍රත් බැරි ඊනියා ශාස්ත්‍රවන්තයන්ට බැහැ. අලුත් අවුරුදු නැකැත් සියල්ල බටහිර දෙස බලා අනුගමනය කරන ආකාරයට සකස් කර ගත්ත නම් හොඳ ද කියලත් හිතෙනවා. කොහොමටත් මේ අවුරුද්ද නම් හොඳ වෙන පාටක් නැහැ.

කුණු කන්ද මීතොටමුල්ලෙන් ගෙන යනවට ඒ ප්‍රදේශයෙ අය පක්‍ෂ වේවි. කොළඹ කුණු මීතොටමුල්ලෙ දාන්නෙ නැතිව වෙනත් තැනක දානවට ඒ අදාළ ප්‍රදේශයේ ජනතාව විරුද්ධ වේවි. මීතොටමුල්ලෙ කුණු කන්ද වෙනත් තැනකට ගෙනියලා ප්‍රශ්නෙ විසඳන්න බැහැ. ඒකෙන් වෙන්නෙ වෙනත් ප්‍රශ්න හැදෙන එක. කොහොමත් කුණු කඳු ගහන එක අර ඩෙංගු මදුරුවාට සුභ ද? හිස් ඉඩමක කුණු ටිකක් දැක්කම ඩෙංගු මදුරුවන් එනවයි කියලා ඩෙංගු නිලධාරීන් ඉඩම් අයිතිකාරයට නඩු පවරන්න හදනවා. නිලධාරීන්ට කුණු දාන මිනිසුන් අල්ලගන්න බැහැ. ඩෙංගු මදුරුවන්ට මීතොටමුල්ල පෙනුනෙ නැද්ද? ඩෙංගු නිලධාරීන්ට කුණු දාන අය පේන්නෙ නැද්ද? මීතොටමුල්ලට කොළඹ කුණු දාන්නෙ හොරෙන් ද?  කොළඹ මහ නගර සභාව මේ ගැන මොකුත් දන්නෙ නැද්ද? ඩෙංගු මදුරුවා පිිරිසිදු ජලයට කැමති කියලයි ඒ දවස්වල කිවුවෙ. දැන් බටහිර විද්‍යාඥයන්ට අනුව ඩෙංගු මදුරුවන් අපිරිසිදු තැන් හොයනවා ද? පඬියකු කියන්න බැරි නැහැ ඩෙංගු නොවෙයි ඩෙංගි කියලා. එහෙම කිවුව ම ප්‍රශ්නෙ විසඳේවි!

කුණු ප්‍රශ්නයට බටහිර රටවල් දී ඇති විසඳුම් දෙන්න අපට සල්ලි නැද්ද? බටහිරයන්ගෙ දියුණුව ම දේශපාලනඥයන්ට, නිලධාරීන්ට හා ජනතාවට ඕන නම් බටහිරයන් ක්‍රමයෙන් මේ තත්වයට ආපු හැටි ඉගෙන  ටිකෙන් ටික ඊනියා දියුණුව කරා අපට ඔරොත්තු දෙන වේගයකින් යන්න ඕන. කොහොමටත් පිටරට සවාරියක් ගහල විසඳුම් හොයන ශිල්ප නොදන්නා ශාස්ත්‍රවන්තයන් ද නොවන අයට ප්‍රශ්නයට විසඳුමක් දෙන්න බැහැ. බටහිර දියුණුව අත්පත් කර ගැනීමට යෑමේ විපාක අද මීතොටමුල්ලෙ ජනතාවට විඳින්න වෙලා. ඒ ඔවුන්ගෙ වරදකට නො වෙයි. කුණු ප්‍රශ්නයට විතරක් නොවෙයි ගංගා ඇළ දොළ ආදී වශයෙන් පරිසර දූෂණයට යොමු වුණු පරිසර ඝාතකයන් ද බිහි වී ඇත්තේ ළදරු බටහිර දියුණුවේ ආකෘතිය අනුගමනය කරන්න ගිහින්. ඔවුන් අඩුම තරමෙන් බටහිරයන් දැන් අනුගමනය කරන ක්‍රම දන්නෙ නැහැ. මා එයින් කියන්නෙ ඒ ක්‍රමවලින් අවසානයේ දී වැඩක් වෙනවයි කියන එක නො වෙයි. 


කුණු ප්‍රශ්නයට විසඳුම් මේ රටෙන් ම හොයා ගන්න පුළුවන්. ඊනියා ශාස්ත්‍රවන්තයන් ශිල්පීය හැකියාවන් ඇති තරුණයන්ට වැදගත්කමක් දෙනවා නම් ඒ තරුණයන් ප්‍රශ්නයට විසඳුම් දේවි. ඔවුන් බටහිර විද්‍යාවට අනුව වුවත් කුණු ශක්තිය බවට පත්කිරීමට ක්‍රමයක් කියලා දේවි. ඒත් ඔවුන්ගෙන් සහතික ඉල්ලන්න නම් සූදානම් වෙන්න එපා. මෙරට ප්‍රශ්න බොහොමයකට හේතුව දේශපාලනඥයන්ටත් වඩා සහතික ලත් උගතුන්.






මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.  

https://www1.kalaya.org  



නලින් ද සිල්වා

2017 අප්‍රේල් 16






Friday, 20 January 2017

තිරසාර සංවර්ධනය ව්‍යාජ සංකල්පයක්

තිරසාර සංවර්ධනය ව්යාජ සංකල්පයක්

ආණ්ඩුවේ අළුත් බොරුව වෙලා තියෙන්නෙ තිරසාර සංවර්ධනය. මේක අලුත් සංකල්පයක් නො වෙයි. මේ රනිල් කියන විධියට නම්  සස්ටේනබල් ඩෙවලප්මන්ට් කියල කියන කාර්මික පදයේ (ටෙක්නිකල් ටර්ම්)  සිංහල පරිවර්තනය.  මේකත් අර ජාත්යන්තරවාදී සුපිරිව්යුහයේ  බුද්ධිමතුන්ගේ නිර්මාණයක්. ව්යාජ සංකල්පයක්. ජනතාව රවටන්නක්. මේක ලංකාවට හඳුන්වල දීලත් (මෙරට සිටින කෘත්රීම බුද්ධිමතුන් දන්නේ ඉංගිරිසි කාර්මික පද සිංහලට හැරවීම පමණයි. කෘත්රිම බුද්ධිය කියලා කියන්නෙ ඉංගිරිිසියෙන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එකට. ජාත්යන්තරවාදී බුද්ධිමතුන් ලියන මෘදුකාංගවලට අනුව වැඩ කිරීම පමණයි කෘත්රිම බුද්ධිමතුන් අතින් සිද්ධ වෙන්නෙ.) දැන් අවුරුදු තිහක් පමණ වෙනවා. එකල මෙයට ප්රවර්තිත සංවර්ධනය කියලත් කිවුවා.  පහුගිය ආණ්ඩුව මේ සංකල්පය යොදා ගත්තෙ නැත්තෙ මොකද කියලා මා කල්පනා කරනවා. කාලෙ කෘත්රිම බුද්ධිමතකුට අදාළ මෘදුකාංගය නොලැබෙන්න ඇති.

සුපිරිව්යුහයේ බුද්ධිමතුන් නිර්මාණය කරපු මේ සංකල්පය ඊනියා පාරිසරික එකක් කියලා කියනවා. පරිසරය රකිමින් සංවර්ධනය කිරීම වැන්නක් මෙයින් ගම් වෙනවා. පාරිසරික විද්යාව කියන එකත් තවත් බොරුවක් පමණයි. ඒත් ඒවා විශ්වවිද්යාලවල ඉගැන්වෙනවා. අද සුපිරිව්යුහයට තිබෙන ප්රශ්නයක් නම් පරිසරය රැකගැනීමයි. පරිසරය වෙනස් වෙනවා. එය රැකගන්න බැහැ. පරිසරය වෙනස් කිරීම මිනිසුන් අතින් පමණක් නොව සතුන්ගෙනුත් සිද්ධ වෙනවා. සතුන් ගහකොළ ආහාරයට ගන්නා විට වෙනත් සතුන් මරාගෙන කන විට පරිසරය වෙනස් වෙනවා. මිනිසුන් සිමෙන්තියෙන් ගෙවල් හදන විට සිමෙන්තිවලට අදාළ සංඝටක පරිසරයෙන් ලබාගන්නා විට පරිසරය වෙනස් වෙනවා.

පරිසරය වෙනස්වීම නැතිකරන්න බැහැ. කළ හැක්කේ පරිසරය සමග සහජීවනයක් ඇති කර ගැනීමයි. පරිසරයේ සමතුලිතතාව රැකීමයි. මේ සමතුලිතතාව කියන්නේ ස්ථිතික සමතුලිතතාවක් නො වෙයි. ප්රතිවිරුද්ධ දිශාවලට යොදන සමාන විශාලත්වයකින් යුත් බල දෙකකින් නිශ්චල වස්තුවක් මත ඇති කරන සමතුලිතතාවක් නො වෙයි. එය ගතික සමතුලිතතාවක්. මේ ගතික සමතුලිතතාව අප මැටියෙන් ගෙවල් හදනකොට තිබුණා. මැටියෙන් ගෙවල් හදන්නේ සදාකාලික පවත්වාගෙන යෑමට නො වෙයි. කලක දී ගෙය කැඩෙනවා. එවිට මැටි පොළොවට එකතු වෙනවා. පස පසුව අනා මැටි බවට පත්කරනවා. එය චක්රයක්. රතන හිමිගේ මැටි ගුලියේ තත්වය ගැන මා කියන්න දන්නේ නැහැ. ගුලිය අඹරන්නේ කුමකට කියා නම් දන්නවා.

කොහොම වුනත් ගෙය පිළිබඳ කතාව ගතික සමතුලිතතාවට උදාහරණයක් පමණයි. අත්හදා බලන්නත් එක්ක අවුරුදු තිහකට පමණ ඉහත මා මැටියෙන් කාමරයක් හදවා ගත්තා. වෙනස නම් සැපයි. අපේ පැරණි ගෙවල් හදලා තිබුණෙ මැටියෙන් මිස ගඩොලෙන් නො වෙයි. ගඩොල් ගෙවල් කැඩුණු පසු නැවත ගඩොල් කරන්න බැහැ. අනුරාධපුර යුගයේ අප ගඩොල් ගැන දැන සිටියා. ඒත් පොළොන්නරු ගිය විජයබා රජු හැරෙන්න වෙනත් රජ කෙනකු ගඩොලින් මාළිගා හැදූ බවක් දැනගන්න නැහැ. ගඩොල් ගැන දැන සිටියත් අප ගඩොලින් බැන්දේ චෛත් වැනි කල්පැවතිය යුතු සිද්ධස්ථාන පමණයි. ඇතැමුන් ගඩොල් චෛත් බැන්ද අය ගඩොල් මෝඩයන් ලෙස හැඳින්වුවත් ඔවුන් ගෙවල් වැනි සුළු කාලයක් පවතින ගොඩනැගිලි ගඩොලින් හැදුවේ නැහැ. ගඩොලින් හදන ගෙවල් ටික කලක දී කොහොමත් කඩනවා. ඊනියා විලාසිතා වෙනස් වෙනවා. කැඩුණු ගෙවල්වල ගඩොල් නැවත පාවිච්චියට ගන්න බැහැ. ගඩොල් මෝඩයන් කවුද යන්න ප්රශ්නයක්.

මහගෙදර කියන සංකල්පය අපට පැමිණියේ මේ ඊනියා කල් පවතින ගෙවල් හදන්න පටන් ගත්තට පස්සෙ. ඒක ඕලන්ද යුගයෙන් පසු එකතු වුනු සංකල්පයක්. එයට පෙර අපට මහගෙවල් තිබුණේ නැහැ. අප පරමපරා දෙක තුනක් පවතින ගෙවල් හැදුවේ නැහැ. එහෙත් කබොක් ගල්වලින් ගෙවල් හදන්න පුරුදු කෙරුවට පස්සෙ ගෙවල් පරම්පරාවක් දෙකක් පැවතුණා. එවිට දෙවැනි පරම්පරාවෙ අය පළමු පරම්පරාවෙ ගෙදර මහගෙදර ලෙස හැඳින්නුවා. කබොක් ගල් නැවත යොදා ගන්න බැහැ. චක්රය කැඩුණා. අපට බටහිරයන් පැමිණීමට පෙර  තිබුණෙ චක්රීය ආකල්පය. එය  අපේ සිංහල බෞද්ධ චින්තනයේ ආකල්පයක්. සිංහල බෞද්ධ චින්තනය චක්රීය චින්තනයක්. අපට පරිසරය සමග තිබුණෙ සහජීවනයක්. අප පරිසරය කොල්ල කෑවේ නැහැ.

එහෙත් බටහිර ග්රීක යුදෙවු ක්රිස්තියානි චින්තනය රේඛීය චින්තනයක්. එය එක් තැනකින් පටන් ගෙන රේඛාවක මෙන් යනවා. එය ලැබී ඇත්තේ ඒබ්රහමික ආගම්වල දෙවියන්වහන්සේ යන සංකල්පයෙන්. එක් තැනකින් (දෙවියන්වහන්සේගෙන්) ඇරඹී රේඛාවක යෑමක් චින්තනයේ තියෙනවා. බටහිර විද්යාව ඇතුළු බටහිර දැනුමේ දෙවියන්වහනසේ නැතත් ආරම්භය තියෙනවා. ඔවුන් විශ්වයේ මහා පිපිරුමක් ගැන කියන්නේ එබැවිනුයි. අපේ විශ්වය චක්රීයයි. එය කලක් ප්රසාරණය වෙනවා. කලක් හැකිලෙනවා. මහා පිපිරුමේ විශ්වය දිගට ප්රසාරණය වෙනවා. අප බව මහා ඉහළින් ඉගෙන ගන්නවා.උගන්නනවා.

බටහිර ආකල්පවලට පරිසරය රකින්න තබා ගතික සමතුලිතතාවක් තියාගන්නවත් බැහැ. ඔවුන්ගේ චින්තනයට අනුව ස්වභාව ධර්මය මවා හෝ මැවී හෝ ඇත්තේ මිනිසාගේ (සුදු පිරිමියාගේ) ප්රයෝජනය (පරිභෝජනය) සඳහායි. නිසා අප පරිසරය කොල්ලකනවා. අප දැන් ඊනියා සංවර්ධනය සඳහා පරිසරය (ස්වභාව ධර්මය) ගසාකනවා. බටහිර සංවර්ධනයට ස්වභාව ධර්මය සමග සහජීවනයක් නැහැ. මේ සියල්ල මා කලින් කල ලියූ ලිපි එකතුවක් ලෙස අවුරුදු දහයකට පෙර පළ කල පරිසරය හා බටහිර ආකල්ප නමැති පොතේ කියා තිබෙනවා. ඒත් මෙරට  කෘත්රීම බුද්ධිමතුන්වත් දේශපාලනඥයන්වත් මා ලියන කිසිවකට තම අවධානය යොමු කරන්නේ නැහැ.

තිරසාර සංවර්ධනය යන්න ව්යාජ සංකල්පයක් පමණයි. බටහිර සංවර්ධනයෙහි තිරසාර බවක් නැහැ. ජාත්යන්තරවාදී සුපිරිව්යුහයේ බුද්ධිමතුන් ඔවුනුත් රැවටී අපත් රැවටීමට මෙවැනි සංකල්ප නිර්මාණය කරනවා. කෘත්රීම බුද්ධිමතුන් අනුව කියවනවා. වැඩකට නැති සංඛ්යා ලේඛන, ප්රස්තාර ඉදිරිපත් කරනවා. දේශපාලනඥයන් ජනතාව රැවටීමට සංකල්ප යොදා ගන්නවා. 

මේ ලිපිය තවත් ලිපි කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි .

https://www1.kalaya.org

නලින් සිල්වා

2017 ජනවාරි 20