Main Logo

Showing posts with label Collectivism. Show all posts
Showing posts with label Collectivism. Show all posts

Sunday, 16 February 2020

වෙන් කිරීම හා පොලු දැමීම

 සිංහල ලිත් ඉලක්කම්


වෙන් කිරීම හා පොලු දැමීම



ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ  2020 නීතිය පිළිබඳ සමුළුවක දී වැදගත් කතාවක් කර තිබුණා. සංවර්ධන කටයුතුවල දී නීතිය විධායකයට බාධා නොපැමිණ විය යුතු බවයි කියා තිබුණේ. දැන් පඬියන් ගත් කටට ම අහන්නේ මේ සංවර්ධනය බටහිර ද පෙරදිග ද කියා. එය කුමක් වුවත් මේ කතාවට අදාළ නැහැ. පඬියන් හිතන්නේ අප බරකරත්තයෙන් අනුරාධපුරේ යන පිරිසක් කියා. මා කිහිප වතාවක් ම මෙයට පිළිතුරු දී ඇති නමුත් පඬියන්ට එය තේරුම් ගැනීමට අවශ්‍යතාවක් නැහැ. 

Wednesday, 3 July 2019

පක්‍ෂ දේශපාලනයෙන් ඉවත් වීම


පක්‍ෂ දේශපාලනයෙන් ඉවත් වීම 

එක් සංස්කෘතියක ඇති අංගයක් වෙනත් සංස්කෘතියකට අවශෝෂණය කිරීම පහසු කටයුත්තක් නො වෙයි. බටහිර සංගීතයේ විශාරදයන් සේ පෙනී සිටින ඇතැමුනට බටහිර සංගීතය මෙරට සංස්කෘතියට අවශෝෂණය කර ගන්න බැරි  වෙලා තියෙනවා. බටහිර විද්‍යාඥයන් ලෙස ඉස්මතු වෙන්න දඟලන්නන් බටහිර විද්‍යාව මෙරට සංස්කෘතියට අවශෝෂණය කිරීම සඳහා කර ඇත්තේ කුමක් ද? සිනමාව, නවකතාව ආදී සෑම ක්‍ෂෙත්‍රයක ම ඒ ප්‍රශ්නය අහන්න පුළුවන්. අනෙක් අතට ඒ ඒ ක්‍ෂෙත්‍රවලට මේ පඬියන් විශාරදයන් කර ඇති දායකත්වය (ප්‍රදානය) මොකක් ද? මහා දාර්ශනිකයන් ලෙස පෙනී සිටින්නන් බටහිර දර්ශනයට එකතු කර ඇත්තේ කුමක් ද?