නත්තල් පණිවුඩයක් නොවේ
හෙට සමහරුන්ට නත්තල්. තවත් සමහරුන්ට හැමදා ම නත්තල්. කතෝලිකයන් මෙන් ම විවිධ ක්‍රිස්තියානින් ද නත්තල සමරනවා. ඒත් ලංකාවෙ කතෝලිකයන්ට නම් හෙට නත්තල් තියෙන එකක් නැහැ. පාස්කු ප්‍රහාරයෙන් මාස අටකට පසුව හෙට නත්තල උදා වෙන්නෙ. පාස්කු ප්‍රහාරය ගැන කොමිසමක් දැන් සාක්‍ෂි සටහන් කර ගන්නවා. ඒ ගැන පසුව කතා කරමු. එහෙත් පාස්කු ප්‍රහාරය එක ගලෙන් කුරුල්ලන් කිහිප දෙනකු මැරීමට කළ උත්සාහයක් බව මා ඒ දිනවල ම කිවුවා. ඒ එක් කරුණක් පමණක් මතක් කරන්න ඕන.