නිවට නායකයන් නිසා සිංහලයන් වැරදි කරුවන් කිරීම
සුපුරුදු පරිදි සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් වැරදි කරුවන් කරලා. මුස්ලිම් ජනයාට හිරිහැර කෙරෙනවයි කියල ඇතැම් අරාබි රටවලුත් කලබල වෙලා ජනාධිපතිගෙන් අහල කියලයි වාර්තා වෙන්නෙ. එය ඇත්තක් ද බොරුවක් ද කියන්න මා දන්නේ නැහැ. ඒත් චතුස්කෝටිකය අනුව නම් බොරුවක් නොවෙන්නත් පුළුවන්. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඉස්ලාම් කියන්නෙ ආගමක්. මුස්ලිම් කියන්නෙ සංස්කෘතියක්. ඉස්ලාම් හරි මුස්ලිම් හරි කියල ජනවර්ගයක් නැහැ. අනෙක් අතට සුන්නි ශියා වශයෙන් බෙදීමක් ද තියෙනවා. එයට අමතර ව සුෆි කියා කොටසකුත් ඉන්නවා. කුරූඳුවත්තේ දවටගහ පල්ලිය සුෆි මුස්ලිමුන්ගේ පල්ලියක් ලෙස සැලකෙනවා.