බිරිතානියට අහිමි වුණු අගමැති රනිල්
ඊයේ එංගලන්තයේ කොන්සර්වෙටිව් පක්‍ෂය තම නායකයා ලෙස බොරිස් ජොන්සන් තෝරාගෙන. ඔහු අද බිරිතානි අගමැති ලෙස දිවුරුම් දීමට නියමිතයි. ඔහු කලක් ලංඩනයේ නගරාධිපති වෙලා හිටියා. ඔහුට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයක් නැහැ. ඔහුට සුළු පක්‍ෂවල සහාය ලබා ගැනීමට සිදු වෙනවා. ඔහුට ඇති ප්‍රධාන ප්‍රශ්නය බ්‍රෙක්සිට් හෙවත් බිරිතානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමයි. ඔහු බ්‍රෙක්සිට් ව්‍යාපාරයේ නායකයෙක්.