සිංහල ලිත් ඉලක්කම්
සජිත් විජාතික බලවේගවල අපේක්‍ෂකයා
සජිත් එ ජා ප හා පුළුල් පෙරමුණේ අපේක්‍ෂකයා වෙලා. එක්සත් ජාතික පක්‍ෂයට තනියම තරග කර දිනන්න බැහැ. ඒ බව රනිල් දන්නවා. රනිල් පමණක් නොවෙයි බටහිරයන් ද දන්නවා. සජිත්ට අවශ්‍ය වූයේ අපේක්‍ෂකත්වය. ඔහුට දිනන්නත් ඕන. ඒත් ඔහු දන්න දේශපාලනයක් නැහැ. ගෙවල් හදන එක දේශපාලනය නොවෙයි. ඔහුට පුළුවන් තාත්තාගෙ නම විකුණන එක විතරයි. රනිල් සජිත්ට කැමති නැහැ. එ ජා පක්‍ෂයට විසඳා ගන්න තිබුණේ මේ ගැටළුවයි. අද ඔවුන් පක්‍ෂය වෙනුවෙන් රටට විරුද්ධ ව එකතු වෙලා. ඒ පසුපස බටහිර බලවතුන් ද ඉන්නවා.
බටහිර බලවතුන් පමණක් නොවෙයි ඉන්දියාව හා සෞදි අරාබිය ද මෙරට දේශපාලනය කරනවා. ඒ රටවල නියෝජිතයන් මෙරට දේශපාලනය කරනවා. ඔවුන් මෙරට රටවැසියන් වෙන්න බැහැ. ඔවුන්ට සංචාරක වීසා නම් නැතිව ඇති. සංචාරක වීසා තිබුණ ම තමයි දේශපාලනය කරන්න බැරි. මා කියන්නේ ගෝඨාභය 2005 දි සංචාරක වීසාවකින් ඇවිත් මෙරට දේශපාලනය කළ බව නො වෙයි. මගේ තර්කය සංචාරක වීසා ලබා සිංහලයන්ට දේශපාලනය කරන්න බැරි වුණාට තානාපති වරප්‍රසාද යටතේ තානාපතිලාට, ලේකම්ලාට, නිතර මෙරටට ඇවිත් යන ඒ රටවල විවිධ නියෝජිතයන්ට පමණක් නොවෙයි මාධ්‍යවේදීන්ටත් මොන වීසා තිබුණත් දේශපාලනය කරන්න පුළුවන් කියන එකයි.
ඒ කොහොම වුණත් සජිත් පුළුල් සංධානයකින් හංසයා ලකුණ යටතේ තරග කරන්න යනවා. හංසයාගේ පක්‍ෂයේ නමවත් වැදගත් නැහැ. පොහොට්ටුව පක්‍ෂයෙ නම රටේ යම් ප්‍රමාණයක් හරි දන්නවා. හංසයා පක්‍ෂයේ නම සජිත් දන්නව නම් ඒ ඇති. මෛත්‍රිපාලට සමහර විට ඒ නම දැන් මතක නැතුව ඇති. රනිල්ට අවශ්‍ය විධියට සංධානය ගොඩ නැගිලා. ඔහු තවමත් පක්‍ෂයේ නායකයා. රනිල් සජිත්ට අකමැති වුවත් රටට විරුද්ධ ව සජිත්ට අපේක්‍ෂකත්වය දෙන්න එකඟ වෙලා. සජිත් පළල් සංධානයකින් තරග කරන්න එකඟ වෙලා.
2015 දි මෙන් ම සියළු විජාතික බලවේග එකතු වෙලා හංසයා වටා. මෙහි වෙනස් කම් දෙකක් තියෙනවා. එකක් මෛත්‍රිපාල. අනෙක පාස්කු ප්‍රහාරය. පොහොට්ටුව දරදඬු නූණොත් මෛත්‍රිපාල ගෝඨාභය සමග එකතු වේවි. පොහොට්ටුවේ ඇතැමුන්ගේ ඇති මෛත්‍රිපාල විරෝධතාව දැන් පාලනය කර ගන්න ඕන. රට වෙනුවෙන් එකතු වීම පොහොට්ටුවේ හා ශ්‍රී ල නි පක්‍ෂයේ වගකීම. ඒ වගකීම ඔවුන් පැහැර හරියොත් ඉදිරි පරම්පරාවන් ඔවුන්ට ශාප කරාවි.
එ ජා පක්‍ෂය සියළු භේද, පෞද්ගලික ප්‍රශ්න අමතක කර රටට විරුද්ධ ව එකතු වෙලා. පොහොට්ටුවත් ශ්‍රී ල නි පක්‍ෂයත් මොන ප්‍රශ්න තිබුණත් රට වෙනුවෙක් එකතු වෙන්න ඕන. 2015ට වඩා 2019 යම් පමණකින් හරි වෙනස් වන්නේ මෛත්‍රිපාල පොහොට්ටුව සමග හිට ගත්තොත්. නැත්නම් 2019ත් තවත් 2015ක් වෙන්න ඉඩ තියෙනවා.
අද සජිත් එක්ක සියළු විජාතික බලවේග එකතු වෙලා. හකීම් බද්‍යුද්දීන් චම්පක ආදීන් පමණක් නොවෙයි දෙමළ ජාතික සංධානයත් සජිත් එක්ක ඉන්නවා. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ මුස්ලිම් ඡන්ද හංසයාට වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැ. හිස්බුල්ලාත් බොහෝ විට සජිත්ගේ බුල්ලා වේවි. දෙමළ ජාතික සංධානය සජිත්ට පක්‍ෂ වෙනවා. ඔවුන්ට අවශ්‍ය තව තවත් බලය විමධ්‍යගත කිරීම. ඒ විධායක හා ව්‍යවස්ථාදායක බලය මිසක් වෙන බලයක් නො වෙයි. සජිත් අපේක්‍ෂකයා වුණෙ කොන්දේසි විරහිත ව නො වෙයි. නිල වශයෙන් කොන්දේසි නැතිව වෙන්න පුළුවන්. ඒත් ඔහු එ ජා ප හා ජාතිවාදී පක්‍ෂවල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕන. සියළු විජාතික බලවේග රටට විරුද්ධ ව එකතු වෙලා.
සජිත් කියනවා තමා ඒකීය රටක බලය බෙදනවා කියලා. මේ තමයි මෙරට දේශපාලනයේ තියෙන ලොකුම බොරුව. ඒකීය රටක විධායක ව්‍යවස්ථාදායක බල අබමල් රේණුවක්වත් බෙදන්න බැහැ. එක්සත් රාජධානිය ඒකීය රාජ්‍යයක් නො වෙයි. එය එංගලන්තය ස්කොට්ලන්තය අයර්ලන්තය එකතු වෙලා හදාගත්ත සන්ධීය රජ්‍යයක්. ඒ බව කවුරුවත් කියන්නෙ නැත්තෙ බටහිර දේශපාලන විද්‍යාඥයන් එහෙම කියන්නෙ නැති නිසා. එක්සත් රාජධානියෙ කොඩිය වූ කුරුස තුනේ කොඩිය ඒ රටවල ශාන්තුවරයන් තුන්දෙනාගෙ කොඩි එකතුවක්. එක්සත් රාජධානිය උදාහරණයකට ගෙන ඒකීය රටක බලය බෙදීම ගැන කතා කිරීම ස්කොට්ලන්තයේ මේරි රැජන අනුමත කරන එකක් නැහැ.
සජිත් පිටුපස යළි උපන් (බෝන් අගේන්) ක්‍රිස්තියානිය ඉන්නවා. අද යළි උපන් ක්‍රිස්තියානිය රටේ බලවත්. ක්‍රිකට් ක්‍රීඩාවෙ සිට දේශපාලනයට ඒ බලය පැතිරිලා. ඇතැම් කතෝලිකයන් ද යළි ඉපදිලා. කාදිනල්තුමාගෙන් අහන්න. ඉදිරියේ මේ යළි ඉපදුණු අය සෘජුව දේශපාලනයේ, ක්‍රීඩාවෙ, සංගීතයෙ බලවත් වෙන්න කලින් යමක් කළෙ නැත්නම් රටට ම අබ සරණයි. සජිත්ගෙ ජනාධිපතිත්වයක් යටතෙ යළි උපන් ක්‍රිස්තියානිය රටේ බලවත් වේවි. රනිල්ගෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියටත් ඉන් ප්‍රශ්නයක් වේවි. රනිල් ඒ බව නොදන්නවා නො වෙයි.
විජාතික බලවේගයක් ලෙස ජ වි පෙරමුණටත් සජිත්ට එකතු වෙන්න බලපෑම් එන්න ඕන. අනුර රනිල්දාස ඉදිරිපත් වුණොත් කැඩෙන්නෙ සජිත්ගෙ ඡන්ද. විජාතික බලවේගවලට එය අවශ්‍ය නැහැ. රනිල්ට සජිත් පරාජය කරන්න අවශ්‍ය ම නම් මිස රනිල්දාස ගෝඨාභයගෙ ඒකාධිපතිවාදයට විරුද්ධ ව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කියමින් තම අපේක්‍ෂකත්වය ඉල්ලා අස් කරගන්න ගන්න ඉඩ තියෙනවා. ඒත් රනිල් තම පක්‍ෂයේ අපේක්‍ෂකයා පරදවන්න කටයුතු කරාවිය කියල හිතන්න බැහැ.
පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ දේශපාලනයෙ (පඬියන් කියන විධියට පශ්චාත් පාස්කු දේශපාලනය) වෙනස් වුණෙ මුස්ලිම් ඡන්ද තව තවත් එ ජා පක්‍ෂය පැත්තට හැරවුණු එක හා කතෝලික ඡන්ද එ ජා පක්‍ෂයට විරුද්ධ හැරුණ එක. මා හිතනවා පොහොට්ටුවෙ උද්ධච්ඡයන් මොනවා කිව්වත් සිරිසේන විරෝධීන් මට සිරිජාතිකවාදියා කිව්වත් මෛත්‍රිපාලගෙ ශ්‍රී ල නි ප පොහොට්ටුව එක්ක එකතු වේවිය කියා. මේ දෙගොල්ලන් රනිල්ගෙන් හා සජිත්ගෙන් පාඩමක් ඉගෙන ගන්න ඕන.
විජාතික බලවේග සියල්ල එකතු වුණාට ජාතික බලවේග එකතු වෙන්නෙ නැහැ. මෙය ප්‍රශ්නයක්. සිංහලයන්ගෙන් අති බහුතරය මොන පක්‍ෂයට ඡන්දය දුන්නත් යම් ජාතිකත්වයක ඉන්නෙ. එහෙත් ඔවුන්ගෙන් යම් පිරිසක් තවමත් එ ජා පක්‍ෂයට ඡන්දය දෙනවා. එයට හේතුව ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වයෙ පක්‍ෂය වුණාට එහි නායකයන්ගෙන් කිහිප දෙනකු හැරුණු විට අනෙක් අය ජාතිකත්වයේ නො වීම. පොහොට්ටුව ගැන කියල වැඩක් නැහැ. ජාතිකත්වයෙ ඉන්න ඇතැම් සිංහල බෞද්ධයන්, විශේෂයෙන් ම භික්‍ෂූන් වහන්සේ, අපට නිදහස ගෙනත් දුන්නේ යැයි කියන එ ජා පක්‍ෂයට හිතවත්. ඔවුන් දන්නේ නැහැ සේනානායකලා විජේවර්ධනලා (ලේක් හවුසිය) ධර්මපාලතුමාට විරුද්ධ වුණු බව. ඔවුන් දන්නෙ නැහැ ධර්මපාලතුමා හා ඕල්කට්තුමා අතර තිබූ ප්‍රශ්න.
ජාතිකත්වයෙ ඉන්න අයට ඒ දැනුම ලබා දෙන්න අප උත්සාහ කළත් අවුරුදු තිස්පහකටත් පස්සෙ එය සාර්ථක වෙලා නැහැ. පොහොට්ටුව කළ යුත්තෙ තමන්ට ලැබෙන්න ඉඩක් නැති අසිංහල ඡන්ද පස්සෙ යන්නෙ නැතිව ජාතිකත්වයක් ඇති සිංහලයන් එකතු කරන්න උත්සාහ කරන එක.