Main Logo

Showing posts with label Born again Christians. Show all posts
Showing posts with label Born again Christians. Show all posts

Sunday, 6 October 2019

සජිත් මුඛවික්‍රම


         සිංහල ලිත් ඉලක්කම් 



සජිත් මුඛවික්‍රම 

සජිත් ප්‍රේමදාස සංස්කෘතිය අපේ උරුමය රකින බව කියනවා. ඒ එක්කම කියනවා ඒ කතාව පිට වෙන්නෙ තම ශ්‍රී මුඛයෙන් කියලා. එයින් පැහැදිලි වෙන කාරණය සජිත් ප්‍රේමදාස සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ කියන එක. සිංහල බෞද්ධයන් ශ්‍රී මුඛය ගැන සඳහන් කරන්නෙ බුදු හාමුදුරුවන් ගැන කියන විට මිසක දේශපාලනඥයන් ගැන කියන විට නො වෙයි. සජිත් කලක් ඉගෙන ගත්තෙ එංගලන්තෙ නිසා මේවා දන්නෙ නැතිව ඇති. ඒ කොහොම වුණත් ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන නොදන්න බව පැහැදිලියි.

Friday, 27 September 2019

සජිත් විජාතික බලවේගවල අපේක්‍ෂකයා

      සිංහල ලිත් ඉලක්කම්


සජිත් විජාතික බලවේගවල අපේක්‍ෂකයා

සජිත් එ ජා ප හා පුළුල් පෙරමුණේ අපේක්‍ෂකයා වෙලා. එක්සත් ජාතික පක්‍ෂයට තනියම තරග කර දිනන්න බැහැ. ඒ බව රනිල් දන්නවා. රනිල් පමණක් නොවෙයි බටහිරයන් ද දන්නවා. සජිත්ට අවශ්‍ය වූයේ අපේක්‍ෂකත්වය. ඔහුට දිනන්නත් ඕන. ඒත් ඔහු දන්න දේශපාලනයක් නැහැ. ගෙවල් හදන එක දේශපාලනය නොවෙයි. ඔහුට පුළුවන් තාත්තාගෙ නම විකුණන එක විතරයි. රනිල් සජිත්ට කැමති නැහැ. එ ජා පක්‍ෂයට විසඳා ගන්න තිබුණේ මේ ගැටළුවයි. අද ඔවුන් පක්‍ෂය වෙනුවෙන් රටට විරුද්ධ ව එකතු වෙලා. ඒ පසුපස බටහිර බලවතුන් ද ඉන්නවා. 

Friday, 14 December 2018

ජාතික විජාතික ගැටුම


ජාතික විජාතික ගැටුම



බොහෝ දේ කියන්න තියෙනවා. එක වාක්‍යයකින් කියනවා නම් දැනට විජාතික බලවේග තාවකාලික ව  ජයග්‍රහණය කර තිබෙනවා. එහෙත් ජාතික බලවේග නැවතත් ජයග්‍රහණයක් අත්පත් කර ගනීවි. මෙරට අවුරුදු පන්දාහක ඉතිහාසය  මේ ජයග්‍රහණ හා පරාජ පිලිබඳ කතාව මිස ඊනියා පංති සටනක කතාවක් නො වෙයි. එය ජාතික බලවේගවල ජයග්‍රහණයකින් අවසන් කර ගැනීමේ කාර්යභාරය අප වෙත පැවරී තිබෙනවා.

Sunday, 25 November 2018

රනිල්ගේ බෝධි පූජා හා සුමන්තිරන් පූජා


රනිල්ගේ බෝධි පූජා හා සුමන්තිරන් පූජා



රනිල් බෝධි පූජා තියන්න කියලා. ඔහු රවටන්නෙ හදන්නෙ කාව ද? දෙවියන් ද? ජනතාව ද? නැත්නම් ජනතාව හා දෙවියන් ද? රනිල්ට ඇති සිංහල බෞද්ධ සංස්කෘතියක් නැහැ. ඔහු මෙතෝදිස්ත සුමන්තිරන් එක්ක එකතුවෙලා ජයම්පති ලව්ව ව්‍යවස්ථා හදවල රනිල්ලාගේ අනුර කුමාර දිසානායක ලව්ව විස්ස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල කරන්න හැදුවෙ සිංහල බෞද්ධ සංස්කෘතිය නංවාලීම නො වෙයි.

Monday, 12 November 2018

ආණ්ඩුවේ අමේෂා සංසිද්ධියක්


ආණ්ඩුවේ අමේෂා සංසිද්ධියක්



දෙරණ නාලිකාවේ දෙවෙනි ඉනිම නාට්‍යයේ ඉන්නවා අමේෂා කියා චරිතයක්. ඇගේ යෙහෙළියක් වූ නිලූ හා නිලූගේ සැමියා මේනක තරුණ අනුහස් හා අවන්ත අසමගි කිරීම සඳහා අමේෂා යොදා ගන්න සැලසුම් කරනවා. අමේෂා කියන්නෙ අවන්තගෙ අම්මා. අනුහස්ගේ අම්මා අමේෂා නොවූවත් පියා අවන්තගේත් පියා. අමේෂා ව්‍යාපෘතිය සාර්ථක වේ දැයි සමහරවිට ලබන සතියේ දී දැනගන්න පුළුවන් වේවි. දැන් පඬිපෝතකයකු කියන්න බැරි නැහැ මා බලන්නේ දෙවෙනි ඉනිම වැනි ජනප්‍රිය නාට්‍ය මිසක් ඊනියා සම්භාව්‍ය නාට්‍ය නොවෙයි කියා. ඒකට කමක් නැහැ. මා සම්භාව්‍යත් නැහැ ජනප්‍රියත් නැහැ.