Main Logo

Showing posts with label Problem of Tamils. SLPP. Show all posts
Showing posts with label Problem of Tamils. SLPP. Show all posts

Thursday, 10 January 2019

බැසිල් සමග මහින්ද එකඟ වෙනවා ද?


බැසිල් සමග මහින්ද එකඟ වෙනවා ද?



මා බැසිල් රාජපක්‍ෂ සමග සංසන්දනය කළ විට ඉතාමත් නොවැදගත් චරිතයක්. මට ඔහු හමු වී ඇත්තේත් දෙතුන් වතාවක් පමණ. මා මෙන් නොව ඔහු මහා මොළ කාරයකු හා වැඩ කාරයකු ලෙසයි ප්‍රසිද්ධ. එහෙත් ඔහුගේ දේශපාලනය හා කතාබහ මා අනුමත කරන්නේ නැහැ. ඔහු ඊයේ පළ වූ අනිද්දා පුවත්පතට කර තිබූ ප්‍රකාශ සමග කිසිසේත් එකඟ වෙන්න බැහැ. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයෙන් නොවෙයි දේශපාලනය පටන් ගත්තේ. ඔහු ගාමිණී දිසානායක ළඟ වැටුපට වැඩ කළ බව මා අසා තිබෙනවා. ඒ එසේ නොවන්න පුළුවන්.

Wednesday, 9 January 2019

මෙන්න බැසිල් -- පුළුවන් තරම් බලය බෙදන්න ඕනෑ


අනිද්දා පුවත්පත



Wednesday, January 9, 2019



පුළුවන් තරම් බලය බෙදන්න ඕනෑ



බැසිල් රාජපක්‍ෂ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හදිසි ජනාධිපතිවරණයක් කැඳෙව්වොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහායෝගය දෙනවාද?

අපි එහෙම තීන්දුවක් අරගෙන නැහැ. මම හිතන්නේ මේ වෙලාවේ ජනාධිපතිවරණයකට යෑම ඒ තරම් සුදුසු නැහැ. දැන් සමහරු කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත්ත තීරණය වැරදියි කියලා. මම ඒ තීරණයේ හරි වැරැද්ද ගැන අදහසක් කියන්නේ නැහැ. එහෙත්, එහෙම සාකච්ඡාවක් තියෙන වෙලාවක හදිසි ජනාධිපතිවරණයක් කැඳවීම අවාසියක් වේවි. අනෙක ජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඡන්දය ලබාදුන්නේ වසර හයක් සඳහා. ජනාධිපතිවරයා වසර පහකට ඒ කාලය සීමා කරගත්තා. ඊටත් ඉහා ගිහින් තවත් කාලය සීමා කරගැනීම සුදුසුයි කියලා මම හිතන්නේ නැහැ. කෙසේ වෙතත් 2019 අග ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි.