ප්‍රතිඥා හා ඊනියා සුළු ජාතික ඡන්ද
අප වටේ යන එක නවත්තන්න කාලය පැමිණිලා. නැවතත් දහතුන කතාව පටන් අරන්. ඒ අතර මුස්ලිම් ඇමතිවරුන් වන හකීම් හා බද්‍යුද්දීන් විවේචනය කිරීම නවත්වන ලෙසට මහින්ද නියෝගයක් පණවලා කියලා වෙබ් අඩවියක පළ වී තිබුණා. රනිල් යාපනයේ දී කියල තියෙන්නෙ දෙමළ ජනතාවට අභිමානයෙන් ජීවත් වීමට පළාත් සභා බලතල දිය යුතු ය කියා. ඔය අභිමානය, අභිලාෂය වගේ වචන දශක ගණනාවක් තිස්සේ යොදා ගැනෙනවා. කුමාර් පොන්නම්බලම් ද ඔය කතාව කිව්වා.