නන්දිකඩාල් පාවා දී ගෝඨාභය මනමේ කුමරු කිරීම
මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත් වී ඇත්තේ ජාතිවාදී ආගමිකවාදී ව්‍යාපාර පරාජය කිරීම, මෙරට නැවත ඒකීය රාජ්‍යයක් බවට පත් කිරීම (ඒකීය රාජ්‍යය ආරක්‍ෂා කිරීම යනු ව්‍යාජයක්. දහතුන්වැනි සංශෝධනයෙන් මෙරට සන්ධීය රාජ්‍යයක් වුණා), විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීම ආදියයි. ඒ අතර විවිධ සහන ගැනත් කතා කරනවා. මෙහි පළමු මාතෘකා දෙක එකිනෙකට සම්බන්ධයි.