මැකොස යුද්ධ, ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවරය හා භූමිකාව
ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවරය හා භූමිකාව ඒ සම්මේලනයේ රැස්විමක දී සම්මත කර ගත් නමුත් එය පසුගිය දා පදනම් ආයතනයේ දී පැවති රැස්වීමේ දී ජනතාවට ඉදිරිපත් කෙරුණේ නැහැ. එහෙත් එදින ගුණදාස අමරසේකරගේ අත්සන යැයි කිව නොහැකි අත්සනක් සහිත ව මුද්‍රණය වූ ප්‍රකාශ දෙකක් නම් වෙනත් සංවිධානයක නමින් බෙදා හරිනු ලැබුවා. ඒ පත්‍රිකා අමරසේකරට ලැබුණා ද නැද්ද කියන්න මා දන්නේ නැහැ. ජාතික සංවිධාන තම දේශපාලනය සඳහා යොදා ගැනීමට මාන බලන පිරිසක් ජාතික ව්‍යාපාරයේ ක්‍රියාත්මක වනවා.