රට විකුණන රට බෙදන ප්‍රෝඩාතන්ත්‍රවාදියා ගෙදර ම යවමු
රනිල් පස්වැනි වතාවටත් අගමැති වෙලා. ඒක ලෝක වාර්තාවක්ලු. අපට තවත්
ලෝක වාර්තාවක් පිහිටුවන්න පුළුවන්. ඒ රනිල් පස්වැනි වතාවටත් අගමැති කමෙන් ඉවත්
කරලා. ඒත් මේ ගමන ඉවත් කරන්නෙ හයවැනි වතාවකට අගමැති වෙන්න එහෙම නම් නො වෙයි. රනිල් දිවුරුම් දුන්නට පස්සෙ හොඳ කතා දෙකක්
කෙරිල. එකක් කොළඹ ජනාධිපති කාර්යාලයෙදි. අනෙක තංගල්ලෙදි. කොළඹ කතාවෙ දී ජනාධිපති
සිරිසේන රනිල් ඉස්සරහින් තියාගෙන රනිල්ගෙ ප්‍රෝඩාතන්ත්‍රවාදය, රට බෙදීම හා රට විකිණීම ගැන කියලා. රනිල් මොනව
කියන්න ද? ඒත් දෙරණෙ චතුර නම් කීවෙ රනිල් පරිණත ව
හිතන්න ඇතිලු ඒ චෝදනා ජනාධිපති ම ගන්න කියලා. දෙරණ හිරු ආදී නාළිකා පළමුවෙන්
බලන්නෙ රට ගැන නොවෙයි තමන්ගෙ පැවැත්ම ගැන.