Main Logo

Showing posts with label Maithripala Ranil Conflict. Show all posts
Showing posts with label Maithripala Ranil Conflict. Show all posts

Saturday, 8 June 2019

ආණ්ඩු දෙකක් එක්ක පුළුවන් ද?

ආණ්ඩු දෙකක් එක්ක පුළුවන් ද? 

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ රඟ දැන් කාටත් පේන්න ඕන. ඒ සංශෝධනයට ඡන්දය දුන් සියල්ලන් ම අද රටේ තත්වයට වග කියන්න ඕන. අද රටේ ආණ්ඩුවක් නැහැ. ආණ්ඩු දෙකක් තියෙනවා. එක ආණ්ඩුවක් කරන දේ අනෙක් ආණ්ඩුව නිශේධ කරන්න හදනවා. පාර්ලිමේන්තුව කෝළම් මඩුවක් වෙලා. ඒත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිට බැහැ. පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරල විසුරුවා හරින්නට කටයුතු කරාවි කියල හිතන්න බැහැ.  එ ජා පෙරමුණ එවැනි යෝජනාවකට ඡන්දය දෙන එකක් නැහැ.

Monday, 29 October 2018

ජනාධිපති කතාවෙන් කියැවුණු දේ


ජනාධිපති කතාවෙන් කියැවුණු දේ



මෛත්‍රිපාල ජාතිය ඇමතුවෙ ජනාධිපති ලෙස. ඒ කතාවෙන් කියැවුණු කරුණක් දෙකක් ගැන යමක් කියන්න ඕන. ඔහූ කියන්නෙ අද එ ජා ප එදා එ ජා ප නොවෙයි කියලා. ඒකෙ ඇත්තක් තියෙනවා. ඒත් අද එ ජා ප හා එදා එ ජා ප අතර සම්බන්ධයකුත් තියෙනවා. එ ජා ප එදත් අදත් ජාතික පක්‍ෂයක් නො වෙයි. එහෙත් ඩී එස්ලාට ඩඩ්ලිලාට බෝතලේ වලව්වෙන් ලැබුණු යම් ජාතිකත්වයක් තියෙන්න ඇති. දැන් කසිකබල් මාක්ස්වාදීන් කලබල වෙලා එයට සුළු ධනේශ්වර කතා ඈඳන්න පුළුවන්. අපි නොදන්න මාක්ස්වාදය.  සමහරු වලව්වල තියෙන ජාතිකත්වය ගැන අසාවි. මේ ජාතිකත්වය වසන්ත සේනානායක ළඟත් තියෙනව කියල සමහරු කියාවි.