අගමැති ඇමති ගන්ධබ්බයෝ
රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට යොදා ගත් අනුව්‍යවස්ථා පැහැදිලිව
ප්‍රකාශ කළ යුත්තේ එක් එක් අය විවිධ අනුව්‍යවස්ථා ගෙන හැර දක්වමින් ප්‍රශ්නය අවුල්
කරන නිසා. මෙහි දී බලපාන ප්‍රධාන අනුව්‍යවස්ථා වන්නේ 42(4) හා 43(3) යි. 42(4) අනුව ජනාධිපතිවරයාට තම මතය අනුව පාර්ලිමේන්තුවේ
විශ්වාසය උපරිම වශයේ ඇති මන්ත්‍රිවරයා අගමැති ලෙස පත් කළ හැකියි. එහි දී
පාර්ලිමේන්තුවේ මතය විමසීම අවශ්‍ය නැහැ. අගමැති පත් කෙරෙන්නේ ජනාධිපති විසින් මිස
පාර්ලිමේන්තුව විසින් නොවන බව 42(4)න්
පැහැදිලි වෙනවා. මෙහි දී වැදගත් වන්නේ ජනාධිපතිවරයාගේ මතය අනුව හා විශ්වාසය යන
වචනයි. මේ දහනවැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර මෙන් ම පසවද ඇති තත්වයි. 2015 ජනවාරි 9 වැනි දා රනිල් අගමැති ලෙස පත්කෙරුණේ ද 2018 ඔක්තෝම්බර් 26 වැනි දින මහින්ද අගමැති ලෙස පත්කෙරුණේ
ද මේ ප්‍රතිපාදන යොදා ගනිමින්. එදා මෙන් ම අදත් ඒ පත්කිරීම් ව්‍යවස්ථාවට එකඟයි.
මෙහි දී සිටින අගමැති අස් කර පසුව වෙනත් අගමැතිවරයකු පත් කළ යුතු බවක් කියැවෙන්නේ නැහැ.