Main Logo

Showing posts with label Mahindavadin. Show all posts
Showing posts with label Mahindavadin. Show all posts

Wednesday, 17 October 2018

ඉන්දියාව එන්නේ මොකාට ද?


ඉන්දියාව එන්නේ මොකාට ද?



රනිල් ඉවත් කිරීමේ අවශ්‍යතාව අද ඒකාබද්ධ විපක්‍ෂයේ/පොදුජන පෙරමුණේ බොහෝ දේශපාලනඥයන්ට වැටහිලා කියා මා හිතන්නේ නැහැ. අද බොහෝ දෙනා ඊනියා සභාග/භාරකාර ආණ්ඩුවක් ගැන කතා කරනවා. දැන් තියෙන්නෙත් සභාග ආණ්ඩුවක් මිස තනි පක්‍ෂයක ආණ්ඩුවක් නො වෙයි. භාරකාර ආණ්ඩුවක් හදන්න පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕන. දහනවවැනි සංශෝධනයෙන් පස්සෙ ඒක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට යෝජනාවක් සම්මත කර ගැනීමෙන් පමණයි. ජනාධිපතිටවත් අද පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. ජ වි පෙරමුණේ හා ඒකාබද්ධ විපක්‍ෂෙ/පොදු ජන පෙරමුණේ ඇතැමුන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියන්නෙ හොඳ සිහියෙන් ද? දහනවවැනි සංශෝධනයට පක්‍ෂව ඡන්දය දුන් අයට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න 2020 ජනවාරි වෙනකන් බලා ඉන්න වෙයි.

Wednesday, 15 August 2018

අපේ ශක්තිය




අපේ ශක්තිය



සියවස් කාලකට පමණ පෙර අප කාලය සඟරාව ඇරඹූ අවධියෙහි දී අප සමග විවිධ පුද්ගලයන් සිටියා. කාලයට ලිපි සැපයු අය අතර මාක්ස්වාදීන් විවිධ සමාජවාදීන් දෙමළ ජාතිවාදීන් සිංහල බෞද්ධ විරෝධීන් සිටියා. එකල 1987 දී කිසිවකු මහින්ද ජාතිකවාදියකු ලෙස දැන සිටියේ නැහැ. ඔහුත් වාම කේන්ද්‍ර එනම් කේන්ද්‍රයෙන් වමට බර අයකු ලෙසයි හැඳිනගෙන තිබුණෙ. මා මෙහෙ ම කියන විට මහින්දවාදීන්ට කේන්ති යන බව මා දන්නවා. මා හිතන්නේ බැසිල් එකල ගාමිණී දිසානායක ළඟ වැඩ ඉගෙන ගත් අයෙක්. ඔහු එ ජා ප හිතවතෙක්. අද නාමල් රාජපක්‍ෂ ප්‍රශ්න අවුල් කරනවා. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි ඔහු මහින්දගේ පුතා වීම නිසයි. නාමල් කරන දෙයක් නැහැ. එහෙත් නාමල් නිසා මහින්ද ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ නැහැ. ඒ බව දේශපාලනයේ යෙදෙන බොහෝ දෙනා දන්නවා. එහෙත් ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. මහින්දට අවශ්‍ය 2024 වන තුරු කල් බලන්න. ඔහුත් අද ඉන්දියාවට විරුද්ධව එතරම් දෙයක් කියන්නේ නැහැ. මත්තල විකිණීමට විරුද්ධව ඵලදායී වැඩක් ඔහු කරනවා ද?

Friday, 6 April 2018

උපන් ගෙයි මෝඩයා


උපන් ගෙයි මෝඩයා



මා ඊයේ දැනගත්තා මා උපන් ගෙයි මෝඩයකු බව. මහින්දවාදියකු ඒ බව කියා තිබුණා. මහින්දවාදියකු යැයි කියන්නේ අඩුවැඩි වශයෙන් මහින්දගේ දේශපාලනය අනුමත කරන ඒ අනුව අදහස් ප්‍රකාශ කරන අයකු. එය මාක්ස්වාදියා යන්න සමග සංසන්දනය කරන්න. මහින්ද මාක්ස් මෙන් පොත් ලියා නැහැ. එහෙත් මහින්දගේ දේශපාලනයක් තියෙනවා. මහින්දට ඡන්දය දුන් පමණින් මහින්දවාදියකු වන්නේ නැහැ. එමෙන් ම එයින් කියැවෙන්නේ නැහැ මහින්දවාදීන් කියන කරන හැමැදයක් ම මහින්ද අනුමත කරනවා කියා.