Main Logo

Showing posts with label Prith. Show all posts
Showing posts with label Prith. Show all posts

Saturday, 28 March 2020

ඊනියා කොවිඩ් දැනුම, ලෙඩ දාගැනීම හා පිස්සුව

     සිංහල ලිත් ඉලක්කම්


ඊනියා කොවිඩ් දැනුම, ලෙඩ දාගැනීම හා පිස්සුව



බටහිර විද්‍යාව හා බටහිර වෛද්‍ය විද්‍යාව අද අනාථ වෙලා. ඔවුන් (ලංකාවේත් බටහිරත් පොදුවේ) නාථ දෙවියන් විශ්වාස නොකරන නිසා ඔවුන්ට ඒ දෙවියන්ට කියන්නත් බැහැ. නාථ දෙවියන් ගැන කියන්නේ පාදෙණිය පමණයි. ඒ  හේතුවෙන් අද  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් දෙකට කැඩිලා. අලුත්ගේ හා නවින් සොයිසා එක පැත්තක. පාදෙණිය තවත් පැත්තක. ඔවුන් එකිනෙකා පරදවන්න ප්‍රකාශ නිකුත් කරනවා. පාදෙණිය සහතිකය නිසාවත් නාථ දෙවියන්ගේ පැත්තෙන් අනෙක් අය ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලෙ පැත්තෙන්. ඒ තොරතුරු ඉදිරිපත් කරන්න බටහිර වෛද්‍යවරයකු වෙන්න ඕන නැහැ. අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. 

Friday, 27 March 2020

බමුණු කුලය කැඳ කෝප්පය ඉස්සීම

   සිංහල ලිත් ඉලක්කම් 


බමුණු කුලය කැඳ කෝප්පය ඉස්සීම 

පනස්හයේ ආණ්ඩු පෙරළියෙන් පසු මාර්ටින් වික්‍රමසිංහ බමුණු කුලය බිඳ වැටීම නමින් ලිපියක් ලිවුවා. ඔහුට ඒ සඳහා දහසින් බැඳි පියලි ලැබුණා. ඒත් බමුණු කුලය බිඳ වැටුණේ නැහැ. තාමත් බමුණු කුලය තියෙනවා. මාර්ටින් වික්‍රමසිංහ ලිපිය ලිවුවෙ ආණ්ඩු පෙරළියට පස්සෙ.  ඊට කලින් ඔහු බමුණු කුලයක් ගැන කිවුවෙ නැහැ. මාර්ටින් වික්‍රමසිංහ, ඊ ඩබ් අදිකාරම් වැනි අය තමයි එක්තරා ආකාරයකින් ගත්ත ම වත්මන් පඬියන්ගෙ පුරෝගාමියො. මාත් ළමා වියේත් ගැටවර වියේත් ඔවුන්ගේ පොත් කියෙවුවා. ඔවුන් බටහිර මතවාද සිංහල පාඨකයට ගෙන ආ පුරෝගාමීන්. වික්‍රමසිංහ බටහිරින් කෙටිකතාව අරගෙන එය ජාතක කතාව සමග සන්සන්දනය කළා. අප බොහෝ විට සූදානම් වන්නේ වත්මනෙහි බටහිර තියෙන දේ අවුරුදු දහස් ගණනකට පෙර අපටත් තිබුණාය කියා පෙන්නන්න. සමහරුන්ට අනුව අප වැලන්ටයින් දිනත් පවත්වා තියෙනවා! ඒ එක්තරා විධියක ඉංගිරිසින් විසින් ඇති කෙරුණු හීනමානයක්.