Main Logo

Showing posts with label Mahadenamuththa. Show all posts
Showing posts with label Mahadenamuththa. Show all posts

Friday, 27 March 2020

බමුණු කුලය කැඳ කෝප්පය ඉස්සීම

   සිංහල ලිත් ඉලක්කම් 


බමුණු කුලය කැඳ කෝප්පය ඉස්සීම 

පනස්හයේ ආණ්ඩු පෙරළියෙන් පසු මාර්ටින් වික්‍රමසිංහ බමුණු කුලය බිඳ වැටීම නමින් ලිපියක් ලිවුවා. ඔහුට ඒ සඳහා දහසින් බැඳි පියලි ලැබුණා. ඒත් බමුණු කුලය බිඳ වැටුණේ නැහැ. තාමත් බමුණු කුලය තියෙනවා. මාර්ටින් වික්‍රමසිංහ ලිපිය ලිවුවෙ ආණ්ඩු පෙරළියට පස්සෙ.  ඊට කලින් ඔහු බමුණු කුලයක් ගැන කිවුවෙ නැහැ. මාර්ටින් වික්‍රමසිංහ, ඊ ඩබ් අදිකාරම් වැනි අය තමයි එක්තරා ආකාරයකින් ගත්ත ම වත්මන් පඬියන්ගෙ පුරෝගාමියො. මාත් ළමා වියේත් ගැටවර වියේත් ඔවුන්ගේ පොත් කියෙවුවා. ඔවුන් බටහිර මතවාද සිංහල පාඨකයට ගෙන ආ පුරෝගාමීන්. වික්‍රමසිංහ බටහිරින් කෙටිකතාව අරගෙන එය ජාතක කතාව සමග සන්සන්දනය කළා. අප බොහෝ විට සූදානම් වන්නේ වත්මනෙහි බටහිර තියෙන දේ අවුරුදු දහස් ගණනකට පෙර අපටත් තිබුණාය කියා පෙන්නන්න. සමහරුන්ට අනුව අප වැලන්ටයින් දිනත් පවත්වා තියෙනවා! ඒ එක්තරා විධියක ඉංගිරිසින් විසින් ඇති කෙරුණු හීනමානයක්.