විවිධ බමුණන්ගේ කිං සච්ච ගවේසි
ලංකාවේ නිරාගාමිකයන්ට නම් මූලික ව ඇත්තේ බෞද්ධ විරෝධයක්. ඔවුන්ට අනුව
බුදුදහම තවත් දැනුමක් පමණයි. බුද්ධාගම පදනම් වන්නේ බුදුදහම මත. බුදුදහමත් විවිධ
ආකාරයෙන් අර්ථකථනය කෙරිලා තියෙනවා. එවිට බුද්ධාගම් ගැන කියන්න තියෙන්නෙ විවිධ
බුද්ධාගම් තියෙන බව. මෙරට ගිහි බෞද්ධ උගතුන් ද විවිධ දේ බුදුදහම ගැන කියා
තියෙනවා. මා ඔවුන් තරම් බුදුදහම (දහම්)
අධ්‍යයනය කර නැහැ. ඒත් මට ඒ ගැන යම් අවබෝධයක් තියෙනවා. මගේ බුදුදහම ඒ සියල්ලන්ගේ
බුදුදහම්වලට වෙනස්. මා තරමක්වත් එකඟ වන්නේ ඩේවිඩ් කළුපහන බුදුදහම ගැන කියා ඇති දේ
සමගයි. ඒත් මා ඔහුගේ ආනුභාවික හා අනිර්වචනීය කතා සමග එකඟ වන්නේ නැහැ.