Main Logo

Showing posts with label European Union. Show all posts
Showing posts with label European Union. Show all posts

Saturday, 1 February 2020

බ්‍රෙක්සිට් දෙරණ හා සිංහල බෞද්ධ රාජ්‍යය

     සිංහල ලිත් ඉලක්කම්


බ්‍රෙක්සිට් දෙරණ හා සිංහල බෞද්ධ රාජ්‍යය



ඊයේ බිරිතානිය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් වෙන් වුණා. ඒත් අදාළ කටයුතු සම්පූර්ණ කිරීමට තව මාස එකොළහක් පමණ ගත වේවි යැයි හිතනවා. ඒ කියන්නෙ 2020 අවසානය වන තෙක් පමණ. කෙසේ වෙතත් මේ හේතුව ම සමහර විට ස්කොට්ලන්තය බිරිතානියෙන් වෙන් වීමට බලපාන්න පුළුවන්. යුරෝපා සංගමය ද බිඳී යන්න ඉඩ තියෙනවා. එය රැක ගන්න නම් යුරෝපා සංගමය තම නීති රීති තව ලිහිල් කළ යුතුයි. මේ සියල්ලෙන් පෙන්වන්නේ ජාතිකවාදයේ නැගී සිටීමක්. 

Monday, 8 May 2017

ප්‍රංශ හුටපටේ


ප්‍රංශ හුටපටේ



දැනට අවුරුදු පනහකටත් ඉහත පේරාදෙණියේ ශාස්ත්‍ර පීඨයේ සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ කළ දවස්වල එහි ඉතිහාසය පිළිබඳ ආචාර්යවරයකු රෙවල්‍යුෂන් යන්නට කියන සිංහල නම අමතක වෙලා ප්‍රංශ විප්ලවේට  ප්‍රංශ මහා හුටපටේ කියලා කිව්වලු. ප්‍රංශය හා ජර්මනිය තමයි යුරෝපයේ කේන්ද්‍රය. යුරෝපයට අදහස් ලැබුණෙ මේ රටවල් දෙකෙන්. එංගලන්තය හොඳ කළමනාකරුවකු පමණයි. ඔවුන් ලෝකය කළමනාකරණයෙහි, පාලනයෙහි අති දක්‍ෂයන්. මුළු ඉන්දියාව ම පාලනය කරන්න ඔවුන් කී දෙනකු යොදා ගත්ත ද? එය කොහොමටවත් ලක්‍ෂයක් වන්න බැහැ.

Monday, 23 January 2017

දණ්ඩ නීති සංග්‍රහය අහෝසි කරමු

දණ්ඩ නීති සංග්‍රහය අහෝසි කරමු

සමලිංගික ක්‍රියා අපරාධ නොවන බවට නීති පනවන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් යටතේ යුරෝපා සංගමයෙ ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බවට වාර්තා වුනා. ජී එස් පී + සහනය ලබා දීම සඳහා එයත් එක් කොන්දේසියක් ලෙස ඉදිරිපත් වූ බව කියනවා. එය කුප්‍රසිද්ධ කොන්දේසි විසිහතෙන් එකක් ද කියා දන්නේ නැහැ. මේ කොන්දේසි හෝ එවැනි කොන්දේසි හෝ රාජපක්‍ෂ ආණ්ඩුවටත් ඉදිරිපත් කෙරුණු නමුත් ඒ ආණ්ඩුව ඒ සියල්ල ප්‍රතික්‍ෂෙප කර තිබෙනවා. රාජපක්‍ෂ ආණ්ඩුව ගෙදර යැවීමට යුරෝපා සංගමයත් කටයුතු කළා.