කුසුමාසනදේවි පහතට වැටීම
කුසුමාසනදේවි අද ඉඳන් පහතට වැටිලා. දෙරණේ රැ අටේ පටියේ සිට හයේ පටියට
යෑම හොඳ දෙයක් නම් නො වෙයි. මා නරඹන්නේ දෙරණ පමණක් නිසා මගේ අතින් කියැවෙන්නේ
දෙරණේ හොඳ නරක පමණයි. වැඩිය කිියැවෙන්නේ නරක වෙන්න පුළුවන්. ඒ නරක වැඩි නිසා.
වෙනත් නාළිකා ගැන මට කියන්න හොඳක් නැහැ. මා ඒ නරඹන්නේ නැත්තේ එබැවිනුයි. මට කිසිම
ජනමාධ්‍යයක් සමග සුහද සම්බන්ධයක් නැහැ. ජනමාධ්‍යවේදීන් මහාදැනමුත්තන්. ඔවුන් විද්‍යාත්මක
විධික්‍රමය, ක්‍රමය (සිස්ටම්) වෙනස් කිරීම, වාස්තවිකත්වය, යථාර්ථය ආදී දේ ගැන කතා කරනවා. ඔවුන් අදෘශ්‍යමාන බලවේග විශ්වාස
කරන්නේ නැහැ. ඔවුන්ට අනුව මා වැදගත් දෙයක් කියන අයකු නො වෙයි.