සේනා දළඹුවා හා
ජනමාධ්‍ය
සේනා දළඹුවා ගැන දැන් බොහෝ දෙනා
දන්නවා. මේ දළඹුවා ගැන කරන ලද අධ්‍යයනයක් නිසා ආචාර්ය උපාධියක් ලත් මා දන්නා හඳුනන
රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොහාන් රාජපක්‍ෂගේ ලිපියක් දි අයිලන්ඩ් පුවත්පතේ
පෙරේදා පළ වී තිබුණා. ඒ මහතාත් මාත් අර විශ්වවිිද්‍යාලයීය ආචාර්ය සමිති
සම්මේලනයේ 6% ඉල්ලීම ගැන රූපවාහිනියේ (නාළිකාව මට
මතක නැහැ) එක පැත්තක ඉඳ කතා කර තිබෙනවා. ඒ සටනෙන් කිහිප දෙනකුට ටීෂර්ට් ලැබීම
හැරෙන්න වෙන දෙයක් සිදු වුණේ නැහැ. ඒ කතාව කොහොම වුණත් ලිපියේ සඳහන් අන්දමට මේ
දළඹුවා ඇති වී තිබෙන්නේ එක්සත් ජනපදවල. දළඹුවා 2016 දී අප්‍රිකානු කලාපයටත් ඉන්පසු 2017 ඉන්දියාවටත්
ව්‍යාප්ත වී තිබෙනවා. දැන් දළඹුවා ලංකාවටත් ඇවිත්. ඇතැමුන් කියන විධියට 2018 අගෝස්තු මාසයේ
පමණ. රොහාන්ගේ ලිපියේ සඳහන් අන්දමට දළඹුවා මර්දනය කිරීම සඳහා කෘමිනාශක ද
තිබෙනවා. එමෙන් ම ජෛවීය ක්‍රම ද තිබනවා.