Main Logo

Showing posts with label Knowledge Systems. Show all posts
Showing posts with label Knowledge Systems. Show all posts

Sunday, 12 January 2020

අවුරුදු දෙදහස් පන්සීයක රෙද්ද

    සිංහල ලිත් ඉලක්කම් 


අවුරුදු දෙදහස් පන්සීයක රෙද්ද


යුදෙවුවන් තම යෙහෝවා දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. කිසිම අයකුට කිසිම විශ්වාසයකින් තොරව වැඩ කරන්න බැහැ. ආගමික විශ්වාස මෙන් ම ඊනියා අනාගමික විශ්වාසත් තියෙනවා. බටහිර විද්‍යාව  දැන් ආගමක් ලෙසයි කටයුතු කෙරෙන්නේ. මෙරට හරිහමන් විද්‍යාඥයකු බිහි වී නැහැ. නව සංකල්පයක් ප්‍රවාදයක් ගොඩ නගන්න, එනම් නිර්මාණය කරන්න පුළුවන් ඊනියා ශාස්ත්‍රවන්තයන් ද නැහැ. මෙරට උගතුන් දන්නේ වනපොත් කිරීමට පමණයි. විශේෂයෙන් ම පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් දැන්නේ තේරුමක් නැතිව වචන වැමෑරීම පමණයි.

Wednesday, 23 January 2019

සේනා දළඹුවා හා ජනමාධ්‍ය


සේනා දළඹුවා හා ජනමාධ්‍ය



සේනා දළඹුවා ගැන දැන් බොහෝ දෙනා දන්නවා. මේ දළඹුවා ගැන කරන ලද අධ්‍යයනයක් නිසා ආචාර්ය උපාධියක් ලත් මා දන්නා හඳුනන රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොහාන් රාජපක්‍ෂගේ ලිපියක් දි අයිලන්ඩ් පුවත්පතේ පෙරේදා පළ වී තිබුණා. ඒ මහතාත් මාත් අර විශ්වවිිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ  6% ඉල්ලීම ගැන රූපවාහිනියේ (නාළිකාව මට මතක නැහැ) එක පැත්තක ඉඳ කතා කර තිබෙනවා. ඒ සටනෙන් කිහිප දෙනකුට ටීෂර්ට් ලැබීම හැරෙන්න වෙන දෙයක් සිදු වුණේ නැහැ. ඒ කතාව කොහොම වුණත් ලිපියේ සඳහන් අන්දමට මේ දළඹුවා ඇති වී තිබෙන්නේ එක්සත් ජනපදවල. දළඹුවා 2016 දී අප්‍රිකානු කලාපයටත් ඉන්පසු 2017 ඉන්දියාවටත් ව්‍යාප්ත වී තිබෙනවා. දැන් දළඹුවා ලංකාවටත් ඇවිත්. ඇතැමුන් කියන විධියට 2018 අගෝස්තු මාසයේ පමණ. රොහාන්ගේ ලිපියේ සඳහන් අන්දමට දළඹුවා මර්දනය කිරීම සඳහා කෘමිනාශක ද තිබෙනවා.  එමෙන් ම ජෛවීය ක්‍රම ද තිබනවා.

Monday, 14 January 2019

රනිල් බුදුවෙලා ද?


රනිල් බුදුවෙලා ද?



අනෙක් අය පන්සල් යෑම ගැන මැසිවිලි දොඩන අතරෙ රනිලුත් පන්සල් යනවා. ඒ අහවල් දේකට ද කියලා හිතෙනවා. බුදුහාමුදුරුවො පන්සල්වල (ඒවාට එකල පන්සල් කිව්ව ද ආරාම කිව්ව ද විහාර කිව්ව ද කියන එක ප්‍රශ්නයක් නොවෙයි) වැඩ හිටිය මිසක් පන්සලක් ගානෙ වැඩම කළේ නැහැ.