Main Logo

Showing posts with label Sangakkara. Show all posts
Showing posts with label Sangakkara. Show all posts

Sunday, 2 June 2019

ජාතිකත්වයේ අපේක්‍ෂකයා

ජාතිකත්වයේ අපේක්‍ෂකයා

අසාද් සාලි, හිස්බුල්ලා, රිෂාඩ් බද්‍යුද්දීන් ඉවත් කිරීම ඉතා වැදගත්. ඒ බව ජනතාව කියන්නේ මාසයකටත් වැඩි කාලයක් තිස්සේ. රතන හිමියන් සෑම විටක ම මෙන් මෙවර ද දේශපාලන වාසි සඳහා ප්‍රශ්නය දඩමීමා කරගන්න හදනවා. ඕමල්පේ සෝභිත හාමුදුරුවොත් උපවාසයට දිරි දෙන්න වැඩම කරලා. මේ හාමුදුරුවරු දේශපාලන පක්‍ෂවල සාමාජිකයන් වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙච්ච හාමුදුරුවරු. එය සිංහල බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධයි. සිංහල බෞද්ධ සම්ප්‍රදායේ හාමුදුරුවරු පාලකයන් වෙන්න ගියේ නැහැ. උන්වහන්සේ පාලකයන්ට අනුශාසනා කළා, ඒ අතර ඇතැම් අවස්ථාවල පාලකයන් ද තැනුවා. එහෙත් පාලකයන් වුණේ නැහැ. රාජසභාවේ සාමාජිකයන් වහන්සේ වුණෙත් නැහැ. 

Saturday, 28 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 12


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 12



සංගක්කාර දේශපාලනයට එයි කියල කතා කරනවා. ඔහුගේ පියා ලාල් විජේනායකගෙ සමීප මිතුරකු බවත් දැන් කතා වෙනවා. ඒ දෙදෙනා ම නුවර නීතිඥයන්. මා පේරාදෙණියෙ ඉන්න කාලෙ ඉඳලා ලාල් දන්නවා. අප එකට සමසමාජ පක්‍ෂෙ වැඩ කළා. කාලෙකට ඉස්සර සංගක්කාර දේශපාලනයට ඒම ගන මා කී විට සුපුරුදු පරිදි  කිසිවකු එය සතපහකටවත් ගණන් ගත්තෙ නැහැ. ඔහුට එම් සී සී ආයතනය කොලින් කවුඩ්රි දේශනය පැවැත්වීමට ආරාධනය කිරීමට පෙරයි මා ඒ කතාව කිව්වෙ. ඔහු වැනි තරුණයකුට කොලින් කවුඩ්රි දේශනය කරන්න දුන්නෙ ඔහුට තැනක් හදා දීමට මිස ඔහුගේ පරිණතබවක් සලකලා නො වෙයි. ඒ බවත් මා එකල ම කියා ඇති. දැන් ඉම්රාන් කාන් පකිස්ථානයේ දිනලා. වැඩිකල් යන්න ඉස්සර හමුදාව ඔහු ගැන බලා ගනීවි. ඒත් දැනට ඒ කාරණය නිසාත් සංගක්කාර ඉහළට ගිහින්. මා මේ කාරණය මතක් කෙළේ සිංහලයන්ට යමක් අවබෝධ කර ගැනීමට බොහෝ කල් යන බව කීමටත් ඒ වන විට ඒ ගැන මුලින් කතා කළ අය අමතක වී ඇති බවත් කීමට පමණයි. සංගක්කාර ගැන අපි පස්සෙ තව කතා කරමු. ඔහුට දිනන්න බැහැ. එහෙත් වෙන අයකු දිනන එක වළක්වන්න පුළුවන්. ඔහු මුදළට වෙනත් අයගේ භාණ්ඩ විකුණන්නකු ද වෙනවා.