දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 12
සංගක්කාර දේශපාලනයට එයි කියල කතා කරනවා. ඔහුගේ පියා ලාල් විජේනායකගෙ
සමීප මිතුරකු බවත් දැන් කතා වෙනවා. ඒ දෙදෙනා ම නුවර නීතිඥයන්. මා පේරාදෙණියෙ ඉන්න
කාලෙ ඉඳලා ලාල් දන්නවා. අප එකට සමසමාජ පක්‍ෂෙ වැඩ කළා. කාලෙකට ඉස්සර සංගක්කාර
දේශපාලනයට ඒම ගන මා කී විට සුපුරුදු පරිදි
කිසිවකු එය සතපහකටවත් ගණන් ගත්තෙ නැහැ. ඔහුට එම් සී සී ආයතනය කොලින්
කවුඩ්රි දේශනය පැවැත්වීමට ආරාධනය කිරීමට පෙරයි මා ඒ කතාව කිව්වෙ. ඔහු වැනි
තරුණයකුට කොලින් කවුඩ්රි දේශනය කරන්න දුන්නෙ ඔහුට තැනක් හදා දීමට මිස ඔහුගේ
පරිණතබවක් සලකලා නො වෙයි. ඒ බවත් මා එකල ම කියා ඇති. දැන් ඉම්රාන් කාන් පකිස්ථානයේ
දිනලා. වැඩිකල් යන්න ඉස්සර හමුදාව ඔහු ගැන බලා ගනීවි. ඒත් දැනට ඒ කාරණය නිසාත්
සංගක්කාර ඉහළට ගිහින්. මා මේ කාරණය මතක් කෙළේ සිංහලයන්ට යමක් අවබෝධ කර ගැනීමට බොහෝ
කල් යන බව කීමටත් ඒ වන විට ඒ ගැන මුලින් කතා කළ අය අමතක වී ඇති බවත් කීමට පමණයි.
සංගක්කාර ගැන අපි පස්සෙ තව කතා කරමු. ඔහුට දිනන්න බැහැ. එහෙත් වෙන අයකු දිනන එක
වළක්වන්න පුළුවන්. ඔහු මුදළට වෙනත් අයගේ භාණ්ඩ විකුණන්නකු ද වෙනවා.