Main Logo

Showing posts with label Ombudsman. Show all posts
Showing posts with label Ombudsman. Show all posts

Tuesday, 4 June 2019

පාස්කු ප්‍රහාරයට පසු පාස්කු නාට්‍යය


පාස්කු ප්‍රහාරයට පසු පාස්කු නාට්‍යය
පාස්කු නාට්‍ය සාමාන්‍යයෙන් කතෝලික ප්‍රදේශවල රඟ දැක්වෙනවා. අද පාස්කු නාට්‍යය ලංකාව පුරා ම රඟ දැක්වෙනවා. අසාද් සාලි හා හිස්බුල්ලා මෛත්‍රිපාලගෙන් ඉල්ලා සිටියා ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස. ඒ ඉල්ලීමට ම නොවූවත් ඥානසාර හිමි නිදහස් කෙරුණා. රතන හිමියන් අසාද් සාලි හිස්බුල්ලා මෙන් ම බද්‍යුද්දීන් ද තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් ඊනියා අඛණ්ඩ උපවාසයක් ඇරඹුවා. ඥානසාර හිිමියන් රතන හිමියන්ට සහයෝගය දක්වමින් තමන්වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලා සිටි අසාද් සාලි හා හිස්බුල්ලා ඉවත් කරන මෙන් ඉල්ලා නුවර සිට කොළඹට පාද යාත්‍රාවක් ඇරඹුවා. පාද යාත්‍රාව ගැටඹෙට එනකොට අසාද් සාලි හා හිස්බුල්ලා තම තනතුරුවලින් ඉල්ලා අස්වුණා. පාද යාත්‍රාවත් උපවාසයත් නැවතුණා. නුවර ඇසළ පෙරහැරෙන් පසු දවල් පෙරහැර දිය කපන්න එන්නෙත් ගැටඹෙට. තාම පොසොන් මාසෙ ලැබුව විතරයි.