නාථ දෙවියන් හා ක්‍රිස්තියානි කට්ටඩියන්
මාලිංග හර්මන් ගුණරත්න කලක් ජේ ආර්ගෙත් හිතවතෙක්. එහෙත් පසුව විරසක
වුණා. ඔහු පොතක් ලියලා ඉංගිරිසියෙන්. එහි ඉංගිරිසි නම ගෝඩ්ස් සීක්‍රට් ඒජන්ට්,
එනම් දෙවියන් වහන්සේගේ රහස් නියෝජිතයා. මා ඒ
පොත කියවා නැහැ. දි අයිලන්ඩ් පත්‍රයෙහි ඒ පිළිබඳ ලියැවුණු විචාරයක් කියවීමට
ලැබුණා. ඒ අනුව ක්‍රිස්තු භක්තිකයකු වන නිස්සන්ක විමලසූරිය නමැත්තකු ශුද්ධ වූ
ආත්මයක් සමග යම් යම් ප්‍රතිහාර්ය කර තිබෙනවා. එහි ඒ ශුද්ධ ආත්මය දෙවියන් වහන්සේ
කියා කියන්නේ නැහැ. නිස්සන්ක විමලසූරිය කොඩිවින කැපීම වැනි කාර්යයන් සිදු කර
තිබෙනවා.