ඊනියා සිංහල බෞද්ධ අන්තවාදය, අවස්ථාවාදීන් හා බේගල්ලා
සිංහලයන්ගේ සමගියක් ඇති කිරීමටත් ඒ වටා ජනවර්ග එකතු කිරීමටත් කටයුතු කරන සියල්ලන්ට අපි කෘතඥ වෙන්න ඕන. මෙය දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි ජාතික ප්‍රශ්නයක්. ඒත් එයිනුත් ප්‍රයෝජන ගන්න හදන උදවිය ඉන්නවා. තමන් කළ සියලු පව් වරක් කැලණිය වැඳීමෙන් නැති කර ගැනීමට උස්සාහ දරණ චම්පක වැන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඕන. ඔහු ජාතිකත්වයට විරුද්ධ ව ඉඳල, ජාතිය කියන්නෙ මළකඳක් නලින් සිල්වා කිව්වට ඒක කර ගහ ගෙන යන්න බැහැ කියල, ඩී එස් සේනානායක විදුහලේ සිසුන් කොටුව දුම්රිය පෙළේ දි ඝාතනය කෙරුණට පස්සෙ ඔන්න දැන් ඉල්ලමක් පෑදිල කියල ජාතිකත්වයට මාරුවෙලා ඉන් පස්සෙ ජාතික ව්‍යාපාරය දේශපාලනයට ලක් කරල එය මරා දැමීමට කටයුතු කරල රනිල් බලයට පත් කිරීමේ පාප කර්මයට දායක වෙච්ච කෙනෙක්.