සිංහල ලිත් ඉලක්කම්
දයාසිරි හා එස් බී ලා
ඊයේ ශ්‍රී ල නි පක්‍ෂයේ තුන්දෙනකුට විරුද්ධ ව විනය පරීක්‍ෂණයක් තිබුණා. එහි තීන්දුව පසුව දෙන බවයි කියැවෙන්නේ. ලක්‍ෂමන් යාපා මාධ්‍යවේදීන් යැයි කියා ගන්නන්ට ඔහුට තේරෙන විධියට හොඳ පිළිතුරක් දී තිබුණා. ඔහු කියා ඇත්තේ ඔවුන් ගත් තීරණයට පසුව ශ්‍රී ල නි පක්‍ෂය පැමිණි බවයි. තවත් අයකු කියා ඇත්තේ තමන් ගත් තීරණයට දයාසිරි ජයසේකර පසුව පැමිණි බවයි.
ශ්‍රී ල නි පක්‍ෂය ඔවුන් තිදෙනා නෙරපා දමාවි ද කියා මා දන්නේ නැහැ. බැරිවෙලාවත් නෙරපා දැමුවහොත් ඔවුන්ට ලබන මැතිවරණයේ දී නාම යෝජනා ලැබේවි ද? ඔවුන් තිදෙනාගේ ජාතිකත්වයක් නම් මා දකින්නේ නැහැ. මැතිවරණයට අපේක්‍ෂකයන් තෝරන්නෙ කොහොමද කියා මා දන්නේ නැහැ. කොහොමටත් මැතිවරණය තරග කරන්න ඕන ශ්‍රී ලංකා නිදහස් ජාතික සංධානයෙන්. මා හිතන විධියට එහි නායකයා ගෝඨාභය රාජපක්‍ෂ. ඔහුගේ සභාපතිත්වයෙන් තමයි අර පක්‍ෂ හා කණාඩායම් දහහතක් ගිවිසුමකට එළඹුනෙ.
ඒ ගිවිසුමට පොහාට්ටුව වෙනුවෙන් අත්සන් කෙළෙ සාගර කාරියවසම්. ඔහු පිටුපසින් ජී එල් පීරිස් හිටගෙන හිටියා. බැසිල් රාජපක්‍ෂ ද හිටි බව මගේ මතකයයි. ගිවිසුමට ඔවුන්ගේ ද ආශිර්වාදය ලැබුණු බව ඉන් කියැවෙන්නෙ. ගෝඨාභය පොහොට්ටුවෙන් තරග කළත් ඔහු ජාතික අපේක්‍ෂකයා මිස පක්‍ෂයක අපේක්‍ෂකයකු නො වෙයි. මා ඇතුළු පිරිසක් ගෝඨාභයට මිස පොහොට්ටුවට ඡන්දය දුන්නෙ නැහැ. මා දන්නා තරමට ගෝඨාභය රාජපක්‍ෂ පොහොට්ටුවේ සාමාජිකයකු නො වෙයි.
පොහොට්ටුවෙ උද්ධච්ඡයන් පිරිසක් පුටුවෙන් තරග කරන්නෙ නැතිව පොහොට්ටුවෙන් තරග කරන්න වලි කනවා. පොහොට්ටුවට පමණක් තුනෙන් දෙකක බහුතරයක් ලබා ගන්න බැහැ. ගෝඨාභයට පොහොට්ටුවෙන් තරග කිරීමට අනෙක් පක්‍ෂ, මා හිතන විධියට විශේෂයෙන් ම ශ්‍රී ල නි පක්‍ෂය එකඟ වුනෙ මැතිවරණයට පුටුවෙන් තරග කිරීමේ එකගත්වයට යටත් ව. ඒ එකඟතා දෙක එක ම එකඟතාවක පැති දෙක. එකක් අනෙකෙන් වෙන් කරන්න බැහැ. පුටුව ලකුණ චන්ද්‍රිකාගේ බූදලයක් නොවන බවත් කියන්න ඕන.
ගෝඨාභය රාජපක්‍ෂ දිනුවේ කරුණු දෙකක් නිසා. පළමුවෙන්ම සිංහල අති විශාල බහුතරයක් ගෝටාභයට ඡන්දය දුන්නා. ගෝඨාභයත් රුවන්වැලි සෑ මළුවෙ දි කිව්වෙ තමා දිනුවෙ සිංහල ඡන්දවලින් කියලා. ඒ පිළිබඳ විවාදයක් නැහැ. අපට නම් එලෙස දිනන්න පුළුවන් වීම ගැන සැකයක් තිබුණෙ නැහැ. ඩිලාන්ලාට නම් සැකයක් තියෙන්න ඇති. දෙවැනි කරුණ අර ගිවිසුම. ගෝඨාභයට 52.25%ක ඡන්දයක් ලැබුණෙ ශ්‍රි ල නි පක්‍ෂය නිසා.
පොහොට්ටුවට ශ්‍රී ල නි පක්‍ෂය සමග එකතු වෙන්න කියල අප කීවෙ ජනාධිපතිිවරණය දවසෙ නො වෙයි. නාම යෝජනා දවසෙත් නො වෙයි. එයට බොහෝම කාලෙකට ඉස්සර. මහින්ද මෛත්‍රිපාලට ශක්තිය දිය යුතු බව අප කීවේ කාලෙකට ඉස්සර. ඒ රනිල් ඉවත් කර මහින්ද අගමැති කිරීම සඳහා. මෙය මෛත්‍රිපාල ගැන ඇති විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මට මෛත්‍රිපාල ගැනවත් මහින්ද ගැනවත් බැසිල් ගැනවත් විශ්වාසයක් නැහැ. බැසිල් තමයි මෛත්‍රිපාල යහපාලනයට තල්ලු කෙළෙ. මහින්ද හා බැසිල් තමයි අද ගිවිසුම කඩමින් පොහොට්ටුවෙන් තරග කිරීමට තම අනුගාමිකයන් පොළඹවන්නෙ.
මෙරට මිනිසුන්ට මතක් වෙන්නෙ ප්‍රතික්‍රියාව (නිව්ටන්ගෙ කෙහෙම්මල නො වෙයි) මිසක් ක්‍රියාව නො වෙයි. බැසිල්ගෙ උද්ධච්ඡකම තමයි ක්‍රියාව. මෛත්‍රිපාල යහපාලනයට යෑම ප්‍රතික්‍රියාව. මෛත්‍රිපාල යෑම පිළිබඳ ප්‍රධාන වරදකරුවා බැසිල්. 2015 පරාජයට මූලික ව වග කියන්න ඕනෙත් බැසිල්. ඔහු කිසිම ජාතිකත්වයක් නැති අයෙක්. ඔහු සිංහල ඡන්දවලින් පමණක් දිනිය නොහැකි බව කිව්ව. ඔහු මුලින් ගෝඨාභයට විරුද්ධ වුනා. ශ්‍රී ල නි පක්‍ෂය සමග එකතු වීමට ඔහුත් ජී එල් පිරිසුත් විරුද්ධවයි හිටියෙ. 2019 ජනාධිපතිවරණයේ බැසිල් නැගෙනහිර පළාතෙ ඡන්ද එකතු කරන්න ගිහින් හිටියා. ලැබුණු ඡන්දයක් නැහැ. ඔහුගෙ තක්සේරු වැරදියි. ජනාධිපතිවරණයෙන් සජිත් මෙන් ම බැසිල් ද පරාදයි.
මෛත්‍රිපාල ගැන විශ්වාසයක් නැතත් (ඔහු ජනාධිපති පදවියට පත් වූ දින ම මහු වැන්නකු සමග වැඩ කිරීමට නොහැකි බව පවසමින් මා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අස් වුනා. මා හිතන්නේ එසේ අස් වූ පළමු තැනැත්තා මා කියා) ඔහුට පමණයි 2018 දි මහින්ද අගමැති කරන්න පුළුවන්කම තිබුණෙ. ඔහු එය කළා. අප ඒ වෙනුවෙන් කටයුතු කළා. එහෙත් පොහොට්ටුවෙ ඇතැමුන් රිෂාඩ් බද්‍යුද්දීන්ගෙ පක්‍ෂය කඩන්න තිබුණු අකමැත්ත නිසා මහින්ද අගමැති ලෙස රඳව ගන්න උත්සාහ කෙළෙ නැහැ. ඒ ආණ්ඩුව කඩා වැටුනෙ මෛත්‍රිපාල හින්ද නොවෙයි පොහොට්ටුවෙ අය හින්ද. අප කියා සිටියා ශ්‍රී ල නි පක්‍ෂය නොමැති ව ගෝඨාභයට 50%ක් ගන්න බැහැ කියා. මහා මැතිවරණයේ දී පුටුවෙන් තරග කිරීමෙන් පමණයි තුනෙන් දෙකක බහුතරයක් ලබා ගන්න පුළුවන්. ඒ මිස පොහොට්ටුවෙ උද්ධච්ඡයන් කියන විධියට ශ්‍රී ල නි පක්‍ෂය අත් හැරීමෙන් නො වෙයි. මෙය අහවල් අහවල් දේශපාලනඥයා ගැන තියෙන විශ්වාසය මත නොව සිංහල ඡන්ද එකතු කිරීම එහෙම නැත්නම් එක ගොඩකට ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්.
මේ සියල්ල අර චූදිතයන් සමග සම්බන්ධ වන්නේ කොහොම ද? චූදිතයන් කියන්නේ ඔවුන් දයාසිරිට කලින් යන්න ඕන තැනට ගියා කියා. එහෙත් ඔවුන් එහි ගියේ බලයක් නැතියවුන් ලෙස. ඔවුන්ට ගිවිසුම් තිබුණෙ නැහැ. තිබුණෙ අපේක්‍ෂකත්ව ගැනීම පිළිබඳ ප්‍රශ්නය පමණයි. අඩු තරමෙන් දයාසිරි ජයසේකර පොහොට්ටව සමග එකතු වුනෙ ගිවිසුම් කිහිපයක් සමග. අද මහින්දගෙ හා බැසිල්ගෙ ආශිර්වාදය ලබන පොහොට්ටුවෙ උද්ධච්ඡයන්ට හිසරදයක් වී තියෙන්නෙ මේ ගිවිසුම්. ඒ ගිිවිසුම් මැද්දෙත් පොළොන්නරුව වගේ තැන්වල ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට හූ කිව්ව, ඔවුන් ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහභාගි කරවා ගත්තෙ නැහැ.
චූදිතයන් තිදෙනා දයාසිරිට ඉක්මණින් කරුණු දැන ගත්තා, තීරණ ගත්තා නො වෙයි. ඔවුන් පොහොට්ටුවට ගියෙ බෙලහීනයන් ලෙස. ඇත්තට ම නිවටයන් ලෙස. දයාසිරි ගියෙ ගිවිසුම්වලින් ශක්තිමත් ව. චූදිතයන්ට තිබුණෙ හුදෙක් පෞද්ගලික අපේක්‍ෂා පමණයි. දයාසිරිට පක්‍ෂයේ අපේක්‍ෂාව තිබුණ. මෙය කාලය පිළිබඳ ප්‍රශ්නයක් නො වෙයි. එස් බී ලා මේ වන විට පොහොට්ටුවෙ සාමාජිකයන් නම් ඔවුන් ශ්‍රී ල නි ප ව්‍යවස්ථාවට පිටින් ගිහිල්ල. එහෙම ගිහිල්ල නම් ඔවුන් ගැන තීරණයක් ගන්න දෙයක් නැහැ. ඔවුන් පක්‍ෂය හැර ගියවුන්. ඔවුන්ගේ පුටුව මත අපේක්‍ෂකත්වය තීරණය කරන්නෙ පොහොට්ටුව. ඔවුන් පොහොට්ටුවෙ සාමාජිකයන් නොවේ නම් ශ්‍රී ල නි පක්‍ෂය පළමුව විනය පරීක්‍ෂණය පවත්වා දෙවනුව එහි තීරණය අනුව පුටවෙන් ඔවුන්ට තරග කරන්න දෙනවා ද යන්න ශ්‍රී ල නි ප තීරණය කරාවි.
එස් බී ලාගෙ පොහොට්ටු ගමනය දයාසිරිගේ වගේ නොවෙයි. දයාසිරි කිසි විටෙකත් පොහොට්ටුවට ගියේ නැහැ. ඔහු ශ්‍රී ල නි ප වැඩ බලන ලේකම් ලෙස පොහොට්ටුව සමග ගිවිසුම් ගණනාවකට එළඹුණ. පොහොට්ටුවට යෑම හා පොහොට්ටුව සමග ගිවිසුම්වලට ඒම යන ක්‍රියාවන් දෙක එකක් නොවෙයි. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් ද නොවෙයි. එය ගිවිසුම් පිළිබඳ ප්‍රශ්නයක්. දුර දක්නා නුවණ තිබුණෙ එස් බී ලාට ද දයාසිරි ජයසේකරට ද කියන එක පොහොට්ටු උද්ධච්ඡයන්ගෙ හැසිරීමෙන් මොනවට පැහැදිලි වෙනවා.