Main Logo

Showing posts with label Putuva. Show all posts
Showing posts with label Putuva. Show all posts

Sunday, 8 December 2019

දයාසිරි හා එස් බී ලා

    සිංහල ලිත් ඉලක්කම් 

දයාසිරි හා එස් බී ලා


ඊයේ ශ්‍රී ල නි පක්‍ෂයේ තුන්දෙනකුට විරුද්ධ ව විනය පරීක්‍ෂණයක් තිබුණා. එහි තීන්දුව පසුව දෙන බවයි කියැවෙන්නේ. ලක්‍ෂමන් යාපා මාධ්‍යවේදීන් යැයි කියා ගන්නන්ට ඔහුට තේරෙන විධියට හොඳ පිළිතුරක් දී තිබුණා. ඔහු කියා ඇත්තේ ඔවුන් ගත් තීරණයට පසුව ශ්‍රී ල නි පක්‍ෂය පැමිණි බවයි. තවත් අයකු කියා ඇත්තේ තමන් ගත් තීරණයට දයාසිරි ජයසේකර පසුව පැමිණි බවයි. 

Monday, 2 December 2019

සජිත් බැසිල් ආදී පරාජිතයෝ

 සිංහල ලිත් ඉලක්කම්



සජිත් බැසිල් ආදී පරාජිතයෝ 
ජනාධිපතිවරණයෙන් පරාජය වුනෙ සජිත් පමණක් නො වෙයි. බැසිලුත් පරාදයි. ප්‍රධාන වශයෙන් ම බැසිල් හා ඔහුගෙ අනුගාමිකයන් තමයි සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපතිවරණය දිනන්න බැහැ කිවුවෙ. එපමණක් නොවෙයි ඔවුන් මුලින් ගෝඨාභයට විරුද්ධ වුනා. එහෙත් අද ඔවුන් තමයි ජයග්‍රහණයට උරුමකම් කියන්න මුලින් ම ඉදිරිපත් වෙන්නෙ. මා දැක්කා මේ කණ්ඩායමේ කිහිප දෙනෙක් කියල තියෙනවා මොන ගිවිසුම් තිබුණත් මැතිවරණයේ දී ඉදිරිපත් වන්නේ පොහොට්ටුවෙන් කියල. ඔවුන්ට අනුව බැසිල් තමයි පොහොට්ටුව නිර්මාණය කළෙ.