Main Logo

Showing posts with label Ven Amila. Show all posts
Showing posts with label Ven Amila. Show all posts

Sunday, 10 February 2019

ඔක්තෝම්බර් විසිහය, රනිල් හා බැසිල්


ඔක්තෝම්බර් විසිහය, රනිල් හා බැසිල්



ඔක්තෝම්බර් විසිහය ගැන එක් එක් අය එක් එක් කතා කියනවා. එ ජා පෙරමුණ හා එහි හවුල්කාර දෙමළ ජාතික සංධානයත් ජ වි පෙරමුණත් ඒ ගැන ප්‍රධාන වශයෙන් ම කියන්නේ එය ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සහ ව්‍යවස්ථා විරෝධී කියායි. එහෙත් මේ එක් අයකුවත් මහින්ද අගමැති කිරීමට විරුද්ධ ව අධිකරණයට ගියේ නැහැ. දඹර අමිල හිමියන් පමණක් අවසානයේදී නඩුවක් පැවරුවා. එය මැයි මාසෙට කල් ගිහිල්ලා. මාත් කැමතියි ඒ ගැන විනිසුරුවරුන් කියන්නෙ මොකක් ද කියලා දැන ගන්න.