වැඩ ඇල්ලීම
මේ දිනවල දේශපාලනයේ ඇත්තේ නොනගතයක්. එය සිංහල පැය තිස්දෙකක් නැත්නම් ඉංගිරිසි පැය (හෝරා) දොළහයි විනාඩි හතළිස්අටක් වෙන අවුරුදු නොනගතයට වඩා බෙහෙවින් වැඩියි. සමහරවිට සතියක් විතර යන්න පුළුවන්. මෛත්‍රිපාල මොකක් ද ප්‍රකාශයක් කරන්න සූදානම්ලු. එක එක අය තමන් දකින ආකාරයට ඒ ප්‍රකාශය දැනටමත් දැකල. සජිත් අගමැති කරන්න යනව කියල කියනව. සජිත් අගමැති කරයි ද නැද්ද කියල නම් මා දන්නෙ නැහැ. හැබැයි සජිත් අගමැති කළොත් ඔහු 113 ලබා ගනීවි.