නොනවතින පිමි
බොහොම කාලෙකට ඉස්සර මා මාක්ස්වාදියකු ව ඉන්න කාලෙ ආසාවෙන් කියෙව්ව පොතක් වුණෙ ට්‍රොට්ස්කිගෙ නොනවතින විප්ලවය (Permanent Revolution). ජ වි පෙ ට්‍රොට්ස්කිවාදී පක්‍ෂයක් වෙලා නැහැ. ඒ පක්‍ෂය බිහිවුණෙ මාම්වාදී තිඹිරි ගෙයක. ඒ මොකක් වුණත් ජ වි පෙ විප්ලවවාදී පක්‍ෂයක් හැටියට තමයි හැඳින්වෙන්නෙ. ජ වි පෙ පහුගිය අවුරුදු පනහක කාලයක දෙවතාවක් ම විප්ලවය කරන්න හදපු පක්‍ෂයක්. පොලීසිවලට ගහල විප්ලවය කරන්න පුළුවන් කියල හිතපු නායකයකුගෙ පක්‍ෂයක්. තරුණයන් දසදහස් ගණනක් විප්ලවය වෙනුවෙන් බිලි දුන් පක්‍ෂයක්. හෙට අනිද්දා ඔවුන් ඒ තරුණයන් සමරාවි. පළමුව මරාවි දෙවනුව සමරාවි.