Main Logo

Showing posts with label Legislative Council. Show all posts
Showing posts with label Legislative Council. Show all posts

Sunday, 27 January 2019

විපක්‍ෂය ගත යුතු මග


විපක්‍ෂය ගත යුතු මග



මා ඊයේ ලිපිය ලියන විට දැනගෙන හිටියේ නැහැ ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් යම් පිරිසක් පසුගිය සැප්තැම්බරයේ වෙනස් කෙරී ඇති බව. එබැවින් ව්‍යවස්ථා සභාව කල් ඉකුත් වූ සභාවක් යැයි කීම වරදක්. ඒ වරද ගැන මා කණගාටු වෙනවා. එය දත්තයක් පිළිබඳ වරදක්.

Saturday, 26 January 2019

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කල් ඉකුත් වූවක් 2




ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කල් ඉකුත් වූවක් 2


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කල් ඉකුත් වූවක් යන මැයෙන් පළ වූ ලිපියෙහි සඳහන් වූ දේ වැරදියි. පසුගිය සැප්තැම්බරයේ ව්‍යවස්ථා සභාවට   අදාළ 41 (අ)  යටතේ අලුතෙන් සභිකයන් පත් කර තිබෙනවා. එබැවින් ව්‍යවස්ථා සභාව කල් ඉකුත් වී නැහැ. එහෙත් මහින්ද විපක්‍ෂ නායක වීමෙන් පසු අගමැති විපක්‍ෂ නායක එකතු වී පත්කෙරී ඇති සභිකයන් වෙනස් විය යුතුයි. මහින්ද ඒ සඳහා වහාම  ක්‍රියාත්මක විය යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කල් ඉකුත් වූවක්


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කල් ඉකුත් වූවක්





ජනාධිපති විසින් නිර්දේෂ කරන ලද විනිසුරුවන් නැවතත් ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්‍ෂෙප කෙරිලා. බයිලා චක්‍රවර්ති රනිල් පාර්ලිමේන්තුවේ මොන බයිලා කිව්වත් ව්‍යවස්ථා සභාවේ ඊනියා අපක්‍ෂපාති බව ගැන ප්‍රශ්න තියෙනවා. රධිකා කුමාරස්වාමි ජයන්ත ධනපාල වැන්නන් අපක්‍ෂපාත ද? අපක්‍ෂපාත බව තීරණය කරන්නේ කෙසේ ද? ඒ සඳහා ඇති මිණුම් දඬු කවරේ ද? රනිල් පාර්ලිමේන්තුවේ දී විපක්‍ෂයට තර්ජනය කරනවා විනිසුරු මඬුල්ලේ අපක්‍ෂපාති බව ප්‍රශ්න කරන්න බැහැ කියමින්. අර රනිලුත් දන්න කියමනක් තියෙනවා සීසර්ගෙ භාර්යාව සැකයකට තුඩු නොදිය යුතු ය කියා. Caesar's wife must be above suspicion. මෙය පරණ රෝම කතාවක්. මා එය විස්තර කරන්නේ නැහැ. රධිකාලා ආරියරත්නලා ධනපාලලා ඉන්න ව්‍යවස්ථා සභාවක් ගැන නම් සැක තිබෙනවා.