මහින්දට වචනයක්
දින සියයේ ආණ්ඩුව පිහිටුවා දැන් වසර තුනකට ආසන්නයි. නීත්‍යානුකුල
නොවන ඊනියා එ ජා පෙරමුණු – ශ්‍රී ල නි ප ජාතික ආණ්ඩුව පිහිටුවා වසර දෙකකට වැඩියි.
පාර්ලිමේන්තුවේ නියෝජනය නොවන ශ්‍රී ල නි පක්‍ෂය සමග ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා
ගන්න බැහැ. එහෙත් කරු ජයසූරිය කතානායක ව ඉන්න තාක් රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාතය යටතේ
පාර්ලිමේන්තුවේ නීති විරෝධී සම්ප්‍රදාය විරෝධී ක්‍රියා වෙන්න පුළුවන්. වෙනත්
කිසිවකු ඊනියා ජාතික ආණ්ඩුව නීත්‍යානුකුල නොවීම ගැන කතා නොකරන්නේ මගේ තර්කය වැරදි
නිසා ද? ශ්‍රී ල නි ප පිළිගන්නා කතානායක ම එ පෙ,
ජා නි පෙ ආදී පක්‍ෂ පිළිගන්නේ නැහැ. ඒකාබද්ධ
විපක්‍ෂය ඊනියා ජාතික ආණ්ඩුව ප්‍රශ්න නොකරන්නේ යම් දිනයක කරු ජයසූරිය විපක්‍ෂයේ
පක්‍ෂ පිළිගනීවි යන බලාපොරොත්තුවෙන් ද?