Main Logo

Tuesday 7 July 2020

ප්‍රශ්නයක් වූ අසමත් පුතාලා

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9








ප්‍රශ්නයක් වූ අසමත් පුතාලා 

බොහෝ දෙමව්පියන්ටඅවශ්‍ය තම දරුවන් සමාජයේ තමන්ට වඩා ඉහළින් සිටිනු දකින්න. මෙහි ඉහළින් කියන්නෙ මේ සමාජයේ සම්මත ආකාරයෙන්. ලිපිකරුවකුට අවශ්‍ය වන්න පුළුවන් තම පුතා හරි දුව හරි අමාත්‍යාංශ ලේකම් කෙනකු කරන්න. සමහර දෙමව්පියන්ට අවශ්‍ය තම දරුවා තම ක්‍ෂෙත්‍රයෙහි ම ඉහළින් සිටිනු දකින්න. තවත් සමහරුන්ට අවශ්‍ය දරුවන් වෙනත් ක්‍ෂෙත්‍රයක ඉහළින් තබන්න. ඒ සඳහා අධ්‍යාපනයක් ලබා දෙන්න. මා එයට දොස් කියන්නේ නැහැ. අධ්‍යාපනය එක එක විධියට ලබා ගන්න පුළුවන්. දේශපාලනයෙ දී අවශ්‍ය වෙන ම අධ්‍යාපනයක්. දේශපාලන විද්‍යාව ඉගෙන ගෙන දේශපාලනය කරන්න බැහැ.


අද අධ්‍යාපනය තියෙන්නෙත් සමාජයේ ඉහළ යෑමට ඉණිමගක් ලෙස. අධ්‍යාපනයත් මේ සමාජයේ ම නිපැයුමක්. මේ සමාජය කිව්වට ලංකාවෙ සමාජයෙ නිපැයුමක් නො වෙයි. බටහිරයන්ගෙ නිපැයුමක් අප ලබා ගෙන ඇති බාල ආකාරය. ඉංගිරිසින් අපට ලබා දුන් අධ්‍යාපන පද්ධතිය අප දිගට ම පවත්වාගෙන යනවා. අපේ රටේ පමණක් නොව බොහෝ රටවල කෙරෙන්නේ එයයි. අප ප්‍රමිති ගැන කතා කරනවා. ඒ ප්‍රමිති අපේ නොවෙයි. වැසිකිළියේ සිට ගඳකිළිය (නිිදන කාමරය යන අරුතින්) දක්වා ඇත්තේ බටහිර ප්‍රමිති. 

එක්සත් රාජ්‍යවල අධ්‍යාපනය එරට ඉතිහාසයට ආණ්ඩුක්‍රමයට තැනක් දෙනවා. තමන් ජීවත් වන්නේ නිදහස් රටක කියා සිසුන්ට කියා දෙනවා. ඒ නිසා ම තමයි අද සමහරු මුඛ ආවරණ පැළඳීමට විරුද්ධ වන්නෙ. එහෙත් නිදහසෙත් සීමා තියෙනවා. අර්ථදැක්වීම් හෙවත් නිර්වචනවලට තැනක් දෙනවා. සරල රේඛාවකට අනන්ත දිගක් තියෙන බව පැහැදිලි ව කියනවා. ලංකාවෙ බොහෝ විට සරල රේඛා කියන්නෙ සරල රේඛා ඛණ්ඩවලට. නිර්වචන මගින් සමාජයක් මෙහෙයවන්න පුළුවන්. 

බටහිර රටවල අධ්‍යාපනය ඇත්තේ සමාජය පවත්වාගෙන යෑමට. ඒ නිසා ම ඔවුන්ට නිර්මාණාත්මක මනස් තියෙන අය අවශ්‍යයයි. අධ්‍යාපනය ඒ පැත්තත් බලනවා. එහෙත් නිර්මාණ සිදුවන්නේ ඔවුන්ගේ චින්තනයේ. මා එය වරදක් ලෙස දකින්නේ නැහැ. ඔවුන්ට අපේ චින්තනයේ නිර්මාණයක් (සංස්කරණයක්) කරන්නත් බැහැ. නිර්මාණය කියන වචනය ම බටහිර සංස්කෘතියෙන් ලැබෙන වචනයක්. දෙවියන් වහන්සේ ලෝකය නිර්මාණය කළා. බටහිරයන් ඒ ලෝකය දැන ගන්නවා. එහෙමත් නැත්නම් ලෝකය පිළිබඳ දැනුම හොයා ගන්නවා. අරයා අරක හොයා ගත්තා මෙයා මේක හොයා ගත්තා ආදී වශයෙන් කියන්න පුරුදු වෙලා තියෙන්නෙ එබැවිනුයි. 

දෙවියන් වහන්සේ නිර්මාණය කළ ලෝකයේ ඊනියා සත්‍ය වූ දැනුම තමයි බටහිරයන් හොයා ගන්න මහන්සි වෙන්නෙ. ඒ විශ්වාසය මත පදනම් වූ තර්කය අනුභූතිය යොදා ගෙන. එහෙත් සීමා ඇතුළෙ. දෙවියන් වහන්සේ නිර්මාණය කළ ලෝකයට (විශ්වයට) අත තියන්න බැහැ. දෙවියන් වහන්සේ ලෝකය මැව්වා, නිර්මාණය කළා. ඒ විශ්ව ප්‍රමාණය (ද්‍රව්‍ය හා විකිරණය) වෙනස් කරන්න බැහැ. ඒකට තමයි ශක්ති සංස්ථිතිය කියන්නෙ. මෙරට පඬියන්ට, පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට මේවා ප්‍රශ්න නොවෙයි. ඔය බටහිරයන් දෙන දෙයක් (දැනුමක්) කාල ඇඳලා ඉන්න එක තමයි තියෙන්නෙ. 

බටහිරත් ඉන්නවා දැනුම නිර්මාණය කරනවා කියන පිරිසක්. ඔවුන් එය සමාජ නිර්මාණයක් (social construction) ලෙසයි හඳුන්වන්නෙ. එහෙත් එය මා කියන දැනුම සංස්කරණයෙන් වෙනස්. කෙසේ වෙතත් මාත් මගේ ලෝකයේ සඳහන් කර ඇත්තේ දැනුම් නිර්මාණයක් ගැන. එය සංස්කරණය කියා සංස්කරණය විය යුතුයි. දැනුත් ඉඳහිට මගේ අතින් දැනුම නිර්මාණය කිරීම කියා කියැවෙනවා. එය දැනුම සංස්කරණය වෙන්න ඕන. 

මේ දැනුම් කතා අර දෙමව්පියන්ට වැදගත් වන්නෙ නැහැ. තම දරුවන් ඉහළට යැවීම තමයි අවශ්‍ය. එහෙත් තම ක්‍ෂෙත්‍රයෙහි ම තමන්ට වඩා ඉහළ තැනකට දරුවන් යොමු කිරීමට වෑයම් කරන බොහෝ දෙනකු අසාර්ථක වෙනවා. ඇතැම් දරුවන් සමාජයේ සම්මත ආකාරයට ඉහළට යන්නේ දෙමව්පියන්ගෙ ක්‍ෂෙත්‍රවල නොව වෙනත් ක්‍ෂෙත්‍රවල.

කලාකරුවන්ගෙ දේශපාලනඥයන්ගෙ දරුවන් තම දෙමව්පියන්ගෙ ක්‍ෂෙත්‍රවල ඉහළට යන්න හැදුවත් බොහෝ විට අසාර්ථක වෙනවා. ඉඳහිට සාර්ථක වෙන අවස්ථා නැතුව නො වෙයි. මහින්ද රාජපක්‍ෂ ඒ අතින් ඉහළයි. ඔහු තම පියාට වඩා බොහෝ සාර්ථකයි. ගෝඨාභය රාජපක්‍ෂ වෙනත් ක්‍ෂෙත්‍රයක සාර්ථක වූ අයෙක්. මා කැමතියි ඔහු දේශපාලනයට නව අර්ථකථනයක් දෙනව නම්. රාජ්‍ය පාලනය වත්මන් අර්ථයෙන් දේශපාලනය විය යුතු ම නැහැ.


තම පියවරුන් නිසා ම දේශපාලනයේ යෙදෙන අය හැම පැත්තක ම දකින්න පුළුවන්. ඔවුන්ට ඇති දේශපාලන හැකියාවක් නැහැ. ඔවුන්ට තියෙන එක ම සුදුසුකම අහවලාගෙ පුතා වීම.  ඔවුන් අසමත්.  ඒ කියන්නෙ පියාගෙන් පසු දේශපාලනය කරන කිසිවකුට දේශපාලන හැකියාවක් නැහැයි කියන එක නො වෙයි. මහින්ද රාජපක්‍ෂ, දිනේෂ් ගුණවර්ධන දේශපාලන හැකියාවන් තියෙන පුත්තුන්ට උදාහරණ. 

දේශපාලන හැකියාවක් නැති පුතුන්ගෙන් අදාළ පක්‍ෂයටත් රටටත් වන්නෙ හානියක්. අද දෙපැත්තට ම ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙලා. එක් පැත්තක් නම් කොහොමටත් පරදිනවා. අනෙක් පැත්තෙ සමගියට පුතෙක් බාධා කරනවා. මේ පුතාල අයින් කරන ක්‍රමයක් නැද්ද?