නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂප කරමු
අද රටේ මහත් උනන්දුවක් ඇති වී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
සම්පාදනය කිරීම ගැනයි. විය යුතු පරිදි ම අනෙක් ප්‍රශ්න යටපත් කරගෙන ව්‍යවස්ථා
සම්පාදනය කිරීම පෙරට ඇවිත්. මහා සංඝ රත්නය තමන්වහන්සේගේ නිකාය, පාර්ශ්වය ආදියෙහි කාරක සභා යොදා ගනිමින් නව ව්‍යවස්ථාව
ප්‍රතික්‍ෂෙප කරනවා. උන්වහන්සේ පොදුවේ ගතහොත් ප්‍රකාශ කරන්නේ නව ව්‍යව්ථාවක්
සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් නැති බවත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය
කිරීමට අවස්ථාවක් නොවන බවත්. උන්වහන්සේ පොදුවේ නැතත් මැතිවරණ නීතිය සංශෝධනය කිරීමට
එකඟ වන බව ප්‍රකාශ කර සිටිනවා.