Main Logo

Thursday 3 February 2022

අපේ අයගේ ජාත්‍යන්තර මට්ටම

 

අපේ අයගේ ජාත්‍යන්තර මට්ටම

 

අප බොහෝ වෙලාවට කියනවා අපේ ජාත්‍යන්තර මට්ටමේ වැඩ සටහන් ගැන, පුද්ගලයන් ගැන. මට මතක හැටියට එක්තරා හාමුදුරු නමක් සඳහන් කෙළේ අපේ විද්‍යාඥයන් නැත්නම් නාසා ආයතනය වහන්න වේවි වගේ කාරණයක්. අපි සමහර විට අපේ ජාත්‍යන්තර මට්ටමේ සංගීතඥයන් සිනමා අධ්‍යක්‍ෂවරුන් ගැන කියනවා. ඒක හොඳයි. ඒත් ඒ ගැන වැඩි විශ්වාසයක් තියන්න එපා. මා හිතන විධියට අපට ජාත්‍යන්තර මට්ටමට යෑමට හැකි වී තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණයි. එයට හේතුව එංගලන්තය හැරෙන්න යුරෝපයේ වෙනත් රටවල්  ක්‍රිකට් ක්‍රීඩාව නොකිරීමත් අනෙක් මහාද්වීපවලත් පැරණි ඉංගිරිසි යටත්විජිත කිහිපයක පමණක් ක්‍රිකට් ක්‍රීඩා කිරීමත් කියාත් හිතෙනවා. ක්‍රිකට් ඊනියා නූතනත්ව ක්‍රිඩාවක් ද? විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවවත් පාපන්දු මෙන් ලෝකයේ ජනප්‍රිය නොවන්නේ ඇයි. පාපන්දු ලංකාවේ ජනප්‍රිය නොවන්නේ ඇයි? එහෙමත් නැත්නම් නොකරන්නේ ඇයි?

 

ඇතැමකු කියන්න පුළුවන් මා එසේ කියන්නේ ඊර්ෂ්‍යාව නිසා කියලා. ඒත් මා ඊර්ෂ්‍යා කරන්නේ කාට ද? සකර්බර්ග් අනාථ කඳවුරේ නර්මාලාප කියන්නන්ට ද? ඔවුන්ගේ සංවාදවලින් ම පේනවා අප ඉන්නා තැන. එහෙමත් නැත්නම් ඊනියා විද්වත් පර්යේෂණ මණ්ඩලවල පත්‍රිකා ඉදිරිපත් කරන විද්වතුන්ට ද?  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පර්යේෂණ සැසිවාර සතිපතා මෙන් තියෙනවා. ඒ සම්බන්ධ තොරතුරු මට ද ලැබෙනවා. ඒ සියල්ල ම පාහේ ඊනියා ප්‍රත්‍යෙක අධ්‍යයන (case studies). එහෙමත් නැත්නම් රෝග ව්‍යාප්ති පිළිබඳ සංඛ්‍යා ලේඛන. අද ඊනියා විශේෂඥයන් අලි හෙම්බිරිස්සාව ගැන කියන දේ සැලකිල්ලට ගන්න. ඔවුන් කියන දේ හා උපුල් රෝහණ රවි කුමුදේශ් ආදීන් කියන්න අතර වැඩි වෙනසක් තියෙනවා ද?

 

ජාත්‍යන්තර මට්ටම තීරණය කරන්නේ මෙරට ජනමාධ්‍යවේදීන් නො වෙයි. එය බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් තීරණය කෙරෙන්නක්. ඔවුන්ගේ මිනුම් දඬු අනුව අප ඉන්නේ බොහොම පහතින්. එය මා සසෙක්ස් විශ්වවිද්‍යාලයේ දී අත්දුටු දෙයක්. මට වුවමනාව තිබුණත් ප්‍රවාදාත්ම භෞතික විිද්‍යාඥයකු (Theoretical Physicist) වීමට නොහැකි බව  මට තේරුණා. මා ගිය පයින් ම මෙන් ආපසු ආවා.

 

ඒ මා ඇතැම් පඬිනැට්ටන් කියන්නාක් මෙන් ඉතා දුර්වල ශිෂ්‍යයකු වූ නිසා නො වෙයි. 1992 දී කොළඹ විශ්වවිද්‍යාලයේ විද්වතුන් හා සිසුන් විසින් (සිසුන් මගේ අස්කිරීම අනුමත කරමින් අස්කිරීමට විරුද්ධව ඵලදායි වැඩක් කෙළේ නැහැ) අස්කරනු ලැබූ මා නඩු කියා 2001 දී ජයග්‍රහණය කිරීමෙන් පසු මෙරට විශ්වවිද්‍යාල කිහිපයක තනතුරු සඳහා ඉල්ලුම් කළා. එක් විශ්වවිද්‍යාලයකින් මට දැන්වූයේ චරිත සහතික කිහිපයක් ඉදිරිපත් කිරීමට කියා. ඒ අර සුපුරුදු නිර්දේශ ලිපිවලට (Letters of Recommendation) අමතරවයි. ඔවුන්ට මගේ චරිතය ගැන විශ්වාසයක් නොතිබෙන්න ඇති. මා හාමුදුරුවරු කිහිප නමකින් චරිත සහතික ලබා ගත්තා. එයට අමතරව සසෙක්ස් විශ්වවිද්‍යාලයේ රසායන, භෞතික, පාරිසරික විිද්‍යා පාසලේ  වැඩ බලන පීඨාධිපතිතුමාගන් ද සහතිකයක් ලබාගත්තා. එය මේ සමග තියෙනවා. පඬිනැට්ටකු කියන්න බැරි නැහැ මා එංගලන්තයේ පාසලකට ගිහින් තියෙන්නෙ කියා. එවැන්නන් නැවත පාසල් යවන්න ඕන.

 

 


 

රොබර්ට් ස්මිත් වැඩබලන පීඨාධිපතිතුමා කියන විධියට මා එතරම් දුර්වල ශිෂ්‍යයකු වන්න බැහැ. මාස විස්සකින් මාතෘකා දෙකකින් ආචාර්ය උපාධියක් ලබාගත් බවත් එය වාර්තාවක් බවත් ඔහු කියනවා. මා නිබන්ධය ඉදිරිපත් කෙළේ ඊට වඩා අඩු කාලයකින්. එහෙත් මා දැන හිටි කරුණ නම් මට විද්‍යාඥයකු වීමට තරම් හැකියාවක් නොතිබූ බවයි. මට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ඊනියා ජාත්‍යන්තර මිනුම් දඬුවලට ළඟාවීමටවත් බැහැ.

 

 

කෙසේ වෙතත් මට රැකියාවක් ලැබෙන්න තවත් කල් ගියා. අවසානයේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමකින් පසුවයි ප්‍රතිපාදන කොමිසම මා පත් කිරීමට අවසර දුන්නේ. ඔවුන්ගේ මට්ටම එතරම් ම ඉහළයි.

 

අපට පමණක් බෙහෝ දක්‍ෂ බටහිරයන්ට ද ඔය කියන මට්ටමට ළඟා වන්න බැහැ. මේ ලිපිය Quora සඟරාවේ පළවූවක්. එහි පැබ්ලෝ එමෑනුවල් කියන්නේ තමා දක්‍ෂ ගණිත ශිෂ්‍යයකු වූ නමුත් අර  ජාත්‍යන්තර දක්‍ෂයන් සමග සැසඳීමේ දී ඔවුන් අහළකටවත් යා නොහැකි බවයි.

 

 

Pablo Emanuel

How good are famous mathematicians (such as Terence Tao) relative to the ordinary graduate math majors?

 

To put into perspective:

·         I was the top student of my class in elementary and high school

·         I was one of the top-two or three students on my undergraduate, masters and PhD classes.

·         I was even in the 80-th percentile in the damn IMO. [1]

But all the Fields Medalists I’ve ever talked to were in a whole different league. I’d present them a problem I’d been struggling with for weeks, and in a few minutes, they’d not only solve it, but generalize it and show how that problem was actually related to a completely different branch of Mathematics in a non-trivial way.

They’re that good!

Footnotes

[1] International Mathematical Olympiad

          

අප ඊනියා ජාත්‍යන්තර මට්ටම් ගැන කියද්දී ප්‍රවේසම් වෙන්න ඕන.  අප අහවලා ජාත්‍යන්තර මට්ටමේ කියන විට එයින් ඊළඟ පරපුරට ලැබෙන්නේ වැරදි පණිවුඩයක්.