සමන් රත්නප්‍රිය රවි කුමුදේශ් කොයිබට ද?
සමන් රත්නප්‍රිය හා රවි කුමුදේශ් තම ආධාරකරුවන් කිසිවකුත් නැතුව කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගීන් (ඔවුන් සැලසුම් කර එවන ඊනියා රෝගීන් නොව) බැලීමට ගොස් තමන් වැඩවර්ජනය කරන්නේ රෝගීන් වෙනුවෙන් යැයි කියන මෙන් ඉල්ලා සිටිනවා. ජෙප්පන් හා සෙප්පන් (පෙරටුගාමීන්) පොලිස් භටයන්ට කියන්නේ තමන්ගේ අරගල ඒ භටයන්ගේ දරුවන් වෙනුවෙන් කියා. ඔවුන් කියන්න පුළුවන් මට අපෝහකය නොතේරෙන නිසා මනස්ගාත කියවනවා කියා.
එහෙත් සමන් රත්නප්‍රිය නම් ජෙප්පෙක් නොවෙයි.
ඔහු උභයකුල පාරිශුද්ධ හොඳ සජබයෙක්. රාජිිත ඒ පිළිබඳ සහතියක් දේවි. සජබ ධනපති
පංතියේ පක්‍ෂයක් කියා තමයි සෙප්පන් කියන්නේ. එහෙත් සජබෙ සමන් රත්නප්‍රිය කම්කරු
පංතිය වෙනුවෙන් වර්ජන මෙහෙයවනවා. සමහරවිට කම්කරු පංති ආඥාදායකත්වය පිහිටුවන්න
වෙන්න ඇති. සමන් රත්නප්‍රියට උසාවි නියෝගය ලැබිල නැහැ. ඔහුගෙ වෘත්තීය සමිතියට
ලිපිනයක් තියෙනවා ද? ලිපිනයක් නැත්නම් හරි වෘත්තීය සමිති
කාර්යාලය වසා තියෙනවා නම් හරි උසාවි නියෝගය භාර දෙන්න සක්‍රයගේ පුතා වයිමටත් බැරි
බව බන්දුල ගුණවර්ධන කියා දේවි.
ඉස්සර ජ වි පෙ කාර්යාලයක් තිබුණ බ්ලූමැන්ඩල්
පාර පැත්තෙ. ඒක හැමදාම වහලා. ලිපියක් භාර දෙන්න බැහැ. සමහරවිට ඒව විප්ලවවාදී වැඩ
වෙන්න පුළුවන්. මා කිවුවෙ කාර්යාලය වහල තියන එක. ඒත් අන්තිමට පොලීසිය විජේවීර
හිටිය තැනත් හොයා ගත්ත. විප්ලවය එදා සදහට ම නැවතුණා. දැන් විප්ලවය වෙනුවෙන්
සෙප්පන් දිවා රෑ නොබලා වැඩ. දැන් කෙරෙන්නෙ නිවුටෝනීය විප්ලවයක් නොවෙයි ක්වොන්ටම්
විප්ලවයක්.
ඒ කුමක් වුවත් සමන් රත්නප්‍රිය අද කරන්නෙ
දේශපාලන අරගලයක් බව සජිත් වුණත් දන්නවා. රාජිත ඊට වඩා දන්නවා. මේ ඊනියා ලංකා
වසන්තයේ ම කොටසක්. මේ ආණ්ඩුව වට්ටන්න බටහිරයන් හා ඉන්දියාව දත මැදගෙන බලන් ඉන්නවා.
ඊයෙ පෙරේදා යුරෝපීය සංගමය ආණ්ඩුවට වෙළෙඳාම උගන්වලා. ඔවුන් කියනවා ආනයන අඩු කරන එක
වෙළෙඳාමට එකඟ නැහැ කියා. ඩොලර් අර්බුදයක්
තිබුණත් අපි යුරෝපා සංගමයෙන් ආනයනය කරන්න ඕන. හැබැයි අවශ්‍ය වුණොත් යුරෝපය සම්බාධක පැනවීම වෙළෙඳාමට එකඟයි. නඩුත්
හාමුදුුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියන්නෙ මේ වගේ වැඩවලට.
මා අහන්නෙ නැහැ සමන්රත්නප්‍රිය තමා මන්ත්‍රීවරයකු
ව සිටිය දී ඔය හෙදි වැටුප් ප්‍රශ්න විසඳා ගත්තෙ නැත්තෙ මොක ද කියල. ඔහු වැඩි දවසක්
මන්ත්‍රී වෙලා හිටියෙ නැහැ. එ සුළු කාලයෙ ඔහුට වැඩ ගොඩක් තිබුණා. කාර් බලපත්‍රය
ගැනීමටත් ටික කලක් යන්න ඇති. ඒත් අකිල කාරියවසම් ඉදිරිපත් කළා කියා සමන් රත්නප්‍රිය
කියන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව පැත්තකට විසි කිරීම ගැන නම් රනිල්ට සමාවක් දෙන්න
බැහැ. රනිල්ට එක ගලින් කුරුල්ලන් කිහිප දෙනෙක් මරන්න තිබුණා. ගුරු ප්‍රශ්නයත් හෙදි
ප්‍රශ්නයත් විසඳන්න තිබුණා.
මේ වර්ජන
රැල්ල ආරම්භ කෙළෙ පාදෙණිය බව අමතක කරන්න බැහැ. ආණ්ඩුව වැරදි ගොඩක් කරල
තියෙනවා. පාදෙණියට සෞඛ්‍ය ලේකම්කම දුන්න නම් ප්‍රශ්න සියල්ල විසඳා ගන්න තිබුණා.
එහෙනම් වර්ජන රැල්ලකුත් නැහැ. පාදෙණියගෙ දේශපාලනය මොකක් ද කියල මා දන්නෙ නැහැ. ඔහු
ජනාධිපතිවරණයට පෙර ගෝඨාභයගෙ වගේ ම සජිත්ගෙ රැස්වීම්වලත් දැක ගන්න පුළුවන් වුණා.
ඒ කුමක් වුණත් මෙරට වෘත්තීය සමිති මෙයෙවෙන්නෙ
දේශපාලන පක්‍ෂවලින්. අපට වෘත්තීය සමිති ඉතිහාසයක් තිබුණෙ නැහැ. ඒ ඊ ගුණසිංහ තම
කම්කරු පක්‍ෂයෙ වෘත්තීය සමිති තමයි හැදුවෙ. ආර් ප්‍රේමදාස දේශපාලනයට ආවෙ කම්කරු
පක්‍ෂය හරහා. සමසමාජ පක්‍ෂෙ හැදුවට පස්සෙ ඔවුන් ඊනියා කම්කරු පංතිය සංවිධානය කෙළෙ
වෘත්තීය සමිති මගින්. සමසමාජයට තමන්ගෙ වෘත්තීය සමිති තිබුණ. ඊට පස්සෙ විප්ලවකාරි
සමසමාජ පක්‍ෂයටත් කොමියුනිස්ට් පක්‍ෂයටත් වෘත්තීය සමිති තිබුණා. සමස්ත ලංකා හාබර්
හා ඩොක් කම්කරු සමිතිය, සවුත් වෙස්ටර්න් බස් සමිති ඒ දවස්වල
හරි සටන්කාමියි.
මා නව සමසමාජ පක්‍ෂෙ ඉන්න කාලෙ මා හිතන්නෙ
හැත්තෑවේ දශකයෙ අන්තිමට පක්‍ෂය සම්බන්ධ වෙලා හිටිය ටෙඩ් ග්‍රාන්ට්ගෙ හතරවැනි ජාත්‍යන්තරයෙ
(තවත් හතරවැනි ජාත්‍යන්තර තිබුණා. කම්කරු මාවත සම්බන්ධ වෙලා හිටියෙ ජෙරී හීලිගෙ
හතරවැන්නට) නියෝජිතයකු පක්‍ෂ සම්මේලනයට පැමිණියා. ඔහු කියා සිටි කරුණක් මගේ හිතේ
රැඳුනා. ඔහු කියා සිටියෙ වෘත්තීය සමිති දේශපාලන පක්‍ෂවලින් මෙහෙයවෙන එක වැරදියි
කියා. ඔහු කීවේ එංගලන්තයේ මෙන් එක් වෘත්තියකට තිබිය යුත්තෙ එක් වෘත්තීය සමිතියක්
බවත් දේශපාලන පක්‍ෂ ඒ වෘත්තීය සමිිතිය තුළ අරගල කළ යුතු බවත්. ඔහු කම්කරු පංති
විප්ලවය වෙනුවෙන් දිවි කැප කළ අයෙක්. ඔහු තවමත් ජීවතුන් අතර ඉන්නවා ද කියා මා
දන්නෙ නැහැ. එහෙත් එංගලන්තෙ විප්ලවයට නම් තව කල් තියෙනවා. දැන් එංගලන්තෛ ප්‍රධාන
ප්‍රශ්නය චාල්ස් රජ වුණා ම කැමිල හඳුන්වන්නෙ කොහොමද කියන එකත් එදාට කැමිල පළදින
ඔටුන්නෙ අර කොහිනුර් මැණික තියෙනවා ද කියන එකත්.
අපට වෘත්තීය සමිති ඉතිහාසයක් තිබුණෙ නැති නිසා
අප කෙළෙ ඉංගිරිසි වෘත්තීය සමිති අනුකරණය කරන එක. ටොයියන්ටත් බයියන්ටත් මොන අවශෝෂණ
ද? අප අනුකරණයවත් හරියට කෙළෙ නැහැ. ඒ ඒ පක්‍ෂවල
වෘත්තීය සමිති හදාගත්තා. අසුගණන්වල විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය පණ
ගන්වල අද තියෙන FUTA
නමින් හදාගත්තට පස්සෙ මා ඉතා දැඩිව එහි
දේශපාලනයක් නොකරන ප්‍රතිපත්තියෙ පිහිටියා. මා ඩබ් එස් කරුණාරත්න ඩබ් බී දොරකුඹුර
සහ ඔස්මන්ඩ් ජයරත්න සභාපතිවරුන්ගෙ ලේකම් වුණා. පසුව සභාපති වුණා. මට පෞද්ගලික
දේශපාලනයක් තිබුණා. එහෙත් සමිති සම්මේලනයෙ දේශපාලනයක් තිබුණෙ නැහැ. මට හොඳ
කණ්ඩායමක් හිටියා. පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයෙ රංජිත්, පේරාදෙණිය
විදුලි ඉංජිනේරු අධ්‍යනංශයෙ මුත්තු, විවෘත විශ්වවිද්‍යාල ඉංජිනේරු දර්ශන අධ්‍යානංශයෙ අර්ජුන, ඉංගිරිසි උපදේශකවරුන්ගෙ සංගමයෙ ඔරානි
මට මතක් වෙනවා. ඔවුන් විවිධ දේශපාලන අදහස් දැරුවා. එහෙත් අප කටයුතු කෙළෙ දේශපාලන
පක්‍ෂයක් වෙනුවෙන් හරි දේශපාලන මතයක් වෙනුවෙන් හරි නො වෙයි. අප සටන් කෙළෙ
ගුරුවරුන් හා සිසුන් වෙනුවෙන් පමණක් නොව අනධ්‍යයන සේවකයන් ද ඇතුළු සමස්ත
විශ්වවිිද්‍යාල පද්ධතිය වෙනුවෙන්.
එකල ජනාධිපති ප්‍රේමදාස. උසස් අධ්‍යාපන ඇමති
හමීඩ්. ඔවුන් දැන ගෙන හිටියා අප කරන්නෙ දේශපාලනයක් නොවන බව. ප්‍රේමදාසට මා
දේශපාලනික ව විරුද්ධ වූ නමුත් ඔහුට විශ්වවිිිද්‍යාල නැවත විවෘත කිරීමේදීත් ආර් ප්‍රේමදාස
ක්‍රීඩාංගණයට රාත්‍රී ක්‍රිකට් සඳහා විදුලි බුබුලු කණු සවිකිරීමේදීත් මා උපදෙස් දී
තිබුණා. වෙනත් කිසිම ජනාධිපතිවරයකු මගෙන් කිසිම උපදෙසක් ලබා ගෙන නැහැ. ප්‍රේමදාස
අපට විරුද්ධ ව ඇඟිල්ලක් ඉස්සුවෙ නැහැ. අප අපේ ඉල්ලීම් විිද්‍යාත්මක ව නම් ඉදිරිපත්
කෙළේ නැහැ. මා දන්න විද්‍යාත්මක ක්‍රමයකුත් නැහැ. එහෙත් අප සමග සාකච්ඡා කළ හමීඩ්
මෙන් ම ප්‍රතිපාදන කොමිසමේ සභාපති අර්ජුන අළුවිහාරෙත් අපේ තර්ක පිළිගත්තා. සියළු
ඉල්ලීම් ලබා දුන්නා. අප අවසානයේ ජයග්‍රහණය
කළා. අදත් ක්‍රියාත්මක වන්නෙ අප යෝජනා කළ වැටුප් ව්‍යුහ. සටන ජයග්‍රහණය කිරීමත්
සමග ජී එල්ලා ලක්‍ෂමන්ලා මා විශ්වවිද්‍යාලයෙන් අස්කළ විට හමීඩ් එයට විරුද්ධ වී
තියෙනවා. ආචාර්යරුවරු නම් තම සභාපති
අස්කිරීමට විරුද්ධ වුණේ නැහැ.
සමන් රත්නප්‍රිය රවි කුමුදේශ් කරන්නෙ දේශපාලනයක්. ඔවුන්ට අවශ්‍ය රෝගීන් උගසට තියල ආණ්ඩුව පෙරළන්න. ඩොලර් අර්බුදය මේ ආණ්ඩුවේ පාලනයෙ ප්‍රතිඵලයක් නොවෙයි. මෙයට අවුරුදු අනූවකට කිට්ටු කාලයක් දේශපාලනයෙන් මෙහෙයවුණු වෘත්තීය සමිතිත් වග කියන්න ඕන. ජෙ ආර් තමයි එ ජා ප වෘත්තීය සමිති හැදුවෙ. විස්තර පසුවට. සමන් රත්නප්‍රිය දන්නව ඇති ජේ ආර් හා ප්‍රේමදාස දේශපාලන පක්‍ෂ මගින් මෙහෙයවුණු වැඩ වර්ජන මර්දනය කරපු හැටි.