Main Logo

Showing posts with label Western Democracy. Show all posts
Showing posts with label Western Democracy. Show all posts

Tuesday, 14 February 2017

රනිල්ගේ ව්‍යවස්ථා සැලසුම් පරාජය කරමු

රනිල්ගේ ව්‍යවස්ථා සැලසුම් පරාජය කරමු


ව්‍යවස්ථාව ගැන ජාතිකවාදී බලවේග දක්වන උනන්දුව කිසිසේත් ම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයත් ඊනියා වාමාංශික බලවේගත් සයිටම්, බැඳුම්කරය ආදිය ගැන දක්වන උනන්දුවෙන්  සුළු කොටසක්වත් ව්‍යවස්ථාව ගැන නෙදැක්වීම කණගාටුදායකයි. රටේ ප්‍රධාන ම ප්‍රශ්නය ව්‍යවස්ථාවයි. ජාත්‍යන්තර සුපිරිව්‍යුහය මේ ආණ්ඩුව (රනිල් සුමන්තිරන් ආණ්ඩුව) බලයට පත් කෙළේ ම රට දෙකඩ කරන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටයි. අනෙක් සියළු ප්‍රශ්න ද ආණ්ඩුව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා සුදුසු පරිදි යොදා ගනීවි.

Monday, 6 February 2017

අන්තර්කාලීන ආණ්ඩුවක්


අන්තර්කාලීන ආණ්ඩුවක්



ඊයේ (පෙබරවාරි 05) අප පාණදුරේ රැස්වීමකට ගියා. එය සංවිධානය කර තිබුණේ ජාතික හිමිකම් සංවිධානයෙන්. එහි නිර්මාතෘ හා සභාපති පූජ් බෙංගමුවේ නාලක ස්වාමින් වහන්සේ. පාණදුරේ රැස්වීම කැඳවා තිබුණේ ජාතික හිමිකම් සංවිධානයේ කළුතර දිස්ත්රික්කයේ ආසන සංවිධායකයන් පත් කර ගැනීමට. රැස්වීමට මාත් සංවිධානයේ ලේකම් නීතිඥ ජානක බණ්ඩාරත්, එහි සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාවේත් සහභාගි වුනා. රැස්වීම සංවිධානය කර තිබුණේ පළාත් සභා මන්ත්රී ලලිත් එල්ලාවලයි.

Wednesday, 11 January 2017

රනිල් ක්‍රමය

රනිල් ක්‍රමය


රනිල් අර සුපිරි ඇමති පනත වෙනත් නමකින් පොඩි පොඩි වෙනස්කම් ඇතිව නැවතත් පාර්ලිමේන්තුවට ගෙනැල්ලා. පනත ගෙන ආ විගස යුද්ධ කරන්න ඕනෑම ගොනකුට පුළුවන් යැයි කිවු සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල ඒ පිළිබඳ විවාදය පසුව කරන්නේ යැයි කියා සභාව කල්දැමීමේ යෝජනාව ගෙනැල්ලා. කිසි කතාවක් නැතිව කතානායක කරු ජයසූරිය සභාව කල් දමා නැගිට ගොස්. මේ තමයි රනිල් ක්‍රමය. එනම් රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ඕනැම ගොනකුට සභානායක වෙන්නත් පුළුවන්, කතානායක වෙන්නත් පුළුවන්. කිරිඇල්ල හා කරු ජයසූරිය ගැන මා කිසිවක් කියන්නේ නැහැ. 

Tuesday, 13 December 2016

ව්‍යවස්ථාව පැරදවීමට

ව්‍යවස්ථාව පැරදවීමට ආධ්‍යාත්මික ශක්තියත් එකතු කරමු

Sunday, 11 December 2016

ලිච්ඡවි පොලිස් රාජ්‍යය

ලිච්ඡවි පොලිස් රාජ්‍යය


හම්බන්තොට වරායේ උද්ඝෝෂණයේ නිරත වූ සේවකයන්ට නාවික හමුදාවෙන් පහර දීලා. ජනමාධ්‍ය ප්‍රවෘත්තිවලට අනුව නාවික හමුදාව අහසට වෙඩි තීයලා. පහර දීලා. කිහිප දෙනකුට තුවාල වෙලා රෝහල් ගත කරලා. සේවකයන්ට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තියෙනවා. අද මහා මාර්ගයේ බොහෝ දෙනකු උද්ඝෝෂණය කරනවා. එයින් ගමනාගමනයට බාධා වෙනවා. ඒ උද්ඝෝෂණවලින් ජනතාවට හිරිහැර වෙනවා. දොස්තරලා මෙන් ම කොන්දොස්තරලා ද වර්ජන කරනවා. එවිටත් ජනතාවට හිරිහැර වෙනවා. ජනතාව අසීරුතාවට පත්කරන උද්ඝෝෂණ වර්ජන වෙනුවෙන් මා පෙනී සිටින්නේ නැහැ.

Thursday, 8 December 2016

ප්‍රජාතන්ත්‍රවදය

ප්‍රජාතන්ත්‍රවදය

පළාත් පාලන ඡන්දය පවත්වන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැහැ. ඒ අතර අද වන විට පළාත් පාලන ආයතන රාශියක මහජන නියෝජිතයන් කියන අය නැහැ. මහජන නියෝජිතයන් මහජනතාව විසින් පත්කෙරෙන අය බව සැබැයි. ඒත් ඔවුන් මහජන නියෝජිතයන් ද යන්න ප්‍රශ්නයක්. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය බොරුවක් බව අප කියන්නේ අද ඊයේ නොවේ. අවුරුදු විසිපහකට වැඩි කාලයක් අප ඒ බව කියා තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහජනයාගේ අදහස් ප්‍රකාශ වන්නේ නැහැ. එහි ප්‍රකාශ වන්නේ දේශපාලන පක්‍ෂවල අදහස් පමණයි. දේශපාලන පක්‍ෂවල අදහස් කියන්නේ ඒ පක්‍ෂවල නායකයන්ගෙ අදහස්.

Monday, 5 December 2016

මහින්ද ප්‍රශ්නය අතට ගත යුතුයි

මහින්ද ප්‍රශ්නය අතට ගත යුතුයි


ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අනුකමිටු වාර්තා හය පිළිබඳ මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. එය ඉතා වැදගත්. ඒකීයභාවය නැති වීම, ආණ්ඩුකාරවරුන්ගේ බලතල අඩු කිරීම, ඉඩම් හා පොලිස් බලතල විමධ්‍යගත කිරීම, සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා කිරීම පිළිබඳ ව (තම රටේ ඉංගිරිසි හා ස්පාඤ්ඤ රාජ්‍ය භාෂා කිරීමට කිවහොත් ට්‍රම්ප් කුමක් කියයි ද), ආදී කරුණු රාශියක් එහි සඳහන් වී තිබුණා. අද රටේ ඇත්තේ ඉතාමත් අවිනිශ්චිත තත්වයක්. ජාත්‍යන්තරවාදී යටත්විජිතවාදීන් හා ඉන්දියාව මේ ආණ්ඩුව බලයට පත්කර ගත්තේ ම සිංහල විරෝධී දෙමළ ජාතිවාදයට කප්පන් දෙන ව්‍යවස්ථාවක් සම්පානය කර රට බෙදීමට පියවර ගැනීමට. 2015 ජනවාරි අටවැනි දා මේ ආණ්ඩුව පත්කිරීමට මැතිවරණ ව්‍යාපාරයෙහි යෙදුණු ජාතික හෙළ උරුමය, ජ වි පෙ වැනි පක්‍ෂවලට රට බෙදීමේ පාප කර්මයෙන් මිදෙන්නට බැහැ.

Thursday, 1 December 2016

ව්‍යවස්ථා මගඩිය

ව්‍යවස්ථා මගඩිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ මුල් කොටස පහත සඳහන් වෙනවා.
“ආණ්ඩුකම ව්‍ය ම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා ෙයෝජනා සම්මතය වස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා ෙයෝජනා සම්මතය  
ශී ලංකාවට ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු යැයි ශී ලාංකික ජනතාව අතර පුළුල් එකඟතාවයක් ඇති ෙහයින් ද 
ශී ලංකාව සඳහා ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව සලකා බලා ජනතාවෙග් අදහස් හා උපෙදස් ලබාෙගන ආණ්ඩුකම ව්‍යවස්ථාෙව් 75 වන ව්‍යවස්ථාව යටෙත් ඒ ෙවත පැවරී ඇති බලතල කියාත්මක කරමින් පාර්ලිෙම්න්තුව විසින් සලකා බලනු පිණිස ආණ්ඩුකම ව්‍යවස්ථා පනත් ෙකටුම්පතක් සැකසීෙම් කාර්ය සඳහා සමස්ත පාර්ලිෙම්න්තුවම සමන්විත වන පරිදි සැදි පූර්ණ කාරක සභාවක බලතල ඇති හා පාර්ලිෙම්න්තු මන්තීවරයන්ෙගන් සමන්විතවන ෙමහි මින් මතු “ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය” යනුෙවන් හඳුන්වනු ලබන පාර්ලිෙම්න්තු කාරක සභාවක් තිබිය යුතු යැයි, ෙමම පාර්ලිෙම්න්තුව ෙයෝජනා සම්මත කරයි. "

Monday, 21 November 2016

දෙරණ ප්‍රවෘත්ති හා හමුදා කුමන්ත්‍රණ

දෙරණ ප්‍රවෘත්ති හා හමුදා කුමන්ත්‍රණ

මේ ආණ්ඩුවට දැන් වැලේ වැල් නැහැ. ජනමාධ්‍ය ලේකම් දෙරණ සමග හැප්පෙනවා. ඔහු මාධ්‍ය නිදහස හා මාධ්‍ය අවභාවිතය ගැන සැලකිල්ලෙන් ඉන්න බව කියනවා. ඔය පදනම් ආයතනයේ දී මෛත්‍රිපාල කරපු ප්‍රකාශය දෙරණ විකෘත කරල නම් ජනමාධ්‍ය ලේකම්ට ඒ බව සාක්‍ෂි ඇතිව පෙන්නන්න පුළුවන් වෙන්න ඕන. ඔහු කියනවා දෙරණට විරුද්ධව යම්කිසි ආකාරයක පරීක්‍ෂණයක් කළ බවත් දෙරණ අදාළ කතාව විකෘත කර ඇති බව පෙනී ගොස් ඇති බවත්. ඒත් මට තේරෙන විධියට නම් නීතිය ගැන දන්නා ජනමාධ්‍ය ලේකම් ඒ පරීක්‍ෂණයට දෙරණ කැඳවා නැහැ. ඔහු දැන් ඊනියා ස්වාභාවික යුක්තියක් ගැන කතාකරන්නේ දෙරණ නොකැඳවා දෙරණට විරුද්ධව යම් පරීක්‍ෂණයක් කර නිගමනවලට පැමිණීමෙන් පසුව. ඒ කාගේ ස්වාභාවික යුක්තියක් ද දන්නෙ නැහැ.

Sunday, 20 November 2016

ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් විය යුතුයි

ඒකාබද්ධ  විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් විය යුතුයි


මා ඊයේ දෙරණ ගැන ලියූ ලිපියේ කමිටු වාර්තා හය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා යනුවෙන් කියා ඇති කරුණ  අතපසුවීමක්්. ඒ අනුකමිටු හය පත්කෙරුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවෙන්. මෙහෙයුම් කමිටුව තීරණය කරලා වාර්තා හය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු ය කියා. ඊයේ වාර්තා හය ඉදිරිපත් වුනේ එකී ව්‍යවස්ථාදායක මණ්ඩලයටයි. පාර්ලිමේන්තුවට නොවෙයි. ඒ වරද නිවැරදි විය යුතුයි.

අප මුල සිට ම කියා සිටියේ ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථාදායක මණ්ඩලයට සහභාගි නොවිය යුතු ය යන්නයි. පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝ”ධනය කරන ආකාරය හෝ නව ව්‍යවස්ථාවක් ගෙනෙන ආකාරය හෝ දහනව වරක් සංශෝධනය වී ඇති ව්‍යවස්ථාවේ දොළොස්වැනි පරිච්ඡෙදයේ සඳහන් වෙනවා. එහි කොතැනකවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ගැන කියැවෙන්නේ නැහැ. මේ ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවීම ම වැරදියි. එය පාර්ලිමේන්තුව මගහරවා යෑම සඳහා උපක්‍රමයක්. ඊනියා ව්‍යවස්ථාදායක මණ්ඩලය පාර්ලිමේන්තු සභා ගැබ තුළ රැස්වීමත් වෑරදියි. එය පාර්ලිමේන්තුවේ අනු කමිටුවක් හෝ සමස්ත පාර්ලිමේන්තුවේ ම කමිටුවක් හෝ නො වෙයි. ඊනියා ව්‍යවස්ථාදායක මණ්ඩලය රැස්වන විට එහි සභාපති වාඩිවන්නේ කතානායක අසුනේ නො වෙයි.

මෙයට කලි්න් ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටෙවුවේ 1972 ජනරජ ව්‍යවසථ්ාව සම්පාදනය කරගැනීමටයි. එසේ පිහිටුවීමට හේතුවක් තිබුණා, එතෙක් මේ රට ආණ්ඩු කෙරුණේ එංගලන්ත පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතකට අනුව. අපට එතෙක් තිබුණේ ඩොමීනියන් තත්වයේ රාජ්‍යයක්. එංගලන්තයේ රජු හෝ රැජින හෝ ලංකාවේත් රජු හෝ රැජින හෝ වූවා. මෙරට අග්‍රාණ්ඩුකාරයා රජුගේ හෝ රැජනගේ හෝ නියෝජිතයා වුනා. අපට ඒ ඩොමීනියන් ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් ම ඉවත් කර ජනරජයක් වීමේ අවශ්‍යතාව තිබුණා. එය පාර්ලිමේන්තුව මගින් කිරීමට බැරි නිසා ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවීමේ අවශ්‍යතාව පැන නැගුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයන් වූවා. 1972 ව්‍යවස්ථාව සම්පාදනය කෙරුණේත් අනුමත වූයේත් පාර්ලිමේන්තුවෙන් පිට. එහි වරදක් නැහැ. ඒ හේතු දෙකක් නිසා.

පළමුවෙන් ම කලින් කී ආකාරයට එංගලන්ත පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පනතක් ඉවත් කිරීමේ අවශ්‍යතාව තිබුණා. එය එංගලන්ත පාර්ලිමේන්තුවෙන් කෙරෙන වැඩක් නො වෙයි. කොහොමටත් අප අපේ ස්වෛරීභාවය ආරක්‍ෂා කරගත යුතුව තිබුණා. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් බාහිර ආයතනයකින් ඒ කිරීමේ අවශ්‍යතාව පැන නැගුණා. දෙවැනුව බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන්  පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වූයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට වරමක් ඉල්ලමින්. ජනතාව ඒ වරම ලබාදුන්නේ පෙරමුණට 1970 මැතිවරණයෙන් තුනෙන් දෙකක ජයග්‍රහණයක්් ලබා දීමෙන්.  

බණ්ඩාරනායක මැතිණිය නවරඟහලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්කෙළේ රැස්කෙළේ ඒ කරුණු දෙකට යටත් ව. දැන් මේ පිහිටුවලා තියෙන ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමට කිසිම අවශ්‍යතාවක් හෝ වරමක් හෝ නැහැ. ජේ ආර ජයවර්ධන දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කෙළේත් පළමු ජනරජ ව්‍යවස්ථාවේ වගන්ති යොදා ගෙන. ඔහු පාර්ලිමේන්තුව හා ව්‍යවස්ථාව පමණක් යොදා ගත්තා. ඔහුටත් 1977 මැතිවරණයෙන් තුනෙන් දෙකකට වැඩි වරමක් ලැබුණා. මේ ආණ්ඩුවට ඊනියා වව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවීමේ අවශ්‍යතාවක් හෝ වරමක් හෝ නැහැ.

අප දිගින් දිගට ම කියා ඇත්තේ බටහිරයන් හා ඉන්දියාව ඔවුන්ගේ ඔත්තු සේවා යොදා ගනිමින් මේ ආණ්ඩුව ඇති කෙළේ ඊනියා රාජපක්‍ෂ රෙජිමය ගෙදර යැවීමටත් (රනිල්ගේ වචන) සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂ තත්ත්වය නැතිකර ඔවුන් ඇති කර අනුග්‍රහය දුන් දෙමළ ජාතිවාදයට කප්පන් දී සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීමටත්. මේ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවා ඇත්තේ බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය නිසා. ජනතාවට අවශ්‍ය නිසා නොවෙයි. මේ ආණ්ඩුව පිහිටුවා ඇත්තේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව. 2015 අගෝස්තු මැතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන පක්‍ෂ දෙකක් තිබුණා. එකක් එක්සත් ජාතික පෙරමුණ. අනෙක සංධානය. අවාසනාවකට අද ඒකාබද්ධ විපක්‍ෂයත් එදා ඉදිරිපත් වූයේ සංධානය යටතේ. මේ පක්‍ෂ දෙක මැතිවරණ ප්‍රකාශ දෙකක් ඉදිරිපත් කළා. නව ව්‍යවස්ථාවක් ගැන පැහැදිලි ව කීවේ  කීවේ එක්සත් ජාතික පෙරමුණ පමණයි. එහි ජාතික හෙළ උරුමයත් හිටි බව අමතක කරන්න එපා. ජනතාව එක්සත් ජාතික පෙරමුණට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට වරමක් ලබා දුන්නේ නැහැ. ඔවුන්ට තුනෙන් දෙකක බහුතරයක් ලැබුණේ නැහැ. ඔළුගෙඩි ගණනින් 105ක් පමණයි ලැබුණේ. ඒ 150ට හුඟක් අඩුයි. සංධානයට මිනිස්සු ඡන්දෙ දුන්නෙ නව ව්‍යවස්ථා හදන්න නො වෙයි. ජේ ආර්ගෙ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නම් තිබෙනවා. ඒත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ.  නව ව්‍යවස්ථාවක් ඇති කිරීමට ජන වරමකුත් නැහැ. සංධානයේ කොටසක් එ ජා පෙරමුණ සමග එක් වී ආණ්ඩුවක් පිහිටුවීමෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවක් පැන නගින්නේ නැහැ. ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමට කිසිම වරමක් නැහැ. සංධානයේ ආණ්ඩුවට නොගිය කොටස, එනම් අද ඒකාබද්ධ විපක්‍ෂය කළ යුතුව තිබුණේ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය වර්ජනය කිරීමයි. ඔවුන් මෛත්‍රිපාලගේ අවතාර අනුගමනය කළ යුතුව තිබුණේ නැහැ.

දැන් අනුකමිටු වාර්තා ඊනියා ව්‍යවස්ථා මණාඩලයට ඉදිරිපත්  කරලා. මේ වාර්තා තමන්ට අහිතකර බව ජාතික හෙළ උරුමය තේරුම් අරගෙන. ඔවුන් දැන් වෙනත් බයිලාවක් කීමට පටන් ගෙන. චම්පකගේ නමින් වැල් වටාරම් ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා. මේ අවස්ථාවාදී ජාතිද්‍රෝහීන්ට කිසිම ඉඩක් දිය යුතු නැහැ. ඔවුන් පිළිගැනීමට අවශ්‍ය නැහැ. රනිල් සමග තවදුරටත් හෙළුවෙන් සිට ගැනීමට ඔවුන්ට ඉඩ දිය යුතුයි. ඒ අතර ඒකාබද්ධ විපක්‍ෂය දැන්වත් ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් විය යුතුයි. වාර්තා හයෙන් සිංහලයන්ටවත් රටටවත් සෙතක් වන්නේ නැහැ. ඒ ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය නැහැ. නව ව්‍යවස්ථාවක් අවශ්‍යත් නැහැ.  ඒ සඳහා ව්‍යවස්ථා මණ්ඩලයකට අවශ්‍යතාවකුත් නැහැ. නව ව්‍යවස්ථාවකට වරමකුත් නැහැ. සංධානය මැතිවරණයට ගියේ නව ව්‍යවස්ථාවක් ඇති කරන්නත් නොවෙයි. ආණ්ඩුවේ සිංහල විරෝධී ද්‍රෝහී ව්‍යවස්ථාවට කිසිම ඉඩක් නොදිය යුතුයි. අද ආණ්ඩුව ජාතිවාදීන්ට ඉඩ නොදිය යුතු ය කියන්නේත් ජනමාධ්‍යයට තර්ජනය කරන්නෙත් මේ සිංහල විරෝධී සහසන්ධි ව්‍යවස්ථාව කොක්කෙන් හරි කෙක්කෙන් හරි සම්මත කර ගැනීමට. ආණ්ඩුව ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය පමණක් යොදාගෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න සූදානම් වෙනවා. සම්බන්ධන් ලවා කියවන ජනමතවිචාරණ කතාවලට රැවටෙන්න එපා. ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලය වර්ජනය කළ යුතුයි. එයට කිසිම වලංගු බවක් දිය යුතු නැහැ. 


මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 නොවැම්බර් 20 

Saturday, 19 November 2016

දෙරණට තර්ජනයක්

දෙරණට තර්ජනයක්


මා දෙරණ නරඹන්නේ වෙනත් රූපවාහිනී නාලිකාවක් නැති කමට. එහි ප්‍රවෘත්ති, දෙරණ අරුණ හා සිදු නරඹනවා. ඉඳහිට 360ත් නරඹනවා. අනෙක් වැඩ සටහන් නම් එතරම් ගත යුත්තක් නැහැ. සමහර වැඩ සටහන් ඉදහිට නැරඹෙනවා. වාදවලින් නම් සත පහක වැඩක් නැහැ.  මාත් ඉස්සර ඒවාට සහභාගි වුනා. ඒත් ඒවායින් වන්නේ මගේ රුධිර පීඩනය වැඩිවන එක පමණයි. මේ වාදවලින් නරඹන කිසිවකු තම අදහස් වෙනස් කරගන්නවා කියා මා හිතන්නේ නැහැ. පහුගිය පෝය දවසෙ නොපෙනෙන මානය බැලුවා. පෝය දවසෙ පව් සිද්ධවුනා. මා ඒ ගැන පසුව ලියන්නම්. 

Wednesday, 2 November 2016

බැඳුම්කර නාටකය ඉවර ද?


බැඳුම්කර නාටකය ඉවර ද?


බැඳුම්කර මගඩිය ගැන එක දිගට පස්වැනි දවසටත් කතාකරන්න වීම ගැන කණගාටු වෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය අඩියක් පෙරට තබා අඩි දහයක් පස්සට ගෙන. ඊයේ මා කිව්වේ ඒකාබද්ධ විපක්‍ෂය නිවැරදි පාරට ඒමට උත්සාහ ගන්න බවක් පේනවා කියා. ඒත් උත්සාහය අවසන් වෙලා. රනිල් තව දුරටත් අගමැති විධියට කටයුතු කරාවි. ජ වි පෙ විතරක් නොවෙයි ඒකාබද්ධ විපක්‍ෂෙත් රනිල් රකිනවා. ඒකාබද්ධ විපක්‍ෂයෙ මන්ත්‍රීවරුන් පිරිසක් අර්ජුන් මහේන්ද්‍රන්ට හා ඔහුගෙ බෑණාට මෙන් ම රනිල්ට විරුද්ධවත් අල්ලස් හෝ දූෂණ හෝ විමර්ෂණ කොමිසම ඉදිරියට ගිය එක හොඳයි කියලා මා ඊයේ කිවුවා. ඒත් අද වන විට තත්වය වෙනස් වෙලා.

Tuesday, 1 November 2016

රනිල් පන්නා මහින්ද අගමැති කරමු

රනිල් පන්නා මහින්ද අගමැති කරමු



ඒකාබද්ධ විපක්‍ෂය සුපුරුදු පරිදි දින දෙක තුනක් වැරදි පාරක ගමන් කරමින් සිට දැන් හරි පාරට එන්න උත්සාහ කරනවා. මා ඒකාබද්ධ විපක්‍ෂයේ වන්දිභට්ටයෙක් නොවෙයි. ඒකාබද්ධ විපක්‍ෂයට දේශපාලන දැක්මක් නැහැ. අප සංධාන ආණ්ඩුවට පක්‍ෂ වූයේ එය යම් ප්‍රමාණයකට ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි නිසා. ඒ ආණ්ඩුවේ ජාතිකත්වයට විරුද්ධ අයත් සිටි බව අප අමතක කෙළේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ පඬියන් වන බොහෝ දෙනා ද මා ගැන සිතන්නේ අන්තවාදීයකු, ජාතිවාදියකු, මිථ්‍යාමතධාරියකු, දේශපාලනය නොදන්නා කෙනකු  ලෙසයි. මේ ලිපියෙහි සඳහන් කරුණු දෙසත් ඔවුන් බලනු ඇත්තේ ඒ දෘෂ්ටිකෝණයෙනුයි.

Monday, 31 October 2016

ඒකාබද්ධ විපක්‍ෂෙ මොනව ද කරන්නෙ

ඒකාබද්ධ විපක්‍ෂෙ මොනව ද කරන්නෙ

ඩිව් ගුණ සේකර සිරසට පැහැදිලිව කියලා තියෙනවා තමා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වූ කෝප් කමිටු වාර්තාව ගැන. ඒත් හැම දෙයක් ම කියන්න නැතිව ඇති. ඔහු කියන විධියට රනිල් තමාට බැඳුම්කර පිළිබඳ උපදෙස් දී ඇති බව කෝප් කමිටුවේ දී අර්ජුන් මහේන්ද්‍රන් කියලා  තියෙනවා. මාධ්‍ය වාර්තා අනුව අර්ජුන් මෙවර කෝප් කමිටුවටත් ඒ බව, එනම් රනිල් උපදෙස් දුන් බව පිළිගෙන තියෙනවා. ඩිව් ගුණසේකරගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න හිටි දවසෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. මෛත්‍රිපාල පසුව පිළිගත්තා බැඳුම්කර සිද්ධිය උඩ රනිල්ට (අගමැතිට) විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවනම් ජයගන්න තිබුණ බව (ඊයේ ලිපිය බලන්න). 

2015 ජූනියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියෙ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් නිසා බව පැහැදිලියි. එයට වෙනත් හේතුත් තියෙන්න ඇති. ඒ කාලෙ රනිල් අගමැති කම පික්පොකට් ගහලා තිබුණත් පාර්ලිමේන්තුවෙ වැඩි බලය තිබුණෙ සංධානයට. මෛත්‍රිපාල රනිල් අගමැති කෙළෙ දි මු අගමැති ලෙස ඉන්න විටයි. දි මු ඉවත් කළ බවට ගැසට් නිවේදන පළ කෙළෙ රනිල් අගමැති ලෙස පත්කිරීමෙන් පසුවයි. ඒ බොරු නීත්‍යානුකුල බවක් ලබා දෙන්න. මෛත්‍රිපාල වැඩ කරන්නෙ රනිල්ට ඕන විධියට.  පාර්ලිමේන්තුව විසුරුවා හැරියෙ පළමුවෙන් ම ඩිව් ගුණසේකර අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වළක්වන්න. එය ඉදිරිපත් කෙරුව නම් එය ප්‍රසිද්ධ වෙනවා. මා අධිකරණයට ගියේ එය ප්‍රසිද්ධ කරවා ගැනීමට.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මුල් වූ දෙවැනි ප්‍රධාන කරුණ රනිල් වික්‍රමසිංහ විශ්වාස භංග යෝජනාවෙන් බේරාගන්න. මෛත්‍රිපාල එදා වගේ ම අදත් රනිල් බේරාගන්න උත්සාහ කරනවා ද? දැනගන්න කැමතියි. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. රනිල්ට මොකක් ද කරන්නෙ? අර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටු දෙකකට ම කියලා තියෙනවා නම් එයාට උපදෙස් දුන්නෙ රනිල් කියලා එහෙනම් මොන තර්කයක්වත් ඉදිරිපත් කරන්න බැහැ රනිල් නිවැරදි කාරයකු කරන්න. ඒත් සුනිල් හඳුන්නෙත්ති රනිල් ව බේරලා. දැන් අනුර දිසානායක සුපුරුදු පරිදි කියනවා රනිල් අර්ජූන්ට උපදෙස් දුන්න කියලා. ජ වි පෙ හැමදාමත් මිනිසුන් රවටනවා. ඔය ජ වි පෙ හිතවතුන් බලං ඉන්න ඊනියා වඩා සාධරණ සමාජය ජ වි පෙරමුණට ඇතිකරන්න බැහැ. ලෙනින්ට බැරි වෙච්ච දේ අනුර  දිසානායක ද කරන්නෙ. මාක්ස්වාදය කිසි දිනෙක වලංගු නොවූ කසිකබල් දැනුම් පද්ධතියක්.

අජිත් පෙරේරාලා හර්ෂ ද සිල්වාලා රනිල් ගැන කිසිවක් කියන්නෙ නැහැ. අජිත් පෙරේරා සුනිල් හඳුන්නෙත්ති එක්ක බොරු රණාඩුවක් කරනවා. ඉංගිරිසි කතාවක් ඒ විධියට ම සිංහලට පරිවර්තනය කළොත් ඒක සෙවනැළි බොක්සිං ගහගැනීමක්. රජිව් විජේසිංහ කියන විධියට අජිත්ලා මන්ත්‍රීවරුන් වෙන්නත් බැඳුම්කර මුදල් බලපාල තියෙනවා. රජිව්ට අනුව එ ජා ප මැතිවරණ අරමුදල තරවෙලා තියෙන්නෙ බැඳුම්කර සල්ලිවලින්. එ ජා ප මන්ත්‍රීන්ට සදාචාරය කියන එකක් අබමල් රේණුවක් තරම්වත් ගෑවිලාවත් තියෙනවා නම් ඔවුන් සියළු දෙනා ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් අස්වෙන්න ඕන. ඒක කරන්න ඉස්සෙල්ල අගමැති ඉල්ලා අස්වෙන්න ඕන.

මේ පාර්ලිමේන්තුව පත්වුනෙ දහනවවැනි සංශෝධනයෙන් පස්සෙ. ඒ සංශෝධනයෙන් වුනෙ අගමැතිගෙ බලතල වැඩිවෙච්ච එක. අද අගමැතිව අස්කරන්න ජනාධිපතිට බලයක් නැහැ. ජනාධිපතිට අවුරුදු හතරහමාරක් යනකන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නත් බැහැ. ජනාධිපතිට ඇමතිවරයකුවත් අස්කරන්න බැහැ අගමැති කියන්නෙ නැතිව. අගමැතිගෙ බලය වැඩි වෙලා. රනිල් කියන්නෙ පාර්ලිමේන්තුව ශක්තිමත් වෙලා කියලා. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඕකයි. රනිල්ගෙ බලතල වැඩි කරන්න සංධානෙ අයත් දහනවවැනි සංශෝධනයට ඡන්දය දුන්නා. ඒකට විරුද්ධ වුනෙ සරත් වීරසේකර පමණයි. ජානක බණ්ඩාර ඡන්දය දීමෙන් වැළකිලා හිටියා. අනෙක් ඔක්කොම පක්‍ෂව ඡන්දෙ දුන්න. ඒ දවස්වල මහින්ද පාර්ලිමේන්තුවෙ නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂෙ රනිල් ගැන මොකුත් කියන්නෙ නැත්තෙ මොක ද? අර්ජුන් මහේන්ද්‍රන්ට හා රජිව් විජේසිංහට අනුව රනිල් වැරදිකාරයෙක් නොවෙයි ප්‍රධාන ම වැරදි කාරයා. අර්ජුන්ට හා බෑණාට දඬුවම් කළොත් රනිල්ටත් දඬුවම් කරන්න ඕන. ඒ නිසා අර්ජුන්ලටත් දඬුවම් කරන එකක් නැහැ. අද වන විට රනිල්ට විරුද්ධව විශාල බලවේගයක් ගොඩ නගන්න ඕන. රනිල් අස්කරන්න බැරි නම් පාර්ලිමේන්තුවත් විසුරුවා හරින්න බැරි නම් රනිල්ට විරුද්ධව පාර්ලිමේන්තුවෙ විශ්වාස භංග යෝජනාව එදා බැරිවුනත් අදවත් ගේන ඕන. දැන් ඒකාබද්ධ විපක්‍ෂෙට බහුතරයක් නැති නිසා විශාවාස භංග යෝජනාව පරදිවි. ඒක ප්‍රශ්නයක් නොවෙයි. අවශ්‍ය මහජන මතයක් ඇතිකරන එක. අවසානයේ දී සිංහල විරෝධී රනිල් එළවන එක. අද උතුර නැවතත් දෙමළ ජාතිවාදීන්ගෙ කෙළි බිමක් වෙලා තියෙන්නෙ රනිල් බටහිරයන් හා ඉන්දියානුවන් කදයන විධියට වැඩ කරන නිසා.

මට රනිල් ගැන පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. මට තියෙන්නෙ දේශපාලන ප්‍රශ්නයක්. ඔහුගෙ දේශපාලනය පරාජය කළෙ නැත්නම් රට ම ඉවරයි. රනිල්ට විරුද්ධව වැඩ කරන්න සෑම අවස්ථාවක් ම ප්‍රයෝජනයට ගන්න ඕන. ජ වි පෙ මොන කතා කිව්වත් අවසානයෙ දී රනිල් රකිනවා. ඒකාබද්ධ විපක්‍ෂෙ කරන්නෙත් ඒක ද? ඩිව් ගුණසේකර අතුරු වාර්තාවෙ අඩංගු දේ මහජනතාවට දැනගන්න සලස්වනව ද? ඒකාබද්ධ විපක්‍ෂෙ කිහිප දෙනකු හරි ඒ ගැන දන්නවා. මට ඒ ගැන වැඩි දුර කතාකරන්න බැරි නඩුව හින්ද. ඒකාබද්ධ විපක්‍ෂෙ වැට් ගැන දක්වන උනන්දුව රනිල් හා බැඳුම්කර ගැන දක්වන්නෙ නැත්තෙ ඇයි? රනිල් හා ඒකාබද්ධ විපක්‍ෂය අතර ගණුදෙනුවක් තියෙනව නම් ඒක භයානකයි. 


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 31 



Sunday, 30 October 2016

ජ වි පෙ රනිල් රකියි

ජ වි පෙ රනිල් රකියි


මට කළ හැකි දේ සීමිතයි. ජනමාධ්‍යයෙන් මට තැනක් ලැබෙන්නේ නැහැ. ඔවුන් වෙනත් අයගේ තීරු ලිපි සතිපතා පළ කරන නමුත් මගේ ලිපි පළ කරන්නේ ඔවුන්ගේ අභිමතය පරිදියි. මේ ආණ්ඩුව බලයට පත් කරනු ලැබුයේ ජ වි පෙ විසින් නොවුනත් ඒ සඳහා ඔවුන් දරදිය ඇද්දා. සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවේ සභාපති ලෙස පත්කෙරුණේ රනිල් ඔහු ගැන විශ්වාසයක් තැබූ බැවින්. ඊයේ පෙරේදාත් රනිල් පාර්ලිමේන්තුවේ දී කෝප් සභාපති ගැන තම විශ්වාසය පළ කළා. සුනිල් හඳුන්නෙත්ති ඉදිරිපත් කළ වාර්තාවෙන් රනිල් රැකගෙන තිබෙනවා.

Saturday, 29 October 2016

කෝප් වාර්තාවෙන් රනිල් නිදහස්

කෝප් වාර්තාවෙන් රනිල් නිදහස්


කවුරුත් පාහේ බලා සිටි කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා. එහි විස්තර දැනගැනීමට නැහැ. අර්ජූන් මහේන්ද්‍රන්් හා අදාළ මහා බැංකු නිලධාරීන් ද ඇලෝෂියස් බෑණාගේ සමාගම ද වරදකරුවන් කෙරිලා. ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නිර්දේශ කරලා. එ ජා ප මන්ත්‍රීවරුන් නිර්දේශවලට එකඟ වන අතර පාද සටහන් එකතු කරලා. ඒ පාද සටහන් යනු පාද ඇදීම් හෙවත් කකුලෙන් ඇදීම් පමණයි. එයින් නිර්දේශවල සැර බාල වී ඇතැයි සිතන්න පුළුවන්.

වාර්තාව දකින්නෙ නැතිව නිශ්චිත ව යමක් කියන්න අමාරුයි. ඇතැමුන් කියන විධියට පාද සටහන් හෙවත් කකුලෙන් ඇදීම් කෙරී ඇත්තේ විගණකාධිපති වාර්තාවට එරෙහිව. ඒවා තාක්‍ෂණික යැයි එ ජා ප මන්ත්‍රීවරු කියනවා. විගණකාධිපති හෑල්ලු කෙරී ඇති බව කියන කතාවලින් තේරෙනවා. එතුමා බුදුහාමුදුරුවන් නොවන බව එ ජා ප මන්ත්‍රීවරයකුට මතක් වෙලා. ඉතා පැහැදිලිව යම් ගණුදෙනුවක් වාර්තාව සම්බන්ධයෙන් ද සිදුවෙලා තියෙනවා. බැංකු හොර ගණුදෙනුව තවත් ගණුදෙනුවකට මග පාදලා. අප අමතක නොකළ යුතු කරුණ නම් මේ ලංකාවේ සිදු වූ විශාලතම බැංකු මංකොල්ලය බව. ඒ කොල්ලය රටේ ජාතික දළ නිෂ්පාදිතයෙන් 25%ක් වෙනවලු

අර්ජූන් මහේන්ද්‍රන් සිංගප්පූරු රටවැසියෙක්. ඔහු සිංගප්පූරුවට ගිහිල්ලා. ඔහු ආවත් නැතත් ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කෙරෙන්නේ කාට ද? කවුරුන් විසින් ද? වාර්තාව පාර්ලිමේන්තුව විසින් කොයි ආකාරයකට පිළිගැනේවි ද? ඇලෝෂියස් බෑණා අදාළ සමාගමේ අධ්‍යක්‍ෂ කෙනෙක් නො වෙයිලු. විගණකාධිපතිට විරුද්ධව නඩු දැමීමට බැරි ද? අර පාද සටහන් හෙවත් කකුලෙන් ඇදීම් මත පදනම් වෙලා පාර්ලිමේන්තුව කෙසේ ක්‍රියා කරයි ද?

කෝප් වාර්තාව පාද සටහන් ඇතිව හෝ නැතිව හෝ ඇස්බැන්දුමක.් ඒ වාර්තාව ගැන ජනාධිපති කොමිසමක් ඉල්ලන එක ජනමාධ්‍යයට හොඳයි. තව තවත් පුවත් නිර්මාණය කරන්න එයින් ඉඩක් ලැබෙනවා. තව තවත් ටෙලිනාට්‍ය පුවත් වේශයෙන් අපට නරඹන්න පුළුවන්.  කොහොමත් වාර්තාවට අනුව මූලික වැරුද්ද කර ඇත්තේ රනිල්. ඔහු තමයි අර්ජුන් මහේන්ද්‍රන් පත් කෙළේ. කෝප් කමිටුව කියනවා නම් මහේන්ද්‍රන් වරදකරුවකු කියා ඔහු පත්කර දිගින් දිගට ම ඔහු ආරක්‍ෂා කිරීමට කටයුුතු කළ රනිල් ඉල්ලා අස්විය යුතුයි. මෙවැනි මංකොල්ලයක් කළා යැයි කියන අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමෙන් රනිල්ගේ විනිශ්චය වැරදි බව පෙනී යනවා. විනිශ්චය සම්බන්ධයෙන් එවැනි වරදක් කළ රනිල් ලංකාවේ අගමැති කමට කිසිසේත් ම සුදුසු නැහැ. අර්ජුන් හා බෑණා ගැන පරික්‍ෂණ කළ යුත්තේ රනිල් අගමැති ව සිටිය දී නොවෙයි. රනිල් අගමැති ලෙස අර්ජුන් මහේන්ද්‍රන්  ආරක්‍ෂා කර තිබෙනවා. ජනාධිපති රනිල්ට අස්වීමට බල කළ යුතුයි. නීතියෙන් ඉඩක් වේ නම් ඔහු අස්කළ යුතුයි.

අර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටුව හමුවට පැමිණ තමා එසේ කෙළේ අගමැතිගේ කීමට යැයි කී බව වාර්තා වුනා. ඒ ඇත්ත නම් ඉන් කියැවෙන්නේ රනිල් ප්‍රධාන වැරදිකරුවා බවයි. කෝප් වාර්තාවෙන් රනිල් ගැන කියැවෙන බවක් ආරංචි නැහැ. එසේ වන්නේ කෙසේ ද? මෙය යම් ගණුදෙනුවක ප්‍රතිඵලයක් ද? එ ජා ප මන්ත්‍රීවරුන් පාද සටහන් සහිතව නමුත් වාර්තාවට අත්සන් කෙළේ රනිල් නිදහස් කෙරුණු නිසා ද? පරමාධිපත්‍යය ඇත්තේ මහජනයාට නම් ඔවුන්ගේ නියෝජිතයන්ට ඔවුන්ගෙන් (ජනතාවගෙන්) කරුණු වසන් කිරීමට ඇති අයිතිය කුමක් ද?  ඒකාබද්ධ විපක්‍ෂය කෝප් කමිටුවේ නියෝජනය කරන මන්ත්‍රීවරයාට, මන්ත්‍රීවරුන්ට මේ සියල්ල මහාජනයාට හෙළි කිරීමට හැකි විය යුතුයි. මෙය සෑඟවීම ඊනියා සදාචාරය නම් අපට සදාචාරයෙන් වැඩක් නැහැ. මෙයට කලින් මේ සම්බන්ධ වාර්තාවක් ඩිව් ගුණසේකර කෝප් කමිටුවෙ සභාපති කාලෙ ඉදිරිපත් වුනා. ඒ වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා 2015 ජූලි මාසයේ පමණ මා ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. බොහෝ දෙනා ඒ ගැන දන්නෙ නැහැ. සුපුරුදු පරිදි ජනමාධ්‍ය එයට ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ. ඒ පිළිබඳ නඩු තීන්දුව තවමත් නැහෑ!

මේ ආණ්ඩුව බලයට පත්කෙරුණේ හොරුන්ට විරුද්ධව කටයුතු කිරීමට කියා කියනවා. මහා බැංකු කොල්ලයට වඩා දරුණු කොල්ලයක් මෙරට සිදු වී නැහැ. රනිල් ගැන විශේෂ පරීක්‍ෂණයක් අවශ්‍ය වෙනවා. ටික කලකට ඉහත ඔහුගේ නැන්දාගේ පුතා වන රජිව් විජේසිිංහ කියා සිටියේ ඇලෝෂියස් බෑණා කොල්ල මුදල්වලින් විශාල ප්‍රමාණයක් එ ජා ප මැතිවරණ අරමුදලට බැර කර බවයි. ඒ ප්‍රකාශය වෙනත් ප්‍රකාශ වගේ ම යට ගියා. ජනමාධ්‍ය එයට නිසි ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ. අද සියල්ලන්ට ම පාහේ ඒ සිද්ධිය, එනම් රජිව් එසේ ප්‍රකාශ කළ බව අමතක වෙලා.

රාජපක්‍ෂලාට විරුද්ධව ඇති එක් චෝදනාවක් නම් මහජන මුදල් මැතිවරණ ව්‍යාපාරයට යොදා ගැනීම. රජිව් කලක් කෝප් කමිටුවේ සාමාජිකයකු වෙලා හිටියා. කෝප් කමිටුවට ඔහු කැඳවන්න බැහැ. එහෙත් ඔහුගේ ප්‍රකාශය ඉතා වැදගත්. රනිල් බැංකු කොල්ලයේ මුදල් එ ජා ප මැතිවරණ ව්‍යාපාරයට යෙදා ගත්තේ ද? බැංකු කොල්ලය කෙළේ ම 2015 අගොස්තු මැතිවරණය සඳහා එ ජා පක්‍ෂයට අරමුදල් සපයා ගැනීමට ද? අපට මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුයි.


මේ ආණ්ඩුව පත් කෙළේ බටහිරයන් හා ඉන්දියාව වුවත් ජ වි පෙ, දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය ආදී පක්‍ෂ බටහිරයන් හෝ ඉන්දියාව හෝ වෙනුවෙන් කටයුතු කළා. මහින්ද හොරා හොරා කියා වැඩියෙන් ම කෑ ගැසුවේ ඒ පක්‍ෂ. කෝප් කමිටු වාරාතාවක් ඉදිරිපත් කළ පමණින් ඔවුන්ගේ පවු සමා වන්නේ නැහැ. බැංකු කොල්ලයට සෘජුව නැතත් ඔවුන් වක්‍රව හවුල්. මෙි සියල්ල  කුඩා ළමුන්ගේ හොරා පොලිස් සෙල්ලමක් පමණක් ද?



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878



නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 29   

Friday, 21 October 2016

මෛත්‍රිට මහින්ද සරණයි


මෛත්‍රිට මහින්ද සරණයි


කොහේ ද යන්නෙ කියා ඇසූ විට මගේ මිතුරකු පැවසුවේ වයසට කියායි. අප සියළු දෙනාම තරුණ, මහළු කවුරුත් වයසට යනවා. මහළු අයට එය වැඩියෙන් තේරෙනවා. මාත් මහළුයි. මගෙත් කාලෙ ගෙවිලා. බොහෝ දෙනකුට මැන්ටල් එකක් පමණයි. ජනමාධ්‍යයෙ හා ජාතික ව්‍යාපාරයෙ තැනක් දෙන්නෙ ම නැහැ. මුහුණු පොතේ ඉන්නෙ ඒකයි. මුහුණු පොතේ බොහෝ දෙනකු මට ඊයේ උපන්දින සුබපැතුම් එවා තිබුණා, ඒ සැමට පින්.  ජනමාධ්‍යයට ගෑවිච්ච කිසිවකු සුබ පතලා තිබුණෙ නැහැ. මුහුණු පොතේ බොහෝ දෙනකුගේ මුහුණු දකින්න ලැබෙන්නේ නැහැ. දැකලත් නැහැ. ඒකට කමක් නැහැ. මේ දිනවල උපන්, උපදින අයගේ රවි නීචයි. රවි ප්‍රධාන ග්‍රහය නිසා එහෙම වෙන එක එච්චර හොඳ නැහැ. පඬියකු කියාවි රවි ග්‍රහයකු නොව තාරකාවක් කියලා. ඒ ග්‍රහයා හා ග්‍රහවස්තුව කියන්නෙ දෙකම එකක් කියලා අරගෙන. පඬියන්ට වරදින්නෙ එහෙමයි. රාහු කේතුත් ග්‍රහයො. ඒවා අහසෙ දකින්න නැහැ. ඒත් රාහු හඳ වගේම ඉරත් ගිලගන්නවා. චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ ඇති වන්නෙ එවිටයි. සිංහල අවුරුද්ද පොත කියෙවුවොත් ඒක තේරුම් ගන්න පුළුවන්. රවි නීච වුනත් සමහරුන්ට නීච භංග රාජ යෝග යෙදෙනවා. වාසනාවකට මට එහෙම යෝගයක් නැහැ. තිබුණ නම් 2020 ජනාධිපති සිහින මවන්න තිබුණා!  

Tuesday, 18 October 2016

ස්වාධීන කොමිසන් සභා ස්වාධීන ද?

ස්වාධීන කොමිසන් සභා ස්වාධීන ද?


ඉහත සඳහන් මාතෘකාව දුටු ගමන් ඇතැමුන් එහි පරස්පරයක් තියෙනව කියලා කියයි. මගේ පාසල් මිතුරකු මේ ළඟදි මගේ ලිපිවල වාක්‍ය අසම්බන්ධ හදිසියේ වෙනස්වන බව සඳහන් කර තිබුණා. තවත් පාසල් මිතුරකු කියා සිටියේ ගණිතඥයකු ලෙස මා තර්කානුකූල නැහැ කියා. පළමුවැන්නා ජාතිකත්වයට පක්‍ෂයි. දෙවැන්නා ජාතිකත්වයට විරුද්ධයි. මා කිසි දිනෙක ගණිතඥයකු වී සිටියේ නැහැ. මගේ තර්ක ගැන බොහෝ දෙනකු එතරම් පැහැදීමක් නැහැ. ඒත් මට ඇතැම් දේ නොකියා ඉන්න බැහැ.  උදය ගම්මන්පිල වැට් පනතට විරුද්ධව උසාවි ගිහිල්ලා. ඒ ගැන මගේ පැහැදීමක් නැහැ. ඔහු වැට් බද්දට විරුද්ධ වෙන්නෙ පළාත් සභාවල බලය ආරක්‍ෂා කරගන්න. බොහෝ දෙනාට මා කියන්නෙ කුමක් දැයි ප3හැදිලද වන එකක් නැහැ. පළාත් සභාවල බලය ටිකකින් හරි අඩුවෙනව නම් වැට් බද්දට වඩා එය වැදගත්. බන්දුල ගුණවර්ධන හා සිසිර ජයකොඩි කියන්නෙත් ගම්මන්පිල කියන දේ ම දැයිි පැහැදිලි නැහැ.

අල්ලස් හෝ දූෂණ හෝ විමර්ෂණ කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිට යවලා. ජනාධිපති එය පිළිගත්තේ ද නැත් ද යන්න පැහැදිලි නැහැ. ඒ ගැන අද දැනගන්න ලැබේවි. සමහරවිට ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගන්නත් බැරි නැහැ. ඒ ගැන අප එතරම් කරදර වන්න ඕනත් නැහැ. ආණ්ඩුවේ අර්බුදය මතුපිටට එන්නෙ මේ ආකාරයට. ඒත් මේ අර්බුදය තාවකාලිකව වුනත් සමනය කරගනීවි. ආණ්ඩුව ඊනියා ජාතික ආණ්ඩුවක් කියලා කිව්වට දහනවවැනි සංශෝධනය අර්ථයෙන්වත් එහෙම ජාතික ආණ්ඩුවක් නොවෙයි. මෙය එ ජා පක්‍ෂ ආණ්ඩුවක්. අර්බුදය ඒකයි. මේ ගමන අර්බුදය මතුවුනේ මෛත්‍රිපාලගෙ පුතා මුල් කරගෙන.

මේ ඊනියා ස්වාධීන කොමිසම් වග කියන්නේ පාර්ලිමේන්තුවටයි. ඒවා අමාත්‍යාංශයකට අයත් වන්නේ නැහැ.  ප්‍රශ්නය වන්නේ මේ ඊනියා ස්වාධීන කොමිසම් කොච්චර ස්වාධීන ද කියන එකයි. කොමිසම් පත්කිරීම හා එහි ක්‍රියාකාරීත්වය ආදිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 අ පරිච්ඡෙදයේ සඳහන් වෙනවා. මේ ස්වාධීන කොමිසම් හා සභාපතිවරුන් පත්කෙරෙන්නේ ව්‍යස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපති විසිනුයි. ප්‍රශ්නය වන්නේ ව්‍යවස්ථාදායක සභාව කොපමණ ස්වාධීන ද යන්නයි. එහි සභාපතිවරයා වන්නේ කතානායක. වර්තමාන පාර්ලිමේන්තුවේ කතානායක ස්වාධීන ද? අපක්‍ෂපාත ද? යුක්ති ගරුක ද? කරු ජයසූරිය එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට තරග කර පරාජය වූ අයෙක්. ඔහුට ඇමතිකමක් ලැබුණේ නැහැ. ඒ වෙනුවට කතානායක පදවිය ලැබුණා. ඔහුට අද එ ජා පක්‍ෂයට හා අගමැතිට විරුද්ධව වැඩ කළ හැකි ද? ඔහු තවමත් එ ජා පක්‍ෂයේ. ඒකාබද්ධ විපක්‍ෂය ඔහුගේ අපක්‍ෂපාතීත්වය ගැන කියන්නේ කුමක් ද? ඒකාබද්ධ විපක්‍ෂය ඔහුට චරිත සහතික දීමට ඉදිරිපත් වෙයි ද? ඔහු ඒකාබද්ධ විපක්‍ෂය නොපිළිගන්නේ නීතිය නිසා පමණක් ද?

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් අතර අගමැති හා විපක්‍ෂ නායක ඉන්නවා. බැලූ බැල්මට එතැන ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. ඒත් ඒ බැලූ බැල්මට. මේ විපක්‍ෂ නායකයා එක්සත් ජාතික පෙරමුණට විරුද්ධ ව යන අයකු නොවෙයි. අගමැති එක්සත් ජාතික පෙරමුණේ. විපක්‍ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ. අද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරියක් තේරී පත් වී ඇත්තේ එක්සත් ජාතික පෙරමුණෙන්. එය එසේ වන්නේ කෙසේ ද? ලංකාවේ ඇත්තේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ද?

ව්‍යස්ථාදායක සභාවේ එක් සාමාජිකයකු ජනාධිපති විසින් පත්කරන ලද මන්ත්‍රීවරයෙක්. මේ පාර්ලිමේන්තුවේ එසේ පත්කර තිබෙන්නේ ඇමතිවරයකු. ඔහුගේ මතය කාගේ මතය විය හැකි ද? පස්දෙනකු පත්කෙරෙන්නේ අගමැතිගේ හා විපක්‍ෂ නායකයාගේ නිර්දේශ මත ජනාධිපති විසින්. ඉන් දෙදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතුයි. අගමැති හෝ විපක්‍ෂ නායක හෝ අයත් නොවන පක්‍ෂයකින් මන්ත්‍රීවරයකු ද ව්‍යවස්ථාදායක සභාවට පත්වෙනවා.

ව්‍යවස්ථාදායක සභාවේ සම්මුතිය අනුව එය අපක්‍ෂපාතී ද? ස්වාධීන ද? මේ සුද්දන්ගේ බොරු ප්‍රජාතන්ත්‍රවාදයෙන් අපට උරුම කර දී තිබෙන දේ. ව්‍යවස්ථාදායක සභාවේ දහදෙනාගෙන් නව දෙනකු ම පත්කෙරෙන්නේ ජනාධිපතිට අගමැතිට හා විපක්‍ෂ නායකට අවශ්‍ය ආකාරයට. අර ස්වාධීන කොමිසම් කියන ඒවාට සාමාජිකයන් හා සභාපතිවරුන් නිර්දේශ කෙරෙන්නේ මේ ව්‍යවස්ථාදායක සභාවෙන්. ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන ද කියන එක තමයි ප්‍රධාන ම ප්‍රශ්නය. අප මෙතරම් රැවටෙන්නේ ඇයි?

ව්‍යවස්ථාදායක සභාව අපක්‍ෂපාතීවත්, ස්වාධීනවත් වන්නේ නැහැ. ඒකෙන් පත්කෙරෙන ඊනියා ස්වාධීන කොමිසම් සභා ගැන කියනුම කවරේ ද? 



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 18


Monday, 10 October 2016

බටහිර සතුරෝ හා මිතුරෝ


බටහිර සතුරෝ හා මිතුරෝ


අප බොහෝ දෙනකු බොහෝ කලක  සිට කියන දෙයක් මහින්ද රාජපක්‍ෂ පසුගිය ඔක්තෝම්බර් 09වැනි ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග කරන ලද සාකච්ඡාවක දී ප්‍රකාශ කරලා. බටහිරයන් තමා සමග තරහ වීමට හේතුව ඔවුන් කියන දේට සවන් නොදී දෙමළ ත්‍රස්තවාදය අවසන් කිරීම බව මහින්ද රාජපක්‍ෂ එහි කියා තිබෙනවා. මේ සාකච්ඡාවේ අදාළ කොටස මේ පිටුවේ එදින ම පළ කෙරුවා.  එහි සඳහන් අන්දමට බටහිරයන් මෙහෙයුම් නතර කිරීමට කියා තිබෙන නමුත් මහින්ද එයට අවනත වෙලා නැහැ.