Main Logo

Showing posts with label corruption. Show all posts
Showing posts with label corruption. Show all posts

Tuesday, 23 January 2018

මෛත්‍රිපාල උදවු ඉල්ලන්න ඕන කාගෙන් ද?

මෛත්‍රිපාල උදවු ඉල්ලන්න ඕන කාගෙන් ද?


මෛත්‍රිපාල හොරු අල්ලන්න ඔවුන්ට දඬුවම් කරන්න රනිල්ගෙන් උදවු ඉල්ලලා. තම අත ශක්තිමත් කරන ලෙස මෛත්‍රිපාල රනිල්ට කියලා. මෛත්‍රිපාල මේ ප්‍රකාශයෙන් කියන්නෙ කුමක් ද? ඔහු ශක්තිමත් නැති බව නම් පැහැදිලියි. ඔහු ජනාධිපති වුණෙ එ ජා ප ඡන්දවලින්. සිංහල බෞද්ධ ඡන්දවලින් නම් නො වෙයි. ඒ කියන්නෙ නාගරික සිංහල බෞද්ධ ඡන්ද ටිකක් ඔහුට නොලැබුණා කියන එක නො වෙයි. විශේෂයෙන් ම මුහුණු පොත ඇසුරු කරන නගරවල ජීවත්වන සිංහල බෞද්ධ තරුණ තරුණියන් යම් පිරිසක් මෛත්‍රිපාලට ඡන්දය දුන්නා. අවුරුදු එකහමාරක් පමණ මුහුණු පොත ඇසුරු කළ මට තේරෙන දෙයක් තමයි එහි ඉන්න අතිවිශාල පිරිසක් අප්‍රබුද්ධයන් බව. ඔවුන් සොයන්නෙ ඊනියා කෙටි කෑම, ක්‍ෂණික කෑම ආදිය පමණක් නොවෙයි ක්‍ෂණික දැනුම.

Tuesday, 1 November 2016

රනිල් පන්නා මහින්ද අගමැති කරමු

රනිල් පන්නා මහින්ද අගමැති කරමු



ඒකාබද්ධ විපක්‍ෂය සුපුරුදු පරිදි දින දෙක තුනක් වැරදි පාරක ගමන් කරමින් සිට දැන් හරි පාරට එන්න උත්සාහ කරනවා. මා ඒකාබද්ධ විපක්‍ෂයේ වන්දිභට්ටයෙක් නොවෙයි. ඒකාබද්ධ විපක්‍ෂයට දේශපාලන දැක්මක් නැහැ. අප සංධාන ආණ්ඩුවට පක්‍ෂ වූයේ එය යම් ප්‍රමාණයකට ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි නිසා. ඒ ආණ්ඩුවේ ජාතිකත්වයට විරුද්ධ අයත් සිටි බව අප අමතක කෙළේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ පඬියන් වන බොහෝ දෙනා ද මා ගැන සිතන්නේ අන්තවාදීයකු, ජාතිවාදියකු, මිථ්‍යාමතධාරියකු, දේශපාලනය නොදන්නා කෙනකු  ලෙසයි. මේ ලිපියෙහි සඳහන් කරුණු දෙසත් ඔවුන් බලනු ඇත්තේ ඒ දෘෂ්ටිකෝණයෙනුයි.