Main Logo

Tuesday 19 April 2022

අද මේ ලක් දෙරණේ සිදුවන්නේ කුමක් ද?

 අද මේ ලක් දෙරණේ සිදුවන්නේ කුමක් ද?

මා තනි පුද්ගලයෙක්. මට මිලියන ගණන් ප්රේක්ෂකයන් අනුගාමිකයන් නැහැ. ජාතික කඳවුරෙනුත් මා ප්රතික්ෂෙප වෙලා ඉන්නෙ. අවුරුද්දට කියල ජාතික කඳවුරෙන් හතර දෙනයි අපේ ගෙදරට ආවේ. ඉන් එක් අයෙක් ඕස්ත්රේලියාවේ ඉන්න අයෙක්. එක් අයෙක් ආවේ ඔත්තු බැලීමට. මා මේ ඊනියා අරගලය ගැන කියන්නෙ මොනව ද කියල දැන ගැනීමට. ඒ අමුතුවෙන් දැන ගැනීමට අවශ්ය නැහැ. මේ ලිපිවල ඒ සියල්ල තියෙනවා.
මෙරට ජනමාධ්ය මට කිසි තැනක් ලබා දෙන්නෙ නැහැ. දෙරණ දෙන්නෙත් නැහැ. ඔවුන් හිතන අපේ දේ ගැන නොවෙයි මා කියන්නෙ. අපේ දේ රැක ගන්නවා කීවත් ඔවුන් දේශීය දැනුම ගැන කිසිවක් කියන්නෙ නැහැ. දෙරණට වඩා ඒ දේ කතා කරන වෙනත් නාළිකා අද තියෙනවා. මා හිතන්නේ නැහැ දෙරණේ කිසිවකුවත් මගේ ලෝකය කියවා තේරුම් ගෙන තියෙනවා කියා. ඊනියා බෞද්ධ උගතුනුත් මගේ ලෝකය ප්රතික්ෂෙප කරනවා. මා දන්නේ නැහැ හාමුදුරුවරු කී දෙනකු මගේ ලෝකය කියවා තියෙනවා ද කියා.
මා මගේ ලෝකය පිටපතක් දෙරණට නොමිළයේ ලබා දීමට කැමැත්ත පළ කළත් ඔවුන්ට ඒ ලබා ගැනීමට අවශ්ය වුණේ නැහැ. දෙරණේ සියලු දෙනා ම පාහේ විිද්යාඥයන්. ඔවුන්ට දේශීය දැනුම ගැන විශ්වාසයක් නැහැ. ආසනික් අවස්ථාවේත් පසුගිය දා අලි හෙම්බිරිස්සාව අවස්ථාවේත් අපට එය දැක ගන්නට පුළුවන් වුණා. තව විස්තර පසුවට. ජනමාධ්ය මට අවස්ථාවක් ලබා නොදුන්නත් මගේ ලිපි යම් පිරිසක් අතරට යනවා. එපමණක් නොවෙයි මා ප්රතික්ෂෙප කරන ජාතිකවාදීන්ටත් ඒ අදහස් අවශ්ය වෙනවා. ඔවුන් පසුව ඒ අදහස් තමන්ගේ අදහස් මෙන් ප්රකාශ කරනවා. ඒකත් හොඳයි.
අද ඇති වී තියෙන අර්බුදය ගෝඨාභය ඇති කළ එකක් නො වෙයි. එය පහුගිය අවුරුදු හැත්තෑවක පමණ කාලයක අපේ අධිපරිභෝජනය බොරු ෂෝක් හා බොරු උගත්කම නිසා ඇති වූවක්. අපේ ආදායමට වඩා වියදම වැඩියි. පහුගිය අවුරුදු දෙකේ අපට ඔළුව උස්සන්න බැරි වුණේ ගෝඨාභය හොරකම් කළ නිසා නොව ප්රේෂණ උණ්ඩියල් වීමත් සංචාරක ව්යාපාරය කඩා වැටීමත් නිසා. එයට අමතර ව්යාපාරිකයන්ගේ හොරමැර කම් තියෙනවා. ඒ සමහර දේ මා පහුගිය ලිපිවල කියා ඇති. නිලධාරීන්ගේ මාෆියා නිසාත් ප්රශ්න උග්ර වෙනවා. ඒ මදිවට අද වෘත්තීය සමිති ව්යාපාරය තම වෘත්තිය කර ගත් පිරිසක් ද ඉන්නවා.

අද ආර්ථික අර්බුදයට නොව දේශපාලන අර්බුදයට හේතුව නම් බැසිල් රාජපක්ෂ. ගෝඨාභය ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට රාජපක්ෂලා විරුද්ධ වුණා. එහෙත් ජාතික බලවේගවල ශක්තිය නිසා එදා සුගතදාස ගෘහස්ථ ක්රීඩාගාරයේ දී මහින්ද රාජපක්ෂට තම සහෝදරයා ජනතාවට භාර දීමට සිදු වුණා. වියත්මග හෝටල්වල රැස්වීම් තිබීම නිසා ගෝඨාභයට අපේක්ෂකත්වය හිමි වුණෙ නැහැ. එහෙත් ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු ජාතික කඳවුර සමග තිබූ සම්බන්ධය නැති වුණා. ආණ්ඩුව ඇතුළේ ජාතික කඳවුර නියෝජනය වුණේ විමල් වීරවංශ ප්රමුඛ පිරිස අතින්.
මා සිටියේ ආණ්ඩුවෙන් පමණක් නොව ජාතික කඳවුරෙනුත් පිට. මට තානාපති රස්සාවක් නම් ලැබුණා. ඒ මා ආණ්ඩුකාරකමක් ප්රතික්ෂෙප කළ පසුබිමක. පසුව තානාපති කෙනකු වීමට කැමති දැයි ජනාධිපතිතුමා විමසු අවස්ථාවේ මා කියා සිටියේ ථෙරවාදී රටක නම් පිළිගන්නම් කියා. මට අවශ්ය වූයේ ථෙරවාදී රටවල් අතර සම්බන්ධයක් ගොඩ නැගීමට. එහෙත් වසංගතය නිසා එය කරන්න තරම් තත්වයක් උදා වුණේ නැහැ. මා ආපසු ආවා.
බැසිල් රාජපක්ෂට ජනතාවගේ ප්රසාදයක් නැති වුණත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අතර බලයක් තියෙනවා. මහින්දට ජනතාව අතර බලයක් තියෙනවා. ගෝඨාභයට එවැනි බලයක් තිබුණේ නැහැ. ජාතික කඳවුරට ගෝඨාභය සමග වැඩ කිරීමේ මගක් තිබුණේ නැහැ. මා බැසිල්ට විරුද්ධ වුණේ බොහෝ කලකට පෙර. ඒ ඔහුගේ කිසිම ජාතිකත්වයක් නැති නිසා. එහෙත් එදා බොහෝ අය බැසිල් දැක්කේ මහා පුරුෂයකු ලෙස. ඔහු සාමාන්ය පුද්ගලයෙක්. ඔහුට යම් සංවිධාන ශක්තියක් තියෙනවා. එපමණයි. ජාතික කඳවුර හා ගෝඨාභය රාජපක්ෂ අතර වැඩ කිරීමේ දී පාලමක් තිබුණේ නැහැ. මේ සියල්ලෙහි ප්රතිඵලය වූයේ බැසිල් බලවත් වීමයි.
ජාතික කඳවුරට බැසිල් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්රතිපත්තිය සකස් කර ගැනීමට බැරි වුණා. ඔවුන් බැසිල් විවේචනය කළා. එහෙත් එයින් වැඩක් වුණේ නැහැ. මේ අතර බටහිරයන් ජනතාව අතර සර් ෆේල් ව්යාපෘතිය පටන් අරන් තිබුණා. ඔවුන් කතෝලික සභාව මගින් අර මහමොළ කතාව පටන් ගත්තා. අවසානයේ කාදිනල්තුමා මුස්ලිමුන් පාස්කු ප්රහාරයෙන් නිදොස් කර නිදහස් කෙරුවා. කතෝලික මුස්ලිම් සමගියක් ඇති කෙරුණා. පාස්කු ප්රහාරය ගෝඨාභය බලයට පත් කිරීමට සහාරාන් කරන ලද්දක් ය යන මතයක් ජනතාව අතර පැතිර වීමට සමත් වුණා.
ආර්ථික අර්බුදයට හේතු මා ලිපිවල සඳහන් කර ඇති නමුත් ඒවාට ජනමාධ්යයෙහි ප්රචාරයක් ලැබුණේ නැහැ . ආර්ථික අර්බුදයට හේතුව රාජපක්ෂලා හොරකම් කිරීම යන මිථ්යාව පැතිරවීමට සිවල් සමාජ ඊනියා රාජ්ය නොවන සංවිධාන සමත් වුණා. දෙරණ එහි දී සිරස පැරදවීමට මිස කරුණු පැහැදිලි කිරීමට උත්සාහ ගත්තේ නැහැ. මා මෙපමණ ලිපි ලියද්දිත් මගේ මතය විමසීමට ඔවුන් උනන්දු වුණේ නැහැ. පසුව අලුත් අවුරුද්දට පෙර මා එහි නිෂ්පාදකයකුට කතා කර වැඩ සටහනක් ලබා ගත් නමුත් එය පටිගත කෙරුණු නමුත් පටිය නරක් වෙලා! එය ප්රචාරය වුණෙ නැහැ.
කොහොම නමුත් ආර්ථක අර්බුදය ගෝඨාභයගේ අකාර්යක්ෂමතාව නිසා සිදු වුවක් බවට මතයක් ඇති කිරීමට බ්රවුන්රිග්ගේ මුණුබුරු මහා මොළකරුවන්ට හැකි වුණා. එය ජාතිකත්වයක් නැති බැසිල්ට නොව යම් ජාතිකත්වයක් ඇති ගෝඨාභයට විරුද්ධ ව වීම ගැන මට නම් පුදුමයක් නැහැ. මෙය ගෝ ගෝඨා නොව ගෝ බුද්ධ ව්යාපාරයක්. ආණ්ඩුව තුළ සිටි මාක්ස්වාදය මුසුකර ගත් ජාතිකත්ව කඳවුරේ පිරිස බැසිල්ට විරුද්ධ වීම පමණක් සිදු කර අවසානයේ නහයත් එක්ක තරහට මුහුණ කපා ගත්තා.
එහෙත් අද ඒ සියල්ල මැද ගෝඨාභය තරමක් ශක්තිමත් වෙලා. අද ඔහු අතින් විවේචනය වන්නෙ බැසිල් ප්රතිපත්ති. මා එයට කැමති වගේ ම අකමැතියි. ඒක තේරෙන්නෙ නැත්තන් මගේ ලෝකය කියවන්න. අද ජාමුලෙට ගිහින් හෙට අධ්යාපන පහසුකම් සෞඛ්ය පහසුකම් කපා දමන විට ඔය ඊනියා අරගලය මෙරට මෙහෙයවන්නන් කුමක් කරාවි ද? රසායනික පොහොර නැවත්තුවෙ පුංචි බණ්ඩාගේ අංකගණිතය අනුව මිස දේශීය ගොවිතැන නගා සිටුවීමට නො වෙයි. පුංචි බණ්ඩාගේ හා ලොකු බණ්ඩාගේ ප්රතිපත්ති වැරදි බව පිළිගැනීම එකක්. එහෙත් කළ යුතු දේ පසුව හරි කරන්න ඕන.
බැසිල් සමහර විට ඇමතිකම් නැති වූ ඊනියා ජ්යෙෂ්ඨයන් කිහිප දෙනකු අල්ලා ගෙන අර තරුණයන් කියන විධියට අල කරන්න උත්සාහ ගනීවි. සමහර විට විශ්වාසභංගයට ඒ අය සහාය දෙන්නත් පුළුවන්. ඊට පස්සෙ පිහිටුවන ආණ්ඩුව කුමක් ද? ඊනියා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් ද? එ කුමක් වුවත් මෙහි ඇත්තේ ගෝ බුද්ධ ව්යාපාරය. අද ඒ බව ඇතැම් ජාතිකවදීන්ට පමා වෙලා අවබෝධ වෙලා. ඔවුන් අද පඬි කතා කියනවා. ආණ්ඩුව පළවා හැරීම හා රාජ්යය නැති කිරීම ගැන. මේ ආණ්ඩුව පළවා හැරීම යනු සිංහල බෞද්ධ රාජ්යයක් වෙත යෑමට ඇති මගක් නැති වෙන බව මේ මාක්ස්වාදී නටබුන්වලට නොතේරෙනවා වෙන්න පුළුවන්. දෙරණට සිරස පරාජය කිරීමෙන් පසු ඉතිරි වන්නේ කුමක් ද කියා මා කියන්න අවශ්ය නැහැ.

වමක් නැති වමාලා ගැන මොනව කියන්න ද? වමක් නැති ව සකර්බර්ග් අනාථ කඳවුරේ නර්මාලාප හා නිර්මාලාප දොඩවන්නන් ආවඩන්නේ සජිත්ට ද රනිල්ට ද? රනිල්දාසට ද කියා මා අහන්නේ නැත්තේ ඔහුට කිසිම අවස්ථාවක් නැති නිසා. ඔවුන් බැරිවෙලාවත් දියසේන කුමාරයා එනතුරු බලා සිටිනවා ද? ඔවුන් බලාපොරෙත්තුවන ආර්ථිකය සමාජවාදී ද? නව ලිබරල්වාදී ද? වෙන මොකක්වත් ද? අද වමාලාට ඇත්තේ එක ම එක සරණයි. ඒ මුසාව හා රැවටීම මත පමණක් පදනම් වූ ක්‍රිස්තියානි නූතනත්ව සරණයි. ඊනියා නව ලිබරල් ආර්ථිකය හැරෙන්න වෙනත් ආර්ථිකයක් ඔවුන්ට නැහැ.


.
No photo description available.
Shiran Anurudda, Kumara Kaluarachchi and 25 others
2 Shares