Main Logo

Tuesday 5 April 2022

සිස්ටන් චේන්ජ් කිරීමට නොව පාර්ලිමේන්තුව වෙනස් කිරීමට ආරාධනයක්

 

සිස්ටන් චේන්ජ් කිරීමට නොව පාර්ලිමේන්තුව වෙනස් කිරීමට ආරාධනයක් 

 

අද බොහෝ දෙනා සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනවා. ඒ වෙනස් කරල ඇති කරන ක්‍රමය මොකක් ද කියල කවුරුන්වත් කියන්නෙ නැහැ. සමහරව විට ඔවුන් සිස්ටන් චේන්ජ් එකක් ඉල්ලනවා ද දන්නෙ නැහැ. ඇතැමුන් කතා කරන කියුබාවෙ නම් මෙරට තියෙනවා වගේ බලුකපුටු ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. එහෙදි මේ වගේ කලබල කළොත් කල්දේරම් බත් කන්න තමයි වෙන්නෙ.

 

දැන් මේ රටේ තියෙන බලුකපුටු ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඊනියා සිස්ටම් චේන්ජ් කරන්න බැහැ. සිස්ටන් නම් චේන්ජ් කරන්න පුළුවන්. ඒ කොහොම වෙතත් අද එංගලන්තය තාවකාලික ජයග්‍රහණයක් ලබා ගෙන තියෙනවා. ඔවුන්ගෙ ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යන්න පුළුවන්. වෙනත් ක්‍රමයක් වෙනත් අය යෝජනා කරන්නෙ නැති නිසා හා කරන්න බැරි නිසා ඔවුන්ට දිගට ම තම ක්‍රමය පව්වාගෙන යන්න පුළුවන්.

 

අද සිංහලයන් සිංහලයන්ට විරුද්ධ ව පෙළපාලි යනවා. උද්ඝෝෂණය කරනවා. මෙ ගැන විස්තරයක් පස්සෙ කරන්න ඕන. මේ සියල්ල පටන් ගත්තෙ ගෝඨාභය රාජපක්‍ෂ සිංහල ඡන්දවලින් පමණක් බයට පත්වුණාට පස්සෙ. එයට බය වුණු ඉංගිරිසින්ගෙ සැලැස්ම අද ක්‍රියාත්මක වෙනවා. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා කියපු දෙයක් තමයි මේ කහකඩයෝ (හාමුදුරුවරු) ඉන්නකන් ඉංගිරිසින්ට රට පාලනය කරන්න බැරි බව. අද ඉංගිරිසින් ඉන් අවුරුදු දෙසියයකටත් පස්සෙ හාමුදුරුවරු හා සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන තත්වයකට ගෙනැවිත්.

 

ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත්වෙලා මාස දෙකක් යන්න කලින් සර් ෆේල් කියන පාඨය නිර්මාණය කෙරුණා. මිනිහකුට සමත් වෙන්න හරි අසමත් වෙන්න හරි මාස දෙකකින් බැහැ. ඉංගිරිසිකාරයන්ගෙ පාඨය අපේ අනුකාරකයන් ගිල්ල. අද වන විට සංගක්කාරගෙ බිරියගෙ පටන් චතුර අල්විස් හරහා උමාරා සිංහවංශ දක්වා පිරිස් ජනතාවට ආදරයෙන් සිස්ටම් චේන්ජ් කතා කරනරවා. ඒත් කිසිවකු කුමකට වෙනස් කරනවා ද කියා කියන්නෙ නැහැ.

 

ව්‍යවස්ථාව අනුව අද කළ හැකි එක ම එක දෙයයි. පාර්ලිමේන්තු සිස්ටන් එක වෙනස් කරන එක නො වෙයි.  ව්‍යවස්ථාව අනුව ඊනියා භාරකාර ආණ්ඩුවක් හරි අන්තර්කාලීන ආණ්ඩුවක් තියෙන්න පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හැරියට පස්සෙ ඊළඟ මැතිවරණය පැවැත්වෙන තෙක්. 74/78 වගන්තියෙන් එය කරන්න බැහැ.

 

මා යෝජනා කරනවා එය ඉටු කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියා. එය කළ හැක්කේ අද තියෙන තත්වයට අනුව පාර්ලිමේන්තුව විසින් ම යෝජනාවක් ඉදිරිපත් කර ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමෙන් පමණයි. අදාළ 70 (1) වගන්තිය මෙහි ඉංගිරිසියෙන් පළවෙනවා. මා හිතනවා විමල් වීරවංශ මහතා හා උදය ගම්මනපිල මහතා ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර භාරකාර ආණ්ඩුවක් පත් කර ගන්න කටයුතු කරාවි කියා. එහෙමත් නැත්නම් අනුර දිසානායකට හා විජිත හේරත්ට එය කරන්න පුළුවන්. ඔවුන් සිස්ටන් චේන්ජ් කරන්න කතා කරන අය.  නැහැ සිස්ටම් චේන්ජ් කරන්න.

 

70. [ (1) The President may by Proclamation, summon, prorogue and dissolve Parliament: Provided that the President shall not dissolve Parliament until the expiration of a period of not less than four years and six months from the date appointed for its first meeting, unless Parliament requests the President to do so by a resolution passed by not less than two-thirds of the whole number of Members (including those not present), voting in its favour .]