Main Logo

Saturday 20 August 2016

ශාන්තිකර සුරදූතයා



ශාන්තිකර සුරදූතයා



ශාන්තිකර සුරදූතයා හෙවත් පැසිෆික් ඒන්ජල් මෙහෙයුම දැන් යාපනයේ ක්‍රියාත්මක වෙනවා. එය අගෝස්තු 17 සිට 22 දක්වා පැවැත්තෙවනවා. මෙහි ඇමරිකානු එක්සත් රාජ්‍යයන්ට අමතරව නේපාලය, බංග්ලාදේශය වැනි රටවල අය ද සිටින බව කියැවෙනවා. ඉංජිනේරුවන් වෛද්‍යවරුන් ආදීන් ඒ මෙහෙයුමේ සිටින බව අගෝස්තු 19 වැනි දින දි අයිලන්ඩ් පුවත්පතේ වාර්තාවක් අනුව පැහැදිලියි. ඇඑරා මේ මෙහෙයුම යාපනයේ ක්‍රියාත්මක කරන එක අපට හිතාගන්න පුළුවන්. ඒ සඳහා විවිධ හේතු දේවි. ඒත් මොණරාගල දිස්ත්‍රික්කයට යෑමට ශාන්තිකර සුරදූතයා හිතලා නැහැ. පසුව හිතාවිද දන්නේ නැහැ.


මේ සුරදූත මෙහෙයුම ගැන  මට ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න බොහෝ අයට නැති බව පැහැදිලියි. අයෙකුට කියන්න පුළුවන් මා නම්‍යශීලී නැහැ කියා. එහෙමත් නැත්නම් මට මේ කිසිවක් තේරෙන්නේ නැහැ කියා. ඒ මොකක් කීවත් මට ප්‍රශ්නයක්් නැහැ. මට නොතේරෙන බොහෝ දේ අනෙක් අයට තේරෙනවා වෙන්න පූළුවන්. මට අඩු තරමේ තේරෙනවා කියන එකවත් මොකක්ද කියලා කියන්න බැහැ. පරස්පරයක් වුනත් තේරෙනවා කියන එක තේරෙනවා ද? තේරෙනවා යැයි හිතන කෙනෙකු ප්‍රතිචාර ඒකට දක්වන්න ඕනෙ නැහැ.

සුරදූත මෙහෙයුම ප්‍රශ්නයක් වෙන්නෙ මුලින්ම උතුරු පළාත් සභාවේ මහා ඇමති විග්නේස්වරන් නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතට කරලා තිබුන ප්‍රකාශයක් නිසා. මා ඒ ප්‍රකාශය දැනගත්තෙත් දි අයිලන්ඩ් පුවත්පතෙන්. වීිග්නේස්වරන් කියා තිබුණෙ ඇඑරා ගුවන් හමුදාවේ වෛද්‍යවරුන් ලංකා හමුදාව විස එන්නත් කිරීම නිසා රේගී වී ඇති එල් ටී ටී ඊ සාමාජිකයන් පරීක්‍ෂා කරාවි කියා. මෙය භයානක ප්‍රකාශයක්. විග්නේස්වරන් දැනටමත් තීරණය කරලා ඉවරයි අපේ හමුදාව රඳවාගෙන සිටි කොටින්ට විස එන්නත් කරලා කියලා. විග්නේස්වරන් ඒ තීරණයට ආවෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ඔහු විනිසුරුවකු ලෙස තීරණවලට ආවෙ කොහොමද කියන එකත් ප්‍රශ්න කරන්න වෙනවා. ඔහු කරන මෙවැනි ප්‍රකාශ පිළිගන්න ඉන්දියාව වගේ ම බටහිර රටවල් ද සූදානමින් ඉන්නවා. ඔහු කරන්නෙ ඔවුන්ට අවශ්‍ය ප්‍රකාශ. ඔහු කියන නිසා ඔවුන් ඒ පිළිගන්නවා නොවෙයි. බටහිරයන්ට අවශ්‍ය අපේ හමුදාව ලෝකෙ තියෙන ම්ලේච්ඡම හමුදාව කියලා කියන්න. සුරදූතයන් විග්නේස්වරන් කියන විධියට පරී’ක්‍ෂා කරනවද කියලා කවුරුන්වත් කියන්නෙ නැහැ. ඉරණමඩුවෙ බුදු පිළිමය තහනම් කරන්නයි පොංගු තමිල් පවත්වන්නයි විග්නේස්වරන් කතා කරනවා. චම්පක උපාසක මහත්තයා සිල් බිඳගෙන ද?

මේ සුරදූත වෛද්‍යවරුන්ට ලංකාවෙ වෙදකම් කරන්න අවසර තියෙනවා ද? ශ්‍රී ලංකා වෛද්‍ය සභාව බටහිර වෛද්‍යවරුන් ලියා පදිංචි කිරීමේ දී කොන්දේසි දානවා. පිටරට විශ්වවිද්‍යාලයක උපාධි ගත් පමණින් මෙහේ ලියා පදිංචි වෙන්න බැහැ. ඉංජිනේරුවන්ට එහෙම නැහැ. ඔවුන්ට පස්සෙ නම් වරලත් සුදුසුකම් ලැබෙනවා. ඒත් ඒ වරලත් කියන එක රැකියාවකට මූලික සුදුසුකමක් නොවෙයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙ මේ කොන්දේසි ආධුනිකයන්ට පමණක් ද? ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිටරට විශ්වවිද්‍යාල රාශියක උපාධි පිළිගන්නවා. ඒ මොන නිර්ණායක අනුව ද කියලා මා දන්නේ නැහැ. ඒ විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් ඊආර්පීඑම් පරීක්‍ෂණයට පෙනී ඉඳලා සමත් වෙන්න ඕන. ආධුනික නොවන බටහිර වෛද්‍යවරුන්ට මේ කොන්දේසි බලපාන්නෙ නැදද? සුරදූත වෛද්‍යවරුන් අර වෛද්‍ය සභාව පිළිගත් පිටරට විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් ද? ඔවුන් ඊආර්පීඑම් පරීක්‍ෂණයෙන් සමත්වෙලා තියෙනවා ද? ඒ කොන්දේසි නවන්න පුළුවන් ද? එසේ නවන්න නම් අවුරුදු කීයක පුහුණුවක් තියෙන්න ඕන ද? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙ කොන්දේසිවල නැවීමක් ගැන සඳහන් වෙනව ද? මාලබේ ශිෂ්‍යයන් ඊආරපීඑම් පරීක්‍ෂණයට පෙනී සිටින්න විරුද්ධ වෙන්නෙ ඔවුන් පිටරට ආයතනයක නොව මෙරට ආයතනයක උපාධිධාරින් වන නිසා ද? වෛද්‍ය සභාවට බැරි කමක් නැහැ ඒ පරීක්‍ෂණයට වෛද්‍ය උපාධිධාරීන් සියල්ලන්ම පෙනී සිටිය යුතුය කියා මෙරට රජයේ විශවවිද්‍යාලවල උපාධිධාරීන්  එයින් නිදහස් කරන්න. එහෙමත් නැත්නම් රජයේ විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් හැරෙන්නට අන් සියළු වෛද්‍ය උපාධිධාරීන් ඒ පරික්‍ෂණයට පෙනී සිටිය යුතු බවට කොන්දේසියක් පැනවීමට. 

ඒ කොහොම වුනත් ශාන්තිකර සුරදූත වෛද්‍යවරුන් දැනටමත්  ලංකාවේ වෙදකම් කරනවා. ඔවුන් විස එන්නත් පරීක්‍ෂණ කළත් නැතත් ඔවුන්ට ලංකාවේ වෙදකම් සැත්කම් කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නය තියෙනවා. මෙරට ලියා පදිංචි වී නැති ඔවුන්ගේ නිගමන අප පිළිගත යුතු ද? මෙය ලංකාවේ ලියා පදිංචි වෛද්‍යවරයකු යම් නියැදියක් පිටරට යවා වාර්තාවක් ලබාගෙන නිගමනයකට පැමිණෙනවට වෙනස්. ලංකාවට එන බටහිර වෛද්‍යවරුන් විග්නේස්වරන් ළඟ ලියා පදිංචි වීමේ් නීතියක් තියෙනව ද? නීතිය නැවීමෙන් එවැනි අර්ථකථනයක් දීමේ ඉඩක් තියෙනවා ද? මට තේරෙන්නෙ නැති නිසා මා ප්‍රශ්න අසනවා.
නැවත අගෝස්තු 23 වැනි දා හමුවෙමු. ඒ වන වීිට සුරදූතයන් ගිහින් ඉඳියි ද දන්නේ නැහැ.

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා
2016 අගෝස්තු 20










2016 අගෝස්තු 20නලින් ද සිල්වාhttps://www1.kalaya.orghttps://www.facebook.com/Nalin-de-Silva-188511888194878/මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද/ කාලය වෙබ් අඩවියෙන් ද  කියවිය හැකි යි. නැවත අගෝස්තු 23 වැනි දා හමුවෙමු. ඒ වන වීිට සුරදූතයන් ගිහින් ඉඳියි ද දන්නේ නැහැ.ඒ කොහොම වුනත් ශාන්තිකර සුරදූත වෛද්‍යවරුන් දැනටමත්  ලංකාවේ වෙදකම් කරනවා. ඔවුන් විස එන්නත් පරීක්‍ෂණ කළත් නැතත් ඔවුන්ට ලංකාවේ වෙදකම් සැත්කම් කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නය තියෙනවා. මෙරට ලියා පදිංචි වී නැති ඔවුන්ගේ නිගමන අප පිළිගත යුතු ද? මෙය ලංකාවේ ලියා පදිංචි වෛද්‍යවරයකු යම් නියැදියක් පිටරට යවා වාර්තාවක් ලබාගෙන නිගමනයකට පැමිණෙනවට වෙනස්. ලංකාවට එන බටහිර වෛද්‍යවරුන් විග්නේස්වරන් ළඟ ලියා පදිංචි වීමේ් නීතියක් තියෙනව ද? නීතිය නැවීමෙන් එවැනි අර්ථකථනයක් දීමේ ඉඩක් තියෙනවා ද? මට තේරෙන්නෙ නැති නිසා මා ප්‍රශ්න අසනවා. මේ සුරදූත වෛද්‍යවරුන්ට ලංකාවෙ වෙදකම් කරන්න අවසර තියෙනවා ද? ශ්‍රී ලංකා වෛද්‍ය සභාව බටහිර වෛද්‍යවරුන් ලියා පදිංචි කිරීමේ දී කොන්දේසි දානවා. පිටරට විශ්වවිද්‍යාලයක උපාධි ගත් පමණින් මෙහේ ලියා පදිංචි වෙන්න බැහැ. ඉංජිනේරුවන්ට එහෙම නැහැ. ඔවුන්ට පස්සෙ නම් වරලත් සුදුසුකම් ලැබෙනවා. ඒත් ඒ වරලත් කියන එක රැකියාවකට මූලික සුදුසුකමක් නොවෙයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙ මේ කොන්දේසි ආධුනිකයන්ට පමණක් ද? ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිටරට විශ්වවිද්‍යාල රාශියක උපාධි පිළිගන්නවා. ඒ මොන නිර්ණායක අනුව ද කියලා මා දන්නේ නැහැ. ඒ විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් ඊආර්පීඑම් පරීක්‍ෂණයට පෙනී ඉඳලා සමත් වෙන්න ඕන. ආධුනික නොවන බටහිර වෛද්‍යවරුන්ට මේ කොන්දේසි බලපාන්නෙ නැදද? සුරදූත වෛද්‍යවරුන් අර වෛද්‍ය සභාව පිළිගත් පිටරට විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් ද? ඔවුන් ඊආර්පීඑම් පරීක්‍ෂණයෙන් සමත්වෙලා තියෙනවා ද? ඒ කොන්දේසි නවන්න පුළුවන් ද? එසේ නවන්න නම් අවුරුදු කීයක පුහුණුවක් තියෙන්න ඕන ද? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙ කොන්දේසිවල නැවීමක් ගැන සඳහන් වෙනව ද? මාලබේ ශිෂ්‍යයන් ඊආරපීඑම් පරීක්‍ෂණයට පෙනී සිටින්න විරුද්ධ වෙන්නෙ ඔවුන් පිටරට ආයතනයක නොව මෙරට ආයතනයක උපාධිධාරින් වන නිසා ද? වෛද්‍ය සභාවට බැරි කමක් නැහැ ඒ පරීක්‍ෂණයට වෛද්‍ය උපාධිධාරීන් සියල්ලන්ම පෙනී සිටිය යුතුය කියා මෙරට රජයේ විශවවිද්‍යාලවල උපාධිධාරීන්  එයින් නිදහස් කරන්න. එහෙමත් නැත්නම් රජයේ විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් හැරෙන්නට අන් සියළු වෛද්‍ය උපාධිධාරීන් ඒ පරික්‍ෂණයට පෙනී සිටිය යුතු බවට කොන්දේසියක් පැනවීමට.  සුරදූත මෙහෙයුම ප්‍රශ්නයක් වෙන්නෙ මුලින්ම උතුරු පළාත් සභාවේ මහා ඇමති විග්නේස්වරන් නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතට කරලා තිබුන ප්‍රකාශයක් නිසා. මා ඒ ප්‍රකාශය දැනගත්තෙත් දි අයිලන්ඩ් පුවත්පතෙන්. වීිග්නේස්වරන් කියා තිබුණෙ ඇඑරා ගුවන් හමුදාවේ වෛද්‍යවරුන් ලංකා හමුදාව විස එන්නත් කිරීම නිසා රේගී වී ඇති එල් ටී ටී ඊ සාමාජිකයන් පරීක්‍ෂා කරාවි කියා. මෙය භයානක ප්‍රකාශයක්. විග්නේස්වරන් දැනටමත් තීරණය කරලා ඉවරයි අපේ හමුදාව රඳවාගෙන සිටි කොටින්ට විස එන්නත් කරලා කියලා. විග්නේස්වරන් ඒ තීරණයට ආවෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ඔහු විනිසුරුවකු ලෙස තීරණවලට ආවෙ කොහොමද කියන එකත් ප්‍රශ්න කරන්න වෙනවා. ඔහු කරන මෙවැනි ප්‍රකාශ පිළිගන්න ඉන්දියාව වගේ ම බටහිර රටවල් ද සූදානමින් ඉන්නවා. ඔහු කරන්නෙ ඔවුන්ට අවශ්‍ය ප්‍රකාශ. ඔහු කියන නිසා ඔවුන් ඒ පිළිගන්නවා නොවෙයි. බටහිරයන්ට අවශ්‍ය අපේ හමුදාව ලෝකෙ තියෙන ම්ලේච්ඡම හමුදාව කියලා කියන්න. සුරදූතයන් විග්නේස්වරන් කියන විධියට පරී’ක්‍ෂා කරනවද කියලා කවුරුන්වත් කියන්නෙ නැහැ. ඉරණමඩුවෙ බුදු පිළිමය තහනම් කරන්නයි පොංගු තමිල් පවත්වන්නයි විග්නේස්වරන් කතා කරනවා. චම්පක උපාසක මහත්තයා සිල් බිඳගෙන ද? මේ සුරදූත මෙහෙයුම ගැන  මට ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න බොහෝ අයට නැති බව පැහැදිලියි. අයෙකුට කියන්න පුළුවන් මා නම්‍යශීලී නැහැ කියා. එහෙමත් නැත්නම් මට මේ කිසිවක් තේරෙන්නේ නැහැ කියා. ඒ මොකක් කීවත් මට ප්‍රශ්නයක්් නැහැ. මට නොතේරෙන බොහෝ දේ අනෙක් අයට තේරෙනවා වෙන්න පූළුවන්. මට අඩු තරමේ තේරෙනවා කියන එකවත් මොකක්ද කියලා කියන්න බැහැ. පරස්පරයක් වුනත් තේරෙනවා කියන එක තේරෙනවා ද? තේරෙනවා යැයි හිතන කෙනෙකු ප්‍රතිචාර ඒකට දක්වන්න ඕනෙ නැහැ. ශාන්තිකර සුරදූතයා හෙවත් පැසිෆික් ඒන්ජල් මෙහෙයුම දැන් යාපනයේ ක්‍රියාත්මක වෙනවා. එය අගෝස්තු 17 සිට 22 දක්වා පැවැත්තෙවනවා. මෙහි ඇමරිකානු එක්සත් රාජ්‍යයන්ට අමතරව නේපාලය, බංග්ලාදේශය වැනි රටවල අය ද සිටින බව කියැවෙනවා. ඉංජිනේරුවන් වෛද්‍යවරුන් ආදීන් ඒ මෙහෙයුමේ සිටින බව අගෝස්තු 19 වැනි දින දි අයිලන්ඩ් පුවත්පතේ වාර්තාවක් අනුව පැහැදිලියි. ඇඑරා මේ මෙහෙයුම යාපනයේ ක්‍රියාත්මක කරන එක අපට හිතාගන්න පුළුවන්. ඒ සඳහා විවිධ හේතු දේවි. ඒත් මොණරාගල දිස්ත්‍රික්කයට යෑමට ශාන්තිකර සුරදූතයා හිතලා නැහැ. පසුව හිතාවිද දන්නේ නැහැ.